
ජනවාරි 18 වනදා දුංගාල්පිටිය වෙරළ තීරයේදී අල්ලාගත් කැස්බෑවන් 4දෙනෙක් මරා මස් පිණිස විකිණිමට සුදානම් කර තිබියදී මීගමුව පොලීසිය විසින් එම සිදුවීමට සම්බන්ධ සැකකරුවන් 05 දෛනෙකු අත්අඩංගුවට ගෙන ඇත. මෙම වැටලීම සිදුකර ඇත්තේ දුන්ගාල්පිටියේ පිහිටි එක් සැකකරුවෙකු වන ඩී.ඒ.ඩී ජෝශප් විල්ප්‍රඩ් නමැත්තාගේ නිවසේදීය. මෙම සිද්ධීයට සම්බන්ධ සියලුම පුද්ගලයන් දුංගාල්පිටියේ ප්‍රදේශයේ වන අතර 18 වනදා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේදී වරද පිලිගෙන ඇති අතර මීගමුව අතිරේක මහේස්ත්‍රාත්වරිය විසින් සැකකරුවෙකුට රු 30 000 බැගින් දඩ නියම කර ඇත. මෙම වැටලීම සිදුකර ඇත්තේ මීගමුව පොලීසියේ පරිසර අංශය විසින් වන අතර ඔවුන් පවසන්නේ කැස්බෑවා යනු අධි ආරක්ෂිතව රැකගත යුතු සත්වෙයෙකු බවයි.


















