Italy ඉඳන් Switzerland යන්න හිතනවා නම් Flight එකක් ගන්නම ඕනේ නැහැ. ගොඩක් routes වල Train එක තමයි පහසුම option එක. හැබැයි අඩුම ගාන හොයනවා නම් Bus එකත් අනිවාර්යෙන්ම Compare කරන්න.
1. Bus එකෙන් යන එක
Budget එක අඩු කරගන්න ඕනේ නම් මුලින්ම FlixBus බලන්න.
උදාහරණයක් විදිහට Milano → Zurich Bus Tickets දැනට €22.98 වගේ ගණන් වලින් හම්බවෙන අවස්ථා තියෙනවා. ගමන පැය 3 1/2 කට ආසන්නයි. ගාන නම් Travel Date එක සහ කලින් Book කරනවද කියන එක අනුව වෙනස් වෙනවා.
ඒ නිසා “Cheapest way” කියන එක විතරක් බලනවා නම් Bus එක මුලින්ම Check කරන්න.
2. Train එකෙන් යන එක
Italy ඉඳන් Switzerland යන්න මම නම් Train option එකත් අනිවාර්යෙන්ම බලනවා.
Milano ඉඳන් Zurich, Lugano, Bern, Basel, Geneva වගේ Switzerland වල cities වලට EuroCity trains තියෙනවා. Trenitalia වල Milan Switzerland අතර දිනකට EuroCity services ගොඩක් තියෙනවා.
Train එකේ ලොකු advantage එක තමයි City Centre එකෙන් City Centre එකට යන්න පුළුවන් එක.
Airport එකට ගිහින් Check-in වෙලා පැය ගණන් ඉන්න ඕනේ නැහැ.
Train එකේ අඩුම Fare එක හොයන්නේ කොහොමද?
මෙතන තමයි වැදගත්ම point එක.
Trenitalia එකේ SMART fare බලන්න.
මේවා limited seats තියෙන advance purchase fares. කලින් Book කළොත් full price ticket එකට වඩා අඩුවට හම්බවෙන්න පුළුවන්. සමහර SMART fares departure එකට දින 7කට කලින් දක්වා available වෙන්න පුළුවන්. හැබැයි ඒවාට restrictions තියෙන නිසා Book කරන්න කලින් conditions බලන්න.
ඒ නිසා මගේ ක්‍රමය නම්,
FlixBus → Trenitalia → SBB
මේ තුනේම same date එක Search කරලා Final Price එක Compare කරන එක.
3. Switzerland එකේ කොහෙටද යන්නේ කියන එක වැදගත්
ඔයා Lugano යනවා නම් Milan ඉඳන් Train එකක් ගන්න එක ගොඩක් simple.
Zurich යනවා නම් Bus එක sometimes cheaper වෙන්න පුළුවන්.
Interlaken, Grindelwald යනවා නම් Milan ඉඳන් direct යනවාට වඩා route එක කොටස් කරලා බලන එක sometimes better.
උදාහරණයක් ගත්තොත්
Milan → Lugano → Interlaken හෝ Milan → Zurich → Interlaken
වගේ routes compare කරන්න.
මම නම් මේ විදිහට Search කරනවා
ඔයා Milan වල ඉන්නවා කියලා හිතමු.
මුලින්ම:
Milano → Zurich FlixBus බලනවා.
ඊට පස්සේ:
Milano → Zurich Trenitalia බලනවා.
ඊට පස්සේ:
Milano → Zurich SBB එකෙත් බලනවා.
Bus එක €25යි, Train එක €45යි නම් Budget එක අනුව Bus එක ගන්න පුළුවන්.
හැබැයි Train එක €40යි, Bus එක €30යි නම් €10ක් වෙනුවෙන් පැය ගණන් වෙනසක් තියෙනවාද කියලා බලන්න.
ඒක තමයි මම කියන්නේ Ticket price එක විතරක් බලලා cheapest option එක තෝරන්න එපා කියලා.
Switzerland ඇතුළට ගියාට පස්සේ
Switzerland වල Train Tickets ටික Italy වලට වඩා මිල අධික වෙන්න පුළුවන්.
ඒ නිසා Switzerland ඇතුළේ දවස් කිහිපයක් Travel කරනවා නම් Swiss Travel Pass, Point-to-Point Tickets, local regional passes වගේ options එකිනෙකට Compare කරන්න.
විශේෂයෙන් Interlaken, Grindelwald, Lauterbrunnen වගේ mountain areas වල Transport Cost එක වැඩි වෙන්න පුළුවන්.
මම කලින් Switzerland Trip එක ගැන දාපු Posts වල Italy → Switzerland Transport, Switzerland Budget, Train Tickets ගැනත් විස්තර තියෙනවා.
https://www.facebook.com/share/p/1JjJgYGBuY/
ඔයා Switzerland වලට මුලින්ම යන්න හිතන්නේ Zurich ද, Interlaken ද, Lugano ද?
Neranjan Ilukthenna Podi Gamanak – පොඩි ගමනක්


















