පහර කෑමට ලක්වු තරිඳු ජාතික රෝහලට ! පොලිසියට එරෙහිව බොරැල්ලේ විරෝධතා !

0
609

අත්අඩංගුවට පත් තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ විධායක කමිටු සාමාජික තරිඳු උඩුවරගෙදර කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුළත් කර තිබේ. 

වෘත්තීය සමිති ඊයේ (28) පස්වරුවේ පැවැත් වූ විරෝධතාවක් අතරතුර මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර මහතා පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබිණි. 

විරෝධතාව පැවැත්වෙන අතරතුර ත්‍රිරෝද රථයක් තුළ සිටියදී මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර මහතා පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ, නීති විරෝධී රැස්වීමක සාමාජිකයෙකු වීම හා රජයේ නිලධාරියෙකුට සාපරාධී බලහත්කාරය පෑම යන චෝදනා මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු වූ බවයි.

මේ අතර තරිදුට  පහරදි අත්අඩංගුවට ගත් පොලිසියට එරෙහිව අද බොරැල්ල පොලිසිය ඉදිරිපිටදි විරෝධතාවයක්ද සංවිධානය කර තිබුණි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here