මිගමුව ජයගත් නායකයා කුමන්ත්‍රණයකින් බන්ධනාගාරයට ! තාවකාලික විපක්ෂනායකධුරය රවිට !

0
149

Roice 1(8.50 am ) මීගමුව හිටපු ආසන සංවිධායක ,මහනගර සභාවේ විපක්ෂ නායක රොයිස් විජිත මහතාට එරෙහිව ක්‍රියාත්මකව ඇතැයි සිතිය හැකි කුමන්ත්‍රණයක් හේතුවෙන්  මේ වන විට බන්ධනාගාර ගතව සිටි. දේශපාලනික වශයෙන් පළිගැනිමට සහ ඉවත්කර තැබිමට අවැසිතාවය ඇති අශුද්ධ සංධානයක් මේ කුමන්ත්‍රණය පිටුපස ක්‍රියාත්මක බව ඉතා පැහැදිලිය.
එය වඩාත් පැහැදිලි වන්නේ පහසු අයුරකින් ඇප ගැනිමට නොහැකි වන සේ ගිණි අවි පණතද සම්බන්ධ කොට ගනිමින් චෝදනා ගොනු කර ඇති කටාන පොලිසියට තව වන තුරත් ඒයට අදාලව කිසිදු සාක්ෂියක්  ඉදිරිපත්කර ගැනිමට නොහැකිව තිබිමය.
රොයිස් විජිත යනු එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් මිගමුව දිනවිම සදහා ඇමැතිධුර 13 ක හයියක් සහ මහනගර සභා පාලනයද හිමිව සිටි රාජපක්ෂ රෙජිමයේ මිගමු නියෝජිතයන්ට අන්ත දේශාපාලනික පරාජයක් අත්කර දෙමින් මිගමුව දිනවා ගම්පහ දිස්ත්‍රික්කයටද හයියක් දුන් දේශපාලන නායකයාය.
දේශපාලනය තුල වැඩබැරි ටාසන්ලාට එවන් චරිත සැබැවින්ම අභියෝගයකි.
මේ පසුබිම තුල කෙසේ වෙතත් දැන් අදාල චෝදනාවට කිසිදු සාක්ෂියක් නොමැතිව බන්ධනගාරගතව සිටිමට  ඔහුට සිදුව තිබේ.
මේ අතර මිගමුව නව සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රි කාවින්ද ජයවර්ධනගේ මුලිකත්වයෙන් පැවැති විශේෂ මන්ත්‍රි කණ්ඩායම් රැස්විමකදි තාවකාලික විපක්ෂ නායක ලෙසින් නාගරික මන්ත්‍රි රවි ජිවානන්දව පත්කර ගෙන ඇත.
එය ක්‍රියාත්මකව තිබුනේ ඇතැම් නාගරික මන්ත්‍රිවරුන් මෙය පසුවට කල් තබන ලෙස යෝජනාද ඉදිරිපත් කර තිබියදිය.
මෙයද ක්‍රියාත්මක කුමන්ත්‍රණයේම දිගුවක්ද යන්න සැක සහිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here