spot_img
spot_img
Wednesday, May 1, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

SPA තරුණියන්ගේ ජිවිත මතින් ගොඩ ගියේ කව්ද ?

Must read

මිගමුවේ ස්පා සීල් තැබිමත්,එහි තෙරපිවරියන් දෙදෙනෙකුට HIV තිබුන බවත් ,කියමින් ප්‍රධාන ධාරාවේ ඇතැම් මාධ්‍ය මෙන්ම , වෙබ් අඩවිද හිට් වැඩිකරගැනිමේ තරඟයක යෙදෙමින් දින කිපයක් පුරා එය උඩ දැමු ආකාරය නිරික්ෂණය කලෙමු..

කපුටු මිඩියා බවට පත්ව ඇති ලංකාවේ අතිබහුතරයක් මාධ්‍ය හිට් මේනියාව පෙරදැරිකරගෙන ක්‍රියාත්මක වෙන පසුබිමක  මාධ්‍යවේදින්ගේ නිසි කාර්යභාරය ගිලිහි යමින් තිබෙන ආකාරය යළිත් වරක් SPA පුවත හරහාද සිදුවෙමින් තිබුණි.

පොලිසියටද වැඩියෙන් අවැසිව තිබුනේ මාධ්‍ය හරහා SPA වැටලිම මාධ්‍ය සංදර්ශනයක් බවට පත්කරගැනිමටදැයි ඇති සැකයද නිකන්ම බැහැර කළ යුත්තක් නොවේ.

ඇතැම් මාධ්‍යවේදින් තෙරපිවරියන්ගේ කදුළු කතාද පොලිසියේ මහත්තුරුන්  ඔවුන් ට කිවා යැයි සඳහන් කරමින් මාධ්‍ය වල ඒවා පලකරමින් තිබේ.

මිගමු තුල ක්‍රියාත්මක සම්බාහන මධ්‍යස්ථාන දැනට කලක පටන් ක්‍රියාත්මක ඒවාය.එවායේ  මේ දැන් වෙමින් තියෙනව යැයි කියන සකලාකාර පැකේජ් ක්‍රියාත්මක බව කොටුවේ  පොඩි හාමුදුරුවන්ගේ සිටි මිගමුවේද  බහුතරයක් දෙනා දනි.

එහෙත් ඒවා නිරුපද්‍රිතව ක්‍රියාත්මක විය.මහනගර සභාවේ ලියාපදිංචි නැතිව ව්‍යාපාරයක් මිගමුවේ කරගෙන යා  හැකිද? නගර සභාව මේ ස්පාවල එල්ලා ඇති නාමපුවරු වලට මුදල් අයකර නැතිද ?

මේවා තුල සිදුවන නිතිවිරෝධි ක්‍රියාවන් ගැන පොලිසිය නොදැන සිටියාද? කොච්චිකඩේ පොලිස් බලප්‍රදේශයේ SPA කරන ව්‍යාපාරිකයන් පොලිසියේ ඇතැම් නිලධාරින්ගේ කල්කිරියාව ගැන කියන කරුණු උසස් පොලිස් නිලධාරින් නොදැන සිටියාද?

මේවා තුල සිදුවන්නේ සම්බාහනයට එහා ගිය දේවල් බව ඉතා පැහැදිලි පසුබිමක ලිංගාශ්‍රිත ඒකකය හරහා මේ සේවිකාවන්ගේ  ලිංගාශ්‍රිත රෝගි තත්වයන් ගැන දැනගැනිමට වැඩපිලිවෙලක් සැකසි තිබුනේද?

දැන් මිගමුවේ SPA ක්‍රියාත්මක නැත.මේවායේ සේවය කරනු ලැබු 100කට වැඩි ලිංගික ශ්‍රමිකයන්ගේ අද තත්වය කුමක්ද? එක්තරා පුවත්පතක පලව තිබුනේ අවුරුදු 15 වක තෙරපිවරියකගෙන් සේවය ලබාගැනිමට පැමිණ සිටි අයෙකු ඇ⁣ගේ කදුළු කතාව අසා ආපසු හැරි ගිය බවය.ඉන් කියැවෙන්නේ මේ තෙරපියරින්ගේ පුද්ගලික ජිවිත කතා දැන පත්තර පිටු අතරේද අනෙකුත් මාධ්‍ය තුලද සැරිසරන බවය.

මෙවාට අදාල වෘත්තිය ආචාරධර්ම   ක්‍රියාත්මක ද ?

ගිනි කන්දක් පිපුරුවාක් මෙන් වු SPA වැ⁣ටලිමේ මෙහෙයුම දැන් අවසන්ද? ඉන් එහාට කුමක්ද? මේ තුලින්  හෙලිදරව් වි ඇති සමාජ ගැටලු වලට ඉන් එහාට සිදුවන්නේ කුමක්ද?

දැනට ආනාවරණය වි ඇති කරුණු ගැන සලකා බැලිමේදි 2019 න් පසු ස්පා නියාමනය ගිලිහි ගොස් ඇත. ඉන් කියැවෙන්නේ සිස්ටම් හදන්නනට යැයි කියා බලයට පැමිණි ගෝඨාභයගේ පාලන කාලය තුල ස්පා නියාමනය ඉවත් කිරිම තුලින් කිසිඳු නියාමනයකට ලක්වු නොවු ස්පා දස දහස් ගණක් රටපුරා බිහිවු බවය. මසාජ් පාලර් ගැන කප් ගැසු  පියවරුන් සිටින මිගමුව තුල නියාමනයකින් තොරව ස්පා පැතිර යාමත් එහි සේවය සඳහා එන තරුණියන්ගේ අනාරක්ෂිත බවද මේ හා බැදේ . වයස අවුරුදු 15 ක තරුණ දරුවෙකු ස්පා වල සිටියා යැයි  කියන මාධ්‍ය සහ අනිකුත් බලධාරින් එවැනි දැ සිදුවෙමින්  තිබුනේ කෙසේදැයි ප්‍රශ්ණ කරනවාද ?

සැබැවින්ම දැන් කරන්නට ඇත්තේ නියාමනකින් තොරව  රටපුරාත් මිගමුවේත් ඉඩ දුන් සකලාකාර චුදිතයන් ප්‍රශ්ණ කරන තත්වයක් ඇති කිරිමයි.

දැනට හෙළිදරව් වි ඇති කරුණු අනුව මේවායේ නියාමනය ගිලිහී යන්නේ 2019 වසරේ සිටිය.එනම් ගෝඨාබය රාජපක්ෂගේ පාලන සමය තුල බවය. ඉන් පසු දස දහස් ගණනින් රටපුරාත් මිගමුවේත් ස්පා බිහිවුණ අතර මේවා කිසිවක් කිසිඳු නියාමනයකට යටත් ව තිබුණේ නැත. නියාමනයක් නැති තැන සිදුවි හැක්කේ කුමක්ද ?

මේ ප්‍රශ්ණය මතුපිටින් අතගා කුණු රසය පමණක් බෙදන්නට කටයුතු කළ අය මේ ගැන කියන්නේ කුමක්ද ? මේ  ඇත්ත ප්‍රශ්ණය ගැන පුලුල් සංවාදයක් මතුකරලිමේ වගකිම මිගමුවේ සියළු පැවිදි නායකයන් මත මෙන්ම සිවිල් සාමාජ කණ්ඩායම් වෙතට පැවරෙන පැහැර හැරිය නොහැකි වගකිමක් බව අවසාන වශයෙන් අවධාරණය කල යුතුව තිබේ. කුණු රසය පසු පසුම අදෙන බහුතරයක් වන කපුටා මිඩියා  මේ ගැන කිසිවක් නොකරන බවක් නම් ඉතා පැහැදිලිය.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article