ජාතික මීලාදුන් නබි ප්‍රධාන රාජ්‍ය උත්සවය පැවැත්වීමට , මීගමුවේ සියල්ල සුදානම් . ….

0
113

.

මේ මස 26 වැනිදා(26/08/2026) මීගමුව අල්-හිලාල් විද්‍යාලයීය පරිශ්‍රයේදී පැවැත්වීමට
නියමිත 42 වන ජාතික මීලාදුන් නබි ප්‍රධාන සැමරුම් රාජ්‍ය උත්සවයේ අවශ්‍ය කටයුතු මේ වන විට සිදුකරමින් පවතී. ඒ අනුව එහි සංවිධාන කටයුතුවල ප්‍රගතිය විමසා බැලීමේ විශේෂ කමිටු රැස්වීමක් ඊයේ දින (14/08/2026) මීගමුව අල්-හිලාල් විද්‍යාලයීය පරිශ්‍රයේදී පැවැත්විණි.

ඊයේ පැවති , මෙම කමිටු සමාලෝචන රැස්වීම සඳහා ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලෆර් මහතා, සහභාගි වූ අතර කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා,සහ ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍යය සුගත් තිලකරත්න මහතා ද එලෙසම පසුගියදා පත් කරන ලද නව මීගමුව නියෝජ්‍ය නගරාධිපති ෆසීර් මොහොමඩ් මහතා ද ඇතුළු රාජ්‍ය නිලධාරීන් පොලිසිය හා ත්‍රිවිධ හමුදාවේ උසස් නිලධාරීන් පිරිසක් ද ඒ සඳහා සහභාගි වූහ.

ඒ අනුව මෙම රාජ්‍ය උත්සවය සංවිධානය කිරීමේදි එහි කටයුතු භාර දී ඇති පාර්ශවයන් විසින් මේ වන විට අදාල ක්ෂේත්‍රයන් තුළ සිදුකර ඇති සංවිධාන කටයුතු වල ප්‍රගතිය මෙහිදී විමසා බැලීම සිදු කෙරිණි. විශේෂයෙන්ම රටේ නන්දෙසින් මෙම රාජ්‍ය උත්සවය සඳහා සහභාගි වන ඉස්ලාම් බැතිමතුන් වෙනුවෙන් අවැසි ආරක්ෂාව, ප්‍රවාහන කටයුතු ඇතුළු අනෙකුත් ප්‍රධාන සහ මූලික පහසුකම් කිසිදු බාධාවකින් තොරව සංවිධානය කිරීම පිලිබඳව මෙම කමිටු සමාලෝචන රැස්වීමේදී විශේෂ අවධානයක් යොමු විය.

​ තවද මෙම අවස්ථාවට මුස්ලිම් ආගමික නායකයින්, මුස්ලිම් දේවස්ථාන වල පාලක සභා සාමාජිකයින් මෙන්ම සංවිධාන කමිටු සාමාජිකයින් ඇතුළු විශාල පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වී සිටි ආකාරය දැකගත හැකි විය.

සටහන .-.
තුෂාර රොහාන් ප්‍රනාන්දු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here