Next ආයතනය වසා දැමිම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය සමාගමෙන් නිවේදනයක් !

0
207

සේවකයින් 1400යකට රැකියා අහිමිකරමින් කටුනායක නිදහස් වෙළද කලාපයේ පිහිටි NEXT Manufacturing ඇගළුම් කර්මාන්ත ශාලාව වසාදැමීම සම්බන්ධයෙන් එම කර්මාන්ත ශාලාව හිමි බ්‍රිතාන්‍යය සමාගම නිවේදනයක් නිකුත්කර තිබේ. එම නිවේදනයට අනුව කටුනායක නි. වෙ. කලාපයේ පිහිටි NEXT Manufacturing කර්මාන්ත ශාලාව වසාදමා ඇත්තේ දිගින් දිගටම පාඩු ලැබිමත්, ඉහල නිෂ්පාදන වියදමත් නිසාය.

සමාගමේ අධ්‍යක්ෂ David Reay සඳහන් කරන ආකාරයට: “සියලු විකල්ප පිළිබඳව සලකා බැලීමෙන් පසුව සමාගම මෙම ඉතා අපහසු තීරණය ගත් බවත් එයට මූලිකම හේතුව කටුනායක කර්මාන්ත ශාලාවේ වියදම දිගින් දිගටම ඉහළ යෑමත්..පසුගිය වසර කිහිපය පුරාම එම කර්මාන්ත ශාලාව අලාභදායකව ක්‍රියාත්මක වීමත් ය – “At the heart of this decision is the increasingly high operating cost of the Katunayake Manufacturing Plant…For some years now, the plant has been unprofitable, and despite our considerable efforts to rectify the situation, we have been unable to make the factory economically viable”.

එම නිවේදනයේ තවදුරටත් දක්වනුයේ කර්මාන්තශාලාවේ, එකී අලාභදායක පැවැත්ම තවදුරටත් වෙනස්කිරීමට හැකියාවක් නොමැති බව ඔවුන්ට එත්තුගිය බවයි (Recently, it has become clear that there is no prospect of this changing).

මේ තත්වය තුල කටුනායක නි. වෙ. කලාපයේ පිහිටි NEXT Manufacturing කර්මාන්ත ශාලාව සම්පුර්ණයෙන්ම වසා දැමීම නිවේදනය කරන අතරම එම සමාගමටම අයත් කටුනායක පිහිටි තවත් කර්මාන්ත ශාලා දෙකක් වන The Embellishment හා Product Development Plants හීද සේවක කප්පාදුවක් (Redundancies) සිදුකරන බව ද නිවේදනය කරයි. එසේ ඉවත්කරන සේවක සංඛ්‍යාව පිලිබද දත්ත පහතින් දැක්වේ.

මෙම බ්‍රිතාන්‍යය සමාගමට අයත් ආඩිගම හා නවගත්තේගම පිහිටි කර්මාන්තය ශාලා තවදුරටත් ක්‍රියාත්මක වෙන බව ද එම ප්‍රකාශණයේ දැක්වේ.

කටුනායක පිහිටි NEXT Manufacturing කර්මාන්ත ශාලාව වසාදැමීම නිසා රැකියා අහිමිවන 1434 ක්වූ සේවක/සේවිකාවන්ට රැපියල් මිලියන 2.5ක වන්දියක් ලබාදෙන බව ද, එම වන්දිය ලබාදෙන ආකාරය ද, එම නිවේදනයේ සදහන් කර තිබේ.

එම දත්ත ද පහතින් දැක්වේ.

මාකස් ප්‍රියන්ත පෙරේරා
22/05/25

FB IMG 1747955711193 FB IMG 1747955705622

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here