( 8.00 pm ) කටුනායක නිදහස් වෙළෙද කලාපයේ පැතිර යන කොරෝනා වසංගතය පාලනය සඳහා සෞඛ්‍ය අංශයට සහයවීමට නාවික හමුදාවේ අද්මිරාල් නිලධාරියෙකුගේ අධීක්ෂණය යටතේ නාවික නිලධාරින් සිව්දෙනෙකු ඇතුලු නාවික භටයන් 25 දෙනෙකු කලාපය තුළම පූර්ණ කාලීනව සේවයේ යොදවා ඇති බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ විධායක අධ්‍යක්ෂක (කලාප) එම්.කේ.ඩී.ලෝරන්ස් මහතා පවසන බව ලංකාදිප වෙබ් අඩවිය වාර්තා කොට තිබේ.ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයාගේ විශේෂ ඉල්ලීම මත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම නියෝගය ලබා දී ඇතැයිද තවදුරටත් එහි සදහන්යශ්රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් කලාප 14 ක කර්මාන්ත ශාලා 279 ක සේවය කරන 34,675 ක පිරිසක් මේ වන විට පීසිආර් පරීක්ෂණ සදහා යොමු කර ඇති බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ විධායක අධ්‍යක්ෂක (කලාප) එම්.කේ.ඩී.ලෝරන්ස් මහතා වැඩිදුරටත් පවසා සිටියි.මේ අනුව කටුනායන ආයෝජන කලාපයේ කම්හල් 75 කින් පුද්ගලයින් 14,159දෙනෙකු, බියගම කලාපයේ කම්හල් 55 කින් 9500දෙනෙකු, සීතාවක ආයෝජන කලාපයේ කර්මාන්ත ශාලා 27 කින් 4,400ක පිරිසක් සහ ඉතිරි කලාප 11 කර්මාන්ත ශාලා තුළින් පුද්ගලයින් 6615 දෙනෙකු පීසීආර් පරික්ෂණය සදහා යොමු කර ඇති බව විධායක අධ්‍යක්ෂක වරයා සදහන් කළේය.
කම්කරුවන් මුහුණ දි සිටින තත්වයන් දෙස මානුෂිකව බලා කටයුතු කිරිමට මේ හමුදා මැදිහත්විම් තුලදි නොමැකි වි ඇති ඇති අකාරය ගැන නිදසුන් සහිතව කරුණු දැක්විමටද මේ ක්‍රියාකාරින් කටයුතු කර තිබුණි(ඡායාරූපය – නාවික හමුදා වෙබ් අඩවිය)












