Mr.කොත්තු වැඩේ කැතැයි හොඳේ ?

0
107

මිගමුවේ ගල්කන්ද හංදියේ පිහිටල තියෙන Mr.කොත්තු ආපන ශාලාවට විරුද්ධව ප්‍රදේශවාසින් බරපතල චෝදනාවක් දැන් කලක පටන්ම එල්ල කරනව.
මොකද එයාලගෙ අප ජලය ෂේප් එකේ බිත්තියෙන් හිලක් හදල අවට නිවැසියෝ යන පාරට යවනව..දැන් කාලයක් තිස්සේම මේක වෙමින් තියෙනවලු.අපි පහුගිය ජුනි මාසෙත් මේ ගැන ලිව්වා.මේ ගැන අවට නිවැසියෝ මහජන සෞඛ්‍ය මහත්තුරු ඇතුලු වගකිව යුතු අයවත් දැනුවත් කරල තිබුනත් මේ කැත වැඩේ දිගටම වෙනවලු.අපිත් මේ ගැන අදාල ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරික්ෂකවරයාව දැනුවත් කළා.අද අතටම අහුවුනා.කුස්සියේ අප ජලය ලැජ්ජ නැතුව එ අවට නිවැසියෝ යන පාරට යවපු හැටි සාක්ෂි එක්කම අපි දැන් දානව.අද උදේ ඉදන් මේ විදියට වතුර පාරට යවල තියෙනව.

IMG 20251127 WA0073
සිදුරු වලින් අප ජලය පාරට යවන අයුරු…

 

Mr.කොත්තු මේ වැඩේ කැතයි හොඳේ.ඉක්මනින් මහත්තුරු වගේ වැඩකරන්න පටන් ගන්න.

ලොව පරසිදු නගරයක් වුනත් මිගමුවේ ආපනශාලා වර්ගිකරණය කරන H800කියන වැඩසටහන පටන් ගන්න දශක දෙකක් ගිහිල්ලත් අපේ PHI මහත්තුරුන්ට බැරිවුනා.

IMG 20250619 WA0079ලංසලගේ පවුල් පාලනේ නම් ඒකට හේතුව .දැන් කරදරෙත් ඉවරයිනේ.සෞඛ්‍ය කාරක සභාවත් වැඩඇල්ලුවනේ.වැඩේ කියන්නේ සෞඛ්‍ය කමිටුවේ ඉන්න අය ඇත්තටම මේව H 800 ගැනවත් දන්නේ නැතුව ඇති.

කමක් නැ දැන්වත් මිගමුවේ ආපන ශාලා ප්‍රමිතිය අනුව වර්ගිකරණය වැඩේට අතගහමු නේද.අනික Mr.කොත්තුලට තොත්තු.නොදි මෙදා සැරේ තදින්ම නීතිය ක්‍රියාත්මක කරන්න.

මිපුර අපි ඉතාමත් විමසිල්ලෙන් බලන් ඉන්නව.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here