spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

බියර්වල මිල අඩුවීම සහ මද්‍යසාර පරිභෝජනය:

Must read

bottles-of-beer-2_54_990x660මෙවර අයවැයෙන් බියර්වල වල මිල අඩුකිරීම පිලිබදව ඇතමෙක් දැඩිවීරෝධය පාන්නට පටන් ගෙන ඇත. ඒ අයගේ තර්කයවී ඇත්තේ මිල අඩුවූවිට වයසින් අඩු තරුණ තරුණියන් අතර බියර් පානය කීරීම වැඩිවන අතර පසුව එය සැර මද්‍යසාර පානය කිරීමට ඔවුන් පෙලඹවීමක් වන බවය.
එය හොද තර්කයකි.
එහෙත් එහි ඇති සත්‍යතාවය සොයා බැලිය යුතුය. මෙහිදී පහත තර්කය ඉදිරියට ගෙන එනු කැමැත්තෙමි. අදවන විට ඇල්කොහොල් වැඩි ප්‍රතිශතයක් ඇති සැර බීම පානය කරන්නෝ මත්පැන් පානය කිරීමට පුරුදුවුනේ මුලින්ම බියර් පානය කිරීමෙන්ද?
එය එසේ බව කෙනෙකුට ඔප්පු කලහැකි නම් මමද බියර්වල මිල අඩුකිරීමට විරුද්ධ කණ්ඩායමට එකතු වෙමි. අපේ රටේ මිනිසුන් ප්‍රශ්න හෝ පවතින තත්ත්වයන්ට පිලිතුරු සොයන්නේ තමන්ට අතපතගෑ හැකි සීමාවන් තුල සිටය. අප සොයන උත්තර තිරසාර නොවන්නේ ඒ නිසාය. මත්පැන් පානය කරන ප්‍රජාව අප සමස්ත කුලකයක් දෙස ගතහොත් එහි බොහෝ උප කුලක දැකිය හැකිය.
බේබද්දෝ ලෙස හදුන්වන මත්පැන් වලට තදින් ඇබ්බැහිවූවන් සේම තම ප්‍රමාණය දැන දිනපතා මත්පැන් පානය කරන්නෝ, අවස්ථාවවක් නිර්මාණයවු විට මත්පැන් පානය කරන අය (social drinkers,)සුවිශේෂ හේතුවක් නිසා මත්පැන් බොන අය සහ තම මහන්සි සහ කාන්සිය නැතිකර ගැනීම සඳහායැයි සිතා මත්පැන් පානය කරන්නෝ සිටිති. අවසානයේ සදහන් කල ප්‍රතිශතය ඉතා වැඩි බව මගේ අදහසයි. මෙම කණ්ඩායමට බියර් මිල අධික වැඩි ඇල්කොහොල් ප්‍රතිශතයකින් යුතු මත්පැන් වලට ආදේශකයක් ලෙස බියර් පානය කිරීම ප්‍රවර්ධන කල හැකි නම් එය බොහෝ පැතිකඩයන් ගෙන් යහපත් ප්‍රතිඵල ලබා දෙනු ඇත.tawandang-german-brewery-bangkok
සිංගප්පූරුව, තායිලන්තය, චීනය, ජපානය සහ කොරියාව වැනි රටවල සිදු වන්නේ මෙයයි. අඩු මිල නිසා මත්පැන් පානය කරන අය අතරේ බියර් පානය කිරීම ඉහල ගොස් ඇත. මහන්සිය කාන්සිය නිවන බියර් මිනිසුන්ව බේබද්දෝ කරන්නේ නැත. වියදමද අවම වන අතර අපහසුවක් නැතිව පසුවදා තම රාජකාරිය ඉටු කල හැක. මේ යථාර්ථය ලෝකයට විවෘතවී ගැඹුරින් අධ්‍යයනය කිරීම වැදගත්වේ.
අරුණ ශාන්ත නෝනිස්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article