spot_img
spot_img
Saturday, May 4, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කොළඹ තරිඳු සහ මුලතිව් විශ්වලිංගම්…

Must read

පොලිසිය විසින් මාධ්‍යවේදි තරිඳු⁣ට එරෙහිව මුදාහල ම්ලේච්ඡත්වය විරෝධය පළකරමින් අද පෙරවරුවේ බොරැල්ල පොලිසිය ඉදිරිපිට සංකේතාත්මක විරෝධයක් සංවිධානය කර තිබුණි.

මෙයට අමතරව මාධ්‍ය තුලද පුලුල් කතා බවක් මේ ගැන ඇතිව තිබුන අතර මාධ්‍ය සංවිධාන කිපයක් විසින්ද නිවේදන නිකුත් කරන ලදි.⁣

කෙසේ වෙතත් මේ වන විට තරිඳු ට ඇප ලැබි ඇත.

මේ අතර 2021නොවැම්බර් මාසයේදි මුලතිව් මාධ්‍යවේදී විශ්වලිංගම් හට හමුදාව ම්ලේච්ඡ ලෙසින් පහර දි තිබුනේ මුල්ලිවයික්කාල් නාමපුවරුව ඡායාරූප ගතකළා යැයි කියමිණි.

ත්‍රිවිලයක් තුල සිටි තරිඳු සිය ජංගම දුරකතනයේ පොලිසිය ඒ මොහොතේ හැසිරුන ආකාරය ඡායාරූපය ට නගමින් සිටඇත.

මෙම සිදුවිම් දෙකෙදිම මාධ්‍යවෙිදින් දෙදෙනෙකු උතුරේදි සහ දකුණේදි ප්‍රහාරයට ලක්ව තිබුණි.

එහෙත් මේ ප්‍රහාරයන්ව වලට අදාල දකුනේ මාධ්‍ය හැසිරුනේ වර්ගවාදි ආකාරයකිනි.

තරිඳු ගේ අත්අඩංගුවට ගැනිම ගැන සිරස කරන ලද ප්‍රවෘත්ති ආවරණය අතිවිශිෂ්ට යැයි උවිදු විසින් ලියා තිබුනේ.එහෙත් ඒ සිරසම මුලතිව් මාධ්‍යවෙිදියට හමුදාව එල්ල කරන ලද පහර දිම විරෝධය පළකරමින් මිගමුවේ පැවැති විරෝධතාවය ආවරණය නොකරන ලෙස සිරස දමිල අංශයේ ප්‍රවෘත්ති කර්තෘවරයෙකු විසින් මිගමුවේ සිරස වාර්තාකරුට කියා තිබුනේ එම ප්‍රහාරය බොරුවක් බවත් එම විරෝධතාවය ආවරණය නොකරන ලෙසත්ය.

මුලතිව් මාධ්‍යවේදි විශ්වලිංගම්ට එල්ල කරන ලද ප්‍රහාරය දකු⁣⁣ේන මාධ්‍ය විසින් වාර්තා නොකළ අතර දකුනේ මාධ්‍ය සංවිධානද මුනිවත රැකිම සිය භාවිතාව කරගෙන තිබුණි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article