මිගමුවේ අනවසර ඉදිකිරිම් සහ නව පුරපති ..

0
12

 

මිගමුවේ මහ නගර  සභාව  එදා සිටම මුහුණ දුන් එක් ප්‍රධාන අභියෝගයක් වුයේ මිගමුව නගරය තුලත් ඉන් පිටතත් ඇති අනවසර ඉදිකිරිම් සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග ගැනය.

පෙට්ටි කඩ ප්‍රමාණයේ සිට මහල් ගොඩනැගිලි පවා මේ අනවසර ඉදිකිරිම් ගණයට වැටෙන තැන් මිගමුව නගර තුල පිහිටා තිබේ.

මිගමුව බස් නැවතුම ඉදිරිපස දුම්රිය පාර සමිපයේ ඇති පෙට්ටි කඩයක් වැනි තැන අනවසර ඉදිකිරිම් ලෙස අප මුලින්ම නිරික්ෂණය කර තිබුනේ මිට වසරකටත් පෙර සිටය.

මේ ඉදිකිරිම පිලිබද අප පලමු ඡායාරූපය ගෙන තිබුනේ 2025 මැයි 11 වනදා සවස් වරුවේදීය.

පුනරුද පාලන කාලය තුල ලංසා හිතවාදියෙකු විසින් බස්නැවතුම ඉදිරිපිට සැදු අනවසර කඩයක්

අරුමය වන්නේ මේ ඉදිකිරිම සිදුකර තිබුනෙ රට තුල මාලිමා ජනාධිපතිවරයෙකුද පත්කරගෙන තිබුන පසුබිමකදි විමය.

අනවසර ඉදිකිරිම් ඉවත් කරනවා යැයි කි මිගමු මහනගර සභාවේ මාලිමා පාලනයට තවමත් ඒවා ඉවත් කිරිමට නිසි පියවර ගෙන ඇති බවක් නොපෙනේ.

කලක් වසා දමා තිබුන මෙම ස්ථානයේ මෑතක සිට තීන්ත කඩයක් පවත්වාගෙන යන අකාරය දැක ගත හැකිවිය.

මේ අනවසර කඩය ඉදිරිපිට ඇති සපත්තු කඩය කරගෙන යන යාම සඳහා එදා කොමසාරිස් පාලනය ආරම්භ විමට පෙර මිගමුවේ කුප්‍රකට දේශපාලකයෙකුහට රු ලක්ෂ 2 ක් අත යට ලබා දි ඇතැයි වාර්තාවිය.

මේ ආකාරයෙන් මිලියන ගණන් වලින්ද සිදුව ඇති අත යට ගණුදෙනු අනවසර ඉදිකිරිම් වෙනුවෙනි.

මේ සකලාකර දුෂණ වංචා වලට එරෙහිව කඩිනමින් දැන් නීතිය ක්‍රියාත්මක කළහැකිව ඇත්තේ ඒවා වලක්වාලිමට එදා කටයුතු කළ පවුල් පාලනය වෙනුවට ජනතා පාලනයක් දැන් ස්ථාපිතව ඇති නිසාය.

Iඅප මේ කරුණ මීගමුවේ හිටපු නගරාධිපති හීන්කෙන්ද ගේ අවධානයට අවස්ථා ගණනාවකදිම යොමුකර තිබුණි.

දැන් සිටින්නේ නව නගරාධිපතිවරයෙකි.අප බලා සිටින්නේ නව නගරාධිපතිවරයා මිගමුවේ අනවසර ඉදිකිරිම් ගැන කටයුතු කරන ආකාරය පිලිබදවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here