පිටිපන මත් උවදුර දුරු කරන්න හොට් ලයින් එකක්.

0
283

Negombonews-pitipana- ඉතා ඉක්මනින් ව්‍යාප්ත වී යන මත්ද්‍රව්‍ය උවදුරෙන් මීගමුව, පිටිපන ප්‍රදේශයේ පාසල් ශීෂ්‍යයන් ඇතුළු තරුණ පරපුර බෙරා ගැනීම සඳහා ගත යුතු පියවර පිලිබඳව දැනුවත් කිරිමේ විශේෂ රැුස්වීමක් පසුගිය   ඉරුදිනක පෙරවරුවේ දී පිටිපන දේවස්ථානයේ ධීවර කේන්ද්‍රයේදී පැවැත්විණි.

එමෙන්ම පිටිපන ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය අලෙවි කරන ස්ථාන සහ පුද්ගලයින් ව නීතිය ඉදිරියට පමුණුවාලීම සඳහා ක්‍රියාත්මක වීමට නිවැරදි තොරතුරු ලබා දීම සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක වන 072-2187119 දරණ ( හොට් ලයින් – දුරකථන අංකය හඳුන්වා දීමද මෙහිදී සිදු විය.

මෙම රැුස්වීම පැවැත්වුයේ පිටිපන දේවස්ථානයේ මීසම් පාලක නිමල් රංජිත් පියතුමාගේ ප‍්‍රධානත්වයෙන් වූ අතර ඒ සඳහා පිටිපන යහපත් එෙඬ්රාගේ කන්‍යාරමයේ ප්‍රධාන කන්‍යා සොහොයුරිය ද සහභාගී විය. මෙම රැුස්විමේදී මීගමුව පොලිසියේ උප පොලිස් පරීක්ෂක සරත් බන්ඩාර මහතාද සභාව ඇමතීය.

මීගමුව නගරයේ සහ නගරයට ආසන්න ප්‍රදේශවල ජීවත් වන තරුණ පරපුර වර්තමානයේ දී විවිධ වූ මත්ද්‍රව්‍ය වලට ගොදුරුවීමේ වර්ධනයක් දක්නට ලැබේ.

මීගමුව , පිටිපන ප‍්‍රදේශය ද අද වන විට තරුණ පරපුර අතර මත් ද්‍රව්‍ය භාවිතය වැඩිම සහ ඉතා ඉක්මනින් ව්‍යාප්ත වී ඇති ප්‍රදේශයක් ලෙසට නම් කල හැකිය.පිටිපන ප්‍රදේශයේ පදිංචි, ලෙස්ලි මහතා සහ දීපාල් මහතා විසින් මෙම රැුස්වීම සංවිධානය කර තිබු අතර අංක 162/ඞී ග්‍රාම නිලධාරී පීටර් කැනී මහතා ද ඒ සඳ සහය වී තිබිණි.

 

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here