2026 හජ් වන්දනාව සඳහා ශ්‍රී ලංකාව, සව්දි අරාබියාව සමග හජ් ගිවිසුමට අත්සන් කරයි.

0
282

(2025 නොවැම්බර් 09) දින සෞදි අරාබියේ ජිද්දා නුවරදී 2026-හජ් වන්දනාව සඳහා ශ්‍රී ලංකාව ගිවිසුමට අත්සන් කළා.
මෙම ගිවිසුමට අත්සන් කළේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලෆ්ෆර් මහතා සහ සෞදි අරාබියේ හජ් හා උම්රා නියෝජ්‍ය අමාත්‍ය අබ්ඩුල්ෆත්තා බින් සුලයිමන් මෂාත් මහතා ය.
මෙම හජ් ගිවිසුම මගින්, 2026 හජ් කර්තව්‍යය ඉටුකිරීම සඳහා ශ්‍රී ලංකා වන්දනාකරුවන්ට පහසුකම් සැලසීම හා සේවා සැපයීම සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර ඇති එකඟතාවය තහවුරු කරයි.

IMG 20251111 WA0001
ඊයේ දින අත්සන් කළ මෙම ගිවිසුමට අනුව ශ්‍රී ලංකාවට නියමිත නිල හජ් කොටා ගණන 3,500ක් ලෙස නියම වී ඇත.
මෙම අවස්ථාවේදී, නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලාෆර් මහතා 2025 හජ් කර්තව්‍යය සාර්ථකව ඉටුකරගැනීම සඳහා සෞදි අධිකාරීන් විසින් සිදුකළ සේවාව පිළිබඳ ශ්‍රී ලංකා රජයේ ස්තූතිය පළ කරමින්, 2026 හජ් සඳහාද පහසු සේවාවක් ඇතිකිරීම සඳහා හජ් හා උම්රා අමාත්‍යාංශය සමඟ සහයෝගයෙන් ක්‍රියා කිරීමට ශ්‍රී ලංකාව සූදානම් බව යළිත් තහවුරු කළා. එහිදී ශ්‍රී ලංකා රජය විසින් රටේ හජ් කටයුතු නියාමනය කිරීමට ගත් පියවරයන් පිළිබඳවද, විශේෂයෙන්ම හජ් පනත පිළිබඳවද නියෝජ්‍ය අමාත්‍යයවරයා විස්තර කළා.
ශ්‍රී ලංකා හජ් කමිටුවේ සභාපති රියාස් මිහ්ලාර් මහතා, එම කමිටුවේ භූමිකාව සහ ඉදිරි හජ් යාත්‍රාවන් සදහා ක්‍රියාත්මක කරමින් ඇති මෙහෙයුම් ක්‍රියාවලි පිළිබඳවද විස්තර කළා.
මේ අතර නියෝජ්‍ය අමාත්‍ය මුලෆ්ෆර් මහතා, සෞදි රජයේ හජ් හා උම්රා අමාත්‍ය ආචාර්ය තව්ෆීක් ෆවුසාන් අල් රබියා මහතා සමඟ හමුවී සාකච්ඡා කිරීමටද, හජ් සේවා සපයන්නන් සමඟ සම්බන්ධ වී සාකච්ඡා කිරීමටද නියමිතව ඇත.

IMG 20251111 WA0002
මෙම හමුවට ශ්‍රී ලංකාව වෙනුවෙන් මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එම්.එස්.එම්. නාවස්, ජිද්දා වැඩබලන කොන්සල් ජෙනරාල් මෆූසා ලාෆිර්, වෛද්‍ය අසිස් මොහමද් ශිහාන්, සහ ආචාර්ය එම්.එන්.එම්. අශ්රෆ් යන මහත්වරුන්ද සහභාගී විය.

ඉස්මතුල් රහුමාන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here