(Pick Me / Uber ) කුලී රථ සේවාවේ ගැටළු ගැන මාධ්‍ය සාකච්ජාවක්!!

0
18

පික්-මී සහ ඌබර්
(Pick Me / Uber ) කුලී , ත්‍රී රෝද රථ රියදුරු සංගමයේ රැස්වීම සහ මාධ්‍ය හමුවක්, මීගමුව පොඩි පන්සලේදී. ….

මීට වසර 03 කට පමණ එනම් ,2023 වසරේ ජුලි මස පිහිටුවාගත් “සමස්ත අන්තර්ජාල ටැක්සි සේවා රියදුරු සංගමය” මඟින් පවත්වන ලද විශේෂ රැස්වීමක් සහ මාධ්‍ය හමුවක් පසුගිය 10 වෙනි දින (10/06/2026 ) මීගමුව පොඩි පංසල හෙවත් අබේසේකාරාරාම විහාරස්ථානයේ , ප්‍රධාන ශාලාවේදී පැවැත්විණි. මේ වන විට රට තුළ අන්තර්ජාලය ඔස්සේ ක්‍රියාත්මක වන
පික් මී සහ ඌ බර්
(Pick Me / Uber ) කුලී රථ සේවාව තුළ ධාවනය කරන ත්‍රී රෝද රථ සඳහා වර්තමානයේ බලපා ඇති ප්‍රශ්න ගැටළු හා ඒවාට ලබා ගත හැකි විසඳුම් පිළිබඳව මෙම රැස්වීමේදී සාකච්ඡාවට ලක් කර ඇත. . ඒ අනුව ත්‍රී රෝද රථ සඳහා ලබා දී ඇති පෙට්‍රල් කෝටාව මෙි වන විට වැඩි නොවීම, ක්යු. ආර්. (Q.R.) ක්‍රමය ඔස්සේ හඳුන්වා දී ඇති ඔත්තේ ඉරට්ටේ ක්‍රම භාවිතය නිසා ත්‍රී රෝද රථ රියදුරන් මුහුණපා ඇති ගැටලු. ද, එලෙසම ත්‍රී රෝද රථ නියාමනය මන්දගාමී වීම යන කරුණු පිළිබද ද මෙහිදී විශේෂයෙන් සාකච්ඡාවට ලක් කොට ඇත.
ඒ අනුව එහිදී ත්‍රිරෝද රථ සඳහා බලපාන්නාවූ ප්‍රශ්න ගැටලු හඳුනාගෙන ඒවා විසඳා ගත හැකි තීන්දු තීරණ කිහිපයක් පිළිබඳවද විශේෂයෙන් මෙම රැස්වීම තුළදී අවධානයට ලක් කොට තිබිණි.

ඒ අනුව ත්‍රීරෝද රථ සඳහා ලබාදෙන ඉන්ධන කෝටාව (පෙට්‍රල් කෝටාව) වැඩි කරගැනීම, සහ 2025/08 දරණ පනත හැකි ඉක්මනින් ක්‍රියාත්මක කරවා ගැනීම ආදී කරුනු කාරනා සඳහා ප්‍රවාහන අමාත්‍යවරයාව සාකච්ඡාවක් සඳහා ඉක්මනින් හමුවීමට ද එහිදී තීරණය වි තිබේ.

IMG 20260613 WA0134 IMG 20260613 WA0133
ඉන්පසුව එම සියලු ගැටළු සහ කරුණු කාරණා මෙන්ම එම ගැටළු විසඳා ගැනීම වෙනුවෙන් ගත් තීන්දු තීරණ මාධ්‍ය වෙත දැනුම් දීම සිදුවිය. මෙම මාධ්‍ය හමුව සඳහා සමස්ත අන්තර්ජාල ටැක්සි සේවා රියදුරු සංගමයේ සභාපති ඩී.ඒ.සී. පුෂ්පකුමාර මහතාත් එලෙසම එම සංගමයේ ලේකම් අයි.එන්. නාලක කුමාර මහතාත් අදහස් පළ කළහ.
මෙම විශේෂ රැස්වීම සහ මාධ්‍ය හමුව සඳහා එම සංගමයේ සමාජිකයන් විශාල පිරිසක්ද සහභාගී වූහ.

සටහන .-.
තුෂාර රොහාන් ප්‍රනාන්දු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here