රාජපක්ෂ උද්‍යානයේ කපාදැමු ගහට මීගමුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයෙන් කිසිදු අවසරයක් අරන් නෑ !

0
104
අවසර නොගෙන කැපු ගස
අවසර නොගෙන කැපු ගස
අවසර නොගෙන කැපු ගස

මීගමුව රාජපක්ෂ උද්‍යානයේ වසර 80 කටත් වඩා පැරණි ගසක් කපා ඉවත් කිරිම පිළිබදව දැන් අදාල ක්ෂේත්‍රවල බලධාරින්ගේද අවධානය යොමුව තිබේ.
මේ සම්බන්ධයෙක් ශ්‍රිලනිප මීගමුව සංවිධායක ලලිත් ටෙන්සිල් මහතා නියෝජ්‍ය කොමසාරිස්වරියගෙන් කළ විමසුමකට පිළිතුරු දෙමින් ඇය කියා ඇත්තේ මේ ගස පිළිබදව පැමිණිල්ලක් ලැබි තිබුණු බැවින් එය කපා ඉවත් කරළ බවය.
මේ ගස කපා ඉවත් නොකර, ගත යුතු වෙනත් ක්‍රියාමාර්ග කිසිවක් ගෙන තිබුණු  බවක් ඇය එහිදි පවසා තිබුනේ නැත.
එමෙන්ම මේ පිළිබදව අප මීගමුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයෙන්  කළ විමසුුමකදි  දැනගන්නට ලැබුණේ  සිටියේ මේ ගැන කිසිදු දැනුම් දිමක් හෝ අවසරයක් ලබාගෙන නොමැති බවය.
කෙසේ වෙතත් මේ ගස ප්‍රවාහනය කිරිම සදහා අනිවාර්යෙන්ම නගර සභාවේ අවසරය ලබාගැනිමට නගර සභාවට පැමිණිය යුතුව ඇතැයිද අදාල නිළධාරියා අප වෙත කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here