spot_img
spot_img
Thursday, May 9, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

රාජපක්ෂ උද්‍යානයේ දැවැන්ත ගස් මංකොල්ලයක් ?

Must read

DSC_0761උද්‍යානයක අසිරිය ඇත්තේ එහි වන තුරුලතාද සමගිනි.මිගමුවේ රාජපක්ෂ උද්‍යානය රාජපක්ෂ මුදලිදු විසින් මිගමු මහනගර සභාවට දායද කලේ විසින් විවිධ දැවැන්ත ගස් සහිත පරිසරයක්ද සමගිනි.එහෙත් මිගමුවේ සිටින අමන දේශපාලකයන් මෙන්ම ඔවුන්ගෙන් කප්පම් අත්පොත කියවු රාජ්‍ය නිලධාරින්ද සිටින මිගමු වැනි නගරයක අද සිදුවෙමින් ඇත්තේ දැවැන්ත විනාශයක්ය.රාජපක්ෂ උද්‍යානයේ විනොද් ක්‍රිඩා ඇති කිරිමට යැයි කියා කලෙක නිමල් ලංසා විසින් එහි වු දුර්ලභ ගස් ගණනාවක් කපා දමා තිබුණි .දැන් මේ දිනවල  තවත් ගස් කැපිමේ ජාවාරමක් පටන් ගෙන තිබේ.උද්‍යානයක ඇති දුර්ලභ ගණයේ අති පැරණි ගස් වල අතුදිරා අැත්නම් උද්‍යාන නඩත්තුව ඇතුළු අදාල විෂයයන් පිලිබදව තතු දත් අයගේ සහය ගෙන ඒවායේ  දිරා ඇති අතු පමණක් කපා දමා ගසට අවැසි සාත්තු ඉටු කිරිම සමාන්‍ය සම්ප්‍රදායයි.තතු එසේ වුවද මිගමු රාජපක්ෂ උද්‍යානය තුල දැන් සිදුවෙමින් ඇත්තේ අත්තක් දිරා ඇත්නම් මුලු ගසම කපාදැමිමය .එපමණක් නොව දැන් සිදුවෙමින් ඇත්තේ තවත් බරපතල තත්වයකි.එනම් දැනටමත් කපා බිම දමා ඇති ඉතා පැරණි රෑස්ස ගස එතනින ඉවත් කරගැනිමට ඉඩ ලබාගැනිම සදහා තවත් දැවැන්ත ගසක් කපා දැමිමට සිදුව ඇතැයිද වාර්ථා වේ.මෙය ඉතා බරපතල තත්වයකි.එපමණක්ද නොව මෙ ගස කැපිම මෙන්ම ඒවා ප්‍රවාහනය කිරිමේදිද උද්‍යානයේ ඇවිදින මංතිරුවටද මෙන්ම අදාල ප්‍රවේශ මාර්ගද හානි සිදුවිය හැකිව තිබේ.මේ කිසිදු දෙයක් ගැන වගක් නොගත් නගර සභාවේ ඇතැම් නිලධාරින් දැන් කටයුතු කරන ආකාරය ඉතාමත් පිළිකුල් සහගතය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article