තවත් කොරෝනා ආසාදිතයන් 168 ක් ! අද දිනට මුළු ගණන 582 ක් !

0
132

brandix-peliyagodaතවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 168ක් හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඉන් 115ක් ධීවර ප්‍රජාවෙන් හඳුනාගත් බවත් අනෙක් 53දෙනා නිරෝධායනය මධ්‍යස්ථානවලින් හඳුනාගත් බවත් ඔහු පැවසු අතර , අද දිනයේ හඳුනාගත් කොරෝනා මුළු ආසාදිතයින් ගණන 582ක

එසේම මිනුවන්ගොඩ/පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් මේ දක්වා හඳුනාගෙන ඇති සමස්ථ ආසාදිතයින් ගණන 6,313කි.

මේ දක්වා මෙරටින් හමුවී ඇති මුළු කොවිඩ් ආසාදිතයින් ගණන 9,791 ක් වන අතර ඉන් 5,630 දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබති.

මේ වනවිට, 4,142ක් සම්පූර්ණ සුවය ලබා තිබේ.
(මුලාශ්‍රය – අද දෙරණ )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here