තායිලන්ත, ” හිරෝස් චැමිපියන් ” තරඟාවලියේදී මීගමුවේ තයිකොන්ඩෝ ශූරයන්ගෙන් දස්කම් රැසක්. …

0
31

තායිලන්ත, ” හිරෝස් චැමිපියන් ” තරඟාවලියේදී මීගමුවේ තයිකොන්ඩෝ ශූරයන්ගෙන් දස්කම් රැසක්. ….

පදක්කම් 21 කින් ශ්‍රී ලංකාවට අභිමානයක් . ..

පසුගිය ජූලි 31, අගෝස්තු 01 සහ 02 යන තෙදින පුරා තායිලන්තයේ, පතායා නගරයේ පැවති 09 වැනි “හිරෝස් චැම්පියන්” (09th Heroes Champion) තයිකොන්ඩෝ තරගාවලිය ශ්‍රී ලංකාවට අභිමානයක් එක් කරමින් නිමාවට පත් විය. රටවල් 31 කින් තරඟකරුවන් 4000 කට අධික පිරිසක් සහභාගී වූ මෙම දැවැන්ත තරගාවලියට, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මීගමුව, රත්නපුර සහ මහනුවර යන තයිකොන්ඩෝ ක්‍රීඩා සමාජ 03 නෙන් 50 කට අධික ක්‍රීඩක පිරිසක් සහභාගී වීම විශේෂත්වයකි.

මෙම තරගාවලියේදී, මීගමුවේ “නිමල් ප්‍රනාන්දු” තයිකොන්ඩෝ ක්‍රීඩා සමාජයෙන් තරගකරුවන් 11 දෙනෙකු සහභාගී වූ අතර, නිරූෂා ප්‍රනාන්දු සහ ෂෙනාල් සෙනෙවිරත්න යන පළපුරුදු පුහුණුකරුවන් දෙපළගේ මග පෙන්වීම යටතේ ඔවුන් ශ්‍රී ලංකාවට මහත් කීර්තියක් හා අභිමානයක් එක් කළහ.

ශ්‍රී ලංකාවට හිමි වූ පදක්කම් විස්තරය සහ මීගමුව “නිමල් ප්‍රනාන්දු” තයිකොන්ඩෝ ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් තරගාවලියට සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා මෙසේය. ……

දිනිල් ඒරන් ඩයස්: රන් පදක්කම් 01ක් සහ රිදී පදක්කම් 01ක්
ඒඩ්‍රියන් පෙරේරා: ලෝකඩ පදක්කම් 02 ක්
ඉනූෂ ප්‍රනාන්දු: ලෝකඩ පදක්කම් 02 ක්
ඩිෆ්නා පෙරේරා: ලෝකඩ පදක්කම් 02 ක්
ශනෙලි ප්‍රනාන්දු: ලෝකඩ පදක්කම් 02 ක්
රූත් අප්පුහාමි: රිදී පදක්කම් 01ක් සහ ලෝකඩ පදක්කම් 01ක්
ලෙෂනි උමයංගනා: රිදී පදක්කම් 01ක් සහ ලෝකඩ පදක්කම් 01ක්
දිනෙත් ඒෂාන්: රිදී පදක්කම් 02 ක්
සදීෂ සිරිවර්ධන: රිදී පදක්කම් 01 ක් සහ ලෝකඩ පදක්කම් 01ක්
ෂෙනාල් සෙනෙවිරත්න: ලෝකඩ පදක්කම් 02 ක්
නිරෝෂා ප්‍රනාන්දු: රිදී පදක්කම් 01ක්

මෙලෙස මෙම තරඟාවලයේදී ශ්‍රී ලංකාවට සමස්තයක් වශයෙන් පදක්කම් 21 ක් දිනා ගැනීමට මෙම දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හැකි විය. ජාත්‍යන්තර තලයේදී මෙවන් දක්ෂතා දැක්වීම ශ්‍රී ලාංකේය තයිකොන්ඩෝ ක්‍රීඩාවේ අනාගතය පිළිබඳව මහත් බලාපොරොත්තු ඇති කරන්නකි. මෙම ජයග්‍රහණයන් ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේත්‍රයට මහත් අභිමානයක් හා ගෞරවයක් එක් කළ අතර, අනාගතයේදී මෙරට තයිකොන්ඩෝ ක්‍රීඩාව තවදුරටත් ජනප්‍රිය වීමට මෙම ජාත්‍යන්තර ජයග්‍රහණය ඉවහල් වනු නොඅනුමානයි.

සටහන .-.
තුෂාර රොහාන් ප්‍රනාන්දු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here