පා පැදියෙන් යතුරු පැදියෙන් කරක් ගසා පත්තරයට තොරතුරු එවන්නෝ ප්‍රාදේශීය මාධ්‍යවේදියෝය.
උන්ට වසර ගණනකින් වැටුප් නැත.
කර්තෘ මණ්ඩලිකයෝ මේ ගැන උනන්දු වුණේ ගෙදර දොරට තට්ටු කළ විටය. ප්‍රශ්නය අනුන්ගේ නිසා එතෙක් බොහෝ තැන්වල කෙරුණේ දාර්ශනික කතාය.
එහෙත් මේ සියලු අර්බුද මැද්දේ පත්තරේට වැටුප් නැතිව ගෙනා විස්තරේ රූපවාහිනිය ගරු ගාම්භීර විදියට කොල්ලකෑවේය.
ඇතැම්විට දිස්ත්‍රික්කයක ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට මාස ගණනකට ගෙවිය යුතු මුදල පත්තරෙ විස්තරේ මිනිත්තු කීපයක පොඩි වීඩියෝ කෑල්ලකින් හොයාගත්තේය.
යථාර්ථය එය වෙද්දී ඒ පුවත පත්තරයට දුන් ගම් තුලානේ පත්තරකාරයා ඒ දෙපැත්තෙන්ම(පත්තරය හා රූපවාහිනිය) සතයක්වත් නැතිව හීල්ලුවේය.
ඇතැම්මු හදවත් රෝගවලින්, වකුගඩු අක්‍රීයවීමෙන්, පිළිකාවෙන් ආදී අතෝරයක් ව්‍යාධින්ගෙන්ම පීඩා ලැබ මිය ගියහ.
පත්තර මිය යන අස්සේම වසරේ ජනප්‍රියම රූපවාහිනී තොරතුරු වැඩසටහන බවට ‘හිරු ටීවී පත්තරේ විස්තරේ’ අභිෂේක ගැන්වීම ආශ්වාදජනක කරුණකි.
ඒ ආශ්වාදය මට තවත් දැනෙන්නේ පශ්චාත් උපාධි අධ්‍යනයට පත්තරකාරයන් වැද්දගැනීමට නොහැකි අයුරින් බයි ලෝස් සකසා ඇති ශ්‍රී පාලියේ මණ්ඩපාධිපතිවරයාගේ අතින්ම චමුදිත සම්මානය ලබාගැනීම නිසාය.
විශ්ව විද්‍යාල ජනසන්නිවේදන අධ්‍යයනාංශවල ආචාර්ය මහාචාර්යවරු වෙත් නම් සිය විද්‍යාර්ථින් සමග එක්ව අධ්‍යනය කළ යුත්තේ මේ විපරිණාම ගැනය.
එහෙත් අද වනවිට ඒ අධ්‍යන හා විෂය ප්‍රවීණයෝ ද මේ විලම්භීතවල කොටස්කරුවන් වී එක මල්ලේ ලුණු කමින් සිටිති.
එහෙයින් මේ විලම්භීත අධ්‍යනය කිරීම කර්තෘ සංසදයට භාර ය.
(බිඟුන් මේනක ගමගේ ගේ ෆේස්බුක් පිටුවෙනි)
#පත්තරහෑලි 4 #SLPI #SLWJA #FMM

















