spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

TNA සහය කාටද ? තීන්දුව ඔක් 31 න් පසුව !

Must read

sumanඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් වැඩි වාසිය කාටදැයි විග්‍රයන්හි යෙදෙන විද්‍යාර්තින් බොහෝ දෙනෙකු සිය මත පළකර සිටින්නේ උතුරේ සහ නැගෙහිර ඡන්දය මෙහිදි වඩාත් තිරාණාත්මක බවය.
මේ අතර දෙමළ ජාතික සන්ධානය තවමත් සිය අවසන් තින්දුව ප්‍රකාශයට පත්කර නොමැත.
දෙමළ ජාතික සන්ධානයේ අවසන් තීරණය ඔක්තෝබර් 31 වනදා ප්‍රකාශයට පත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්දිරන් මහතා ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කොට තිබුණි.ඒ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතාගේ නිවසේ ඊයේ (24) පස්වරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුතුරුවය.ගෝඨාභය රාජපක්ෂ ය සහ  සජිත් ප්‍රේමදාස යන අපෙක්ෂකයන්ගේ  ප්‍රතිපත්ති ප්‍රකාශනය  එළිදැක්වීමෙන් අනතරුව ඒවා අධ්‍යනය කිරීමෙන් අනතුරුව තමන් සහාය පළ කරන්නේ කාටද යන්න පිළිබඳව තීරණයකට එළඹෙනනේ යැයි සුමන්තිරන් මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.
මේ අතර පසුගියදා එරාවුර් හි පැවැත් රැස්විමකිදි නාමල් රාජපක්ෂ පවසා සිටියේ තමන් උතුරු නැගෙනහිර ඡන්ද වැදගත් නැති බවය.
කෙසේ වෙතත් පොහොට්ටුවේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ පසුගියදා ඉන්දිය මාධ්‍ය වෙත අදහස් දක්විමින් කියා තිබුනේ උතුරේ ඡන්ද ඉතා වැදගත් බවය.
නාමල්ගේ  ප්‍රකාශයත් මේ විට පොහෝට්ටුවේ හැසිරිමත් අනුව පැහැදිලි පෙනියන්නේ තනි සිංහල ආණ්ඩුවක් පිළිබද මතය වෙනුවෙන් දකුණේ උපරිම වශයෙන් ජාතිවාදය අවුස්සා ලිමට කටයුතු සංවිධානය කරනු ඇතැයි පැහැදිලි වෙමින් තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article