spot_img
spot_img
Thursday, May 16, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

Lanka e News කතුවරයාට එරෙහිව රතු වරෙන්තුවක් නිකුත් කළ නොහැකියි !

Must read

Lanka e News කතුවරයාට එරෙහිව රතු වරෙන්තුවක් නිකුත් කළ නොහැකියි !

අද (25) ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් කවින්ද්‍රා නානායක්කාර මහත්මිය, ලංකා ඊ නිවුස් කර්තෘ සඳරුවන් සේනාධීර මහතාට එරෙහිව, අධිකරණයට අපහාස කළා යැයි මැදහත් පාර්ශ්වයකගේ (Intervening Party) ඉල්ලීම මත අත්අඩංගුවට ගැනීම සඳහා රතු වරෙන්තුවක් නිකුත් කළාය. එම රතු වරෙන්තුව ජාත්‍යන්තර පොලීසියේ (Interpol) සහායෙන් ක්‍රියාත්මක කරවා ගැනීමට නියෝග කොට ඇත.
මේ පිළිබඳව ලංකා නිවුස් වෙබ් වෙත කරුණු දැක්වූ Interpol වරෙන්තු සම්බන්ධයෙන් කටයුතු කරන ප්‍රංශයේ ලියොන්හි ජාත්‍යන්තර නීතිවේදියෙකු සඳහන් කර සිටියේ මෙය ජාත්‍යන්තර වරෙන්තු නීතිය පිළිබඳව නොදන්නා අයගේ ඝෝෂාවක් මිස හරයාත්මක දෙයක් නොවන බවයි.
මන්ද යත්, යම්කිසි පුද්ගලයෙකුට එරෙහිව රතු වරෙන්තුවක් නිකුත් කිරීමට පෙර ඔහුව අදාල නීති කර්තව්‍යයේ පාර්ශ්වකරුවෙකු කළයුතු වේ. ඊට යෙදෙන නම Blue Notice (නිල් දැන්වීම) යන්නයි. ඉන්පසු එකී පාර්ශ්වකරුවා වෙත අදාල නිල් දැන්වීම භාරදී ඒ පිළිබඳව ඔහුගෙන් වගඋත්තර ඇසිය යුතු වේ. ඉන් අනතුරුව සිදුවන්නේ එම නිල් දැන්වීමේ චෝදනා සම්බන්ධයෙන් චෝදනා විභාගයයි. (Prosecute) අවසානයේ එම නඩු විභාගයේදී නිල් දැන්වීමේ සඳහන් චෝදනාවන්ට අදාල පුද්ගලයා වැරදිකරු වුවහොත් පමණක් එකී අධිකරණයට චූදිතයා අත්අඩංගුවට ගැනීම සඳහා රතු වරෙන්තු (Red Warrent) නිකුත් කළ හැකි වේ.
ඉන්පසු අදාල චූදිතයාට Interpol සංවිධානයේ CCF (Commissioner for Interpol Control Files) වෙත එම රතු වරෙන්තුව සම්බන්ධයෙන් අභියාචනය කළ හැකි වේ. එහිදී කොමසාරිස්වරයාට එකී රතු වරෙන්තුව ‘දේශපාලන හේතූන් මත’ ලබාගත් එකක් බවට ඒත්තු ගියහොත් වරෙන්තුව නිශ්ප්‍රභ කර ශ්‍රී ලංකාවට එරෙහිව දඩ මුදලක් නියම කළහැකි වේ.
එමෙන්ම Interpol හරහා වරෙන්තුවක් ක්‍රියාත්මක කර ගැනීමට අනුගමනය කළයුතු කාර්ය පටිපාටිය දීර්ඝ සහ දුෂ්කර එකකි. සම්පූර්ණ ක්‍රියාදාමය සඳහා අවම වශයෙන් පස් වසරක්වත් ගත වේ. මෙසේ ජාත්‍යන්තර පොලීසිය හරහා උග්‍ර ගණයේ ත්‍රස්තවාදියෙකු හෝ තවම මෙරටට ගෙන්වා නැති බව ශ්‍රී ලංකා පොලීසියේ ඉහළම නිළධාරියෙකු සඳහන් කර සිටියේය.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ශ්‍රී ලංකාවේ ප්‍රවීණ නීතිවේදියෙකු සඳහන් කර සිටියේ, ‘මෙය ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරියගේ තවත් එක් හාස්‍ය රංගනයක්’ බවත් තමන්ට එරෙහිව පවතින දූෂණ චෝදනා යටපත් කරගැනීම සඳහා ශ්‍රී ලංකාවේ විනිසුරුවරුන්ගේ ගැලවුම්කරුවා වශයෙන් පෙනීසිටීමේ බොළඳ උත්සාහයක් බවත්ය
www.srilankanewsweb.net
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article