වෙන්නප්පුව ප්‍රදේශයේ කොහුමෝලකට ගිනිතබා අලහභාණි කිරිම සම්බන්ධයෙන් සැකපිට කාන්තාවක් සැප්තැම්බර් 15 වනදා උදැසන අත් අඩංගුවට ගත්බව වෙන්නප්පුව පොලිසිය පවසයි මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ එම කොහු මෝලේම සේවය කල 46 හැවිරිදි කාන්තාවකි වෙන්නප්පුව ප්‍රදේශයේ පිහිටා ඇති මෙම කොහු මෝලට පෙරේදා 14 රාත්‍රියේ කිසියම් පිරිසක් ගිනි තබා ඇති බවට එහි හිමිකරු කරන ලද පැමිණිල්ලක් මත සිදුකල විමර්ශණයකින් අනතුරුව එම කාන්තාව අත් අඩංගුවට ගත් බව පොලිසිය කීය මෙම ගිනි තැබිමෙන් කොහුමෝලේ යන්ත්‍ර සූත්‍රවලට මෙන්ම නිෂ්පාදිත කොහු වලටද හනි වි ඇති බවත් රුපියල් ලක්ෂ එකහාමාරක පමණ හානියක් එම කොහු මෝලට සිදු වි ඇති බවට පැමිණිල්ලේ සඳහන් වන බව පොලිසිය කීය මෙම කාන්තාව සේවය නිමවා අධික බීමතින් සිටින අතරතුර මෙම ගිනිතැබීම කර ඇති බවට ලැබි ඇති තොරතුරු අනුව වැඩි දුර පරික්ෂණ සිදු කරන බව පොලිසිය පැවසීය
චන්දන ප්‍රනාන්දු



















