( Covid 19) – දිවයින පුරා සිටින මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ආවේක්ෂණ කටයුතුවල නිරත වෙනවා

0
118

ed8ce4434939a5985a46f2c6c42572b4_XL

දිවයින පුරා සිටින මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මේ වන විටත් මාර්තු 05 දිනට පෙර අවධානම් රටවල විදේශ ගතව සිට පැමිණි පුද්ගලයන් 2572ක් සහ මාර්තු 05ත් 10ත් අතර කාලය තුළ පැමිණි 3460 දෙනෙක් සහ ඔවුන්ගේ ආශ්‍රිතයින් නිවෙස් තුළම නිරෝධායනය කරමින් ආවේක්ෂණ කටයුතුවල නිරත වන බව මහජන පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ අද ( 17) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිණි.

ක්ෂේත්‍ර නිලධාරින් හරහා මෙම පිරිස හඳුනාගෙන ඇති අතර පොලීසිය ඇතුළු ආරක්ෂක අංශ වලට ලැබෙන තොරතුරු විමර්ශනය කිරීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කැපවී සිටින බවද කීය.

යල්පැන ගිය නීති ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමේ ගැටළු පෙන්වා දුන් උපුල් රෝහණ මහතා, එම යල්පැන ගිය නීති වහාම සංශෝධනය කර නව රෙගුලාසි වහාම සකසන ලෙස සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලීමක්ද   කළේය.

ත්‍රිවිධ හමුදාව,පොලීසිය ඇතුළු විශේෂ රාජකාරි වල නියුතු සියලු කාර්යමණ්ඩල වල ආරක්ෂාව තහවුරු වන ලෙස උපදෙස් ලබා දෙන ලෙසත් පැවසූ, ඒ මහතා නිවැරදි සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් පුරවැසියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරන ලෙසද ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
news.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here