මෙවර පළාත් පාලන මැතිවරණයේ මිගමු ආසනයේ ප්‍රතිඵල අනුව පොහොට්ටුවටද එක් මන්ත්‍රීධුරයක් හිමිව තිබුණි.
මේ සඳහා දැඩි පොරයක් පැවැති අතර රහස් ඡන්දයක් පැවැත්විමට පවා සුදානමක් පැවැති බව අප මීට පෙර වාර්තා කළෙමු.
කෙසේ වෙතත් හිටපු ඇමති ඉන්දික අනුරුද්ධගේද මැදිහත්විම තුල පොහොට්ටුවේ මන්ත්‍රීධුරය හිටපු නාගරික මන්ත්‍රී දයාල් නිලංගට ලබාදිමට තිරණය වු බව වාර්තා විය.
ජේෂ්ඨත්වය, පොහොට්ටු ලයිස්තුවේ වැඩිම ඡන්ද,අඟුරුකාරමුල්ල කොට්ඨාසයේ මාලිමාවට පසු දෙවනියට වැඩිම ඡන්ද ලබාගැනිම යන කරුණුද සැලකිල්ලට ගනිමින් මේ තෝරා ගැනිම කර තිබුණ බවද වාර්තාවේ.























