spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

FB එකේ චාටර් වෙලා කෙල්ලෙක් සෙට් කරගන්න එක තමයි අද තාරුණ්‍යයේ විලාසිතාව

Must read

tumblr_no8ri3AJCP1uvs1uzo1_500
උපුටා ගැනිම tumblr බ්ලොග් අඩවියෙන්

විසිඑක් වැනි සියවසේ කොල්ලෝ කෙල්ලෝ Love  කියලා ඉලව් කරන්න පටන් අරන්.
ඒක අද කාලේ තරුණ ජිවිත විනාශ කරනවා.
කාලේ වෙනස්  , තාලේ අලුත් කියලා කිව්වත්   අපේ කොල්ලෝ කෙල්ලෝ නටන්නේ අමුතුම දෙයක් කියලයි මට  හිතේන්නේ.   ඇත්තටම මම මේ හදන්නේ.   ලව් ගැන ලොකු අර්ථකතනයක්  දිලා ශාස්ත්‍රිය විග්‍රහයක් කරන්න නම් නෙමෙයි. මට දැනෙන ඇහෙන විදියට මේ ගැන චුට්ටක් කතා කරන්න විතරයි.
කොල්ලෝ කෙල්ලෝ මේ ගැන හිත හොද නැති වෙන්න පුඵවන්.
එකග වෙන්නත් පුඵවන් කමක් නැහැ.  මේක ප්‍රජාතන්ත්‍රවාදි රටක් නිසා හැමෝටම තමන් කැමති අදහසක් දරන්න ප්‍රකාශ කරන්න ඉඩ තියෙනවා බය වෙන්න දෙයක් නැහැ.
නංගියේ මල්ලියේ ඔයාලටත් කියන්න තියේන්නේ බය නැතුව සත්‍යය කතා කරන්න, ඉදිරිය දකින්න කියලා. ඔයාලගේ පෞද්ගලික ජිවිතයේ අනිසි බලපැම් කරන්න ඔයාලගේ ජිවිත  වලට එන නපුරු හෙව නැලි නවත්වන්න ඔයාලට පුඵවන්.
90 ගණන්වල ඉපදුණා කියන්නේ මේ වෙනකොට උපරිම අවුරුදු 25ක් වුණා විතරයිනේ.
එ කියන්නේ හරි පාරට වැටුනා විතරයි. ජිවිතේ පටන් ගත්තා විතරයි. අවමය අවුරුදු 15ක් විතර වෙයි ඒ කියන්නේ තරුණ වියේ සුළග යන්තමින් ඇගේ වැදිගෙන යන කාලේ. මම විශෙෂයෙන්ම ඒ ගැන කතා කරන්නේ.  මමත් ඒ වයසේ ඉන්න නිසා මම ඒ ගැන හොදටම දන්නවා. ඔන්න ඔය තරුණ සුලග යාන්තමින් ඇගේ වැදිගෙන එන පරම්පරාවට ඇත්ත කතා කෙරුවොත් ඇන් ඉස්කොලේ 6 7 පන්ති වල ඉදන්ම අපේ කෙල්ලෝ කොල්ලෝ  ‘පෙම්වතියෝ’ ‘ ප්‍රේමවන්තයෝ.’
හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ  ඔතැනදි  ආදරය කියලා එහෙම නැතිනම් ලව් එක කියලා අදුන ගන්නේ මොකක්ද කියන එක ගැනයි. දැන් කාලේ ඉන්න 90 ගණන්වල සෙට් එක මුලින්ම කරන්නේ  Phone  එකක් ගන්න එක.   ඊට පස්සේ Facebook Account  එකක් හදාගන්න එක.  Facebook Account   එක හදාගත්තට පස්සේ කෙල්ලේක් හරි කොල්ලේක් හරි සෙට් කර ගන්න එක තමයි 90 පරම්පරාවේ මුලික විනෝදාංශය වෙලා තියෙන්නේ.
ඔය කෙල්ලෙක්  හරි කොල්ලෙක්  හරි සෙට් කර ගන්නේ  එකෙන්ම වෙන්නත් පුඵවන්.
ඇයි ඉතින් අපේ තරුණ පරම්පරාවේ විලාසිතාව  FB එකෙන් හරි පාරේ චාටර් වෙලා හරි කොල්ලෙක් කෙල්ලෙක් හොයා  ගන්න එකනේ.  ඊට පස්සේ  දැන් තරුණයෝ  කොහොම හරි  ගෑණූ ළමයව Room  එකකට හරි Film එකකට  අරගෙන යන්න තමයි බලන්නේ.
ඒ මොකද මේ පරම්පරාව කියවලා තියෙන්නේ  ආදරය කියන පොතේ ලිංගික  සම්බන්ධතා
(Sex ) කියන  පරිච්ජේදය විතරයි.  ඒනිසා තමයි මේ කාලේ ගොඩාක් සිසුන් සිය දිවි නසා ගන්නේ.
එවා වෙන්නෙත් මේ fb එක හරහා කරගන්න මෝඩ වැඩ නිසා තමයි. පස්සේ ඒ වගේ  මෝඩ  වැඩ කරගෙන  එයට ජිවිතයෙන්  වන්දි ගෙවනවා.  අනේ අසරණ දෙමාපියන් අවුරුදු ගාණක් උස් මහත් කරලා.. කොහෙවත් නැති කොල්ලෙක්ට රැවටිලා ,  හැගිම්  වලට වහල් වෙලා ජිවිතයෙන්  වන්දි ගෙවනවා.   අද වනවිට පුවත් පත් හා TV   නාලිකා වලින් තරුණයන්ගේ මොල නරක් කරලා  Gossip සමාජ වෙබ් අඩවි වලින් තරුණයන්ගේ හිත් පුරවලා තියේන්නේ. මම කියන්නේ නෑ සමාජ වෙබ් අඩවිවලින් වෙන්නේ නරක දෙවල් විතරමයි කියලා. එකෙන් අපිට ගොඩක් ප්‍රයෝජන තියෙනවා අධ්‍යාපන කටයුතු වලට  අලුත් මිතුරන් හදුනා ගැනිමට පරණ මිතුරන් හා සම්බන්ධතා  පවත්වා ගැනිම ආදි තමන්ට අවශ්‍ය දේ කරගෙන අනවශ්‍ය දේ ඈත් කරලා කටයුතු කරගෙන යනවා නම් සමාජ වෙබ් අඩවි වලින් වන හානිය අපට අවම කර ගන්න පුඵවන්.
අපේ අම්මා තාත්තාගේ කාලෙට වැඩිය දැන් හැමදේම වෙනස් වෙලා කියලා මුලින් කරන්න තියේන දේ අගට කරලා අගට කරන්න තියෙන දේ මුලට කරන්න යන්න එපා.
මොකද ඕනම දේක System  එකක් තියෙනවා.  ඒක අපිටි ඕන විදියට සම්පුර්ණයෙන්ම වෙනස් කරන්න ගියොත් System එකම බිද වැටිලා අපිවත් විනාශ වෙන්න පුළුවන්.  ඔයාලාගේ ජිවිතේ තියන  එකම ඉලක්කය  ආදරේ  කියලා හිතන්න එපා.
ආදරේ කරන්න ගිහිල්ලා සේරටම කලින් නරක දෙවල් වලට යොමුවෙලා  ජිවිතේ නාස්ති කර ගන්න එපා. අම්මලා  තාත්තලාගේ හිත්වල තියෙන  බලාපොරොත්තු වලට තටු දෙන ගමන්ම ඔයාලගේ ජිවිතේ ජය ගන්න පුලුවන්.

සටහන – සිතුමි  නවෝදා
sithuminavoda1@gmail.com
DSCF4580

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article