ංංංංංංංංංංංංංංංං මීගමුව, බෝලවලාන, වෑබඩ පාරේදී අද (06/10/2026) අලුයම් කාලයේදී කඩු ප්‍රහාරයකින් පුද්ගලයෙකු ඝාතනය කර ඇති බවට වාර්තා වූ අතර මීගමුව පොලිසිය පැවසුවේ වාහනයකින් පැමිණි 03නෙකු විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවයි. මියගිය පුද්ගලයා මුදල් පොලියට දෙන තැරැව්කරුවෙකු බවට හඳුනාගෙන තිබේ.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ දෙමංහන්දිය ,උතුරු කදිරාණ, ඇටඹගහවත්ත ප්‍රදේශයේ අංක. 415/226 දරණ ස්ථානයේ පදිංචි 43 හැවිරිදි තම්මිටගේ චන්දන ප්‍රසන්න පෙරේරා නැමැත්තාය.
අද (06/10/2026) අලුයම 1.30 ට පමණ 119 හදිසි ඇමතුම් අංකයට ලැබුණු තොරතුරක් මත මීගමුව අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක ලොකුනාරංගොඩ මහතා ඇතුළු නිලධාරී කණ්ඩායමක් සිද්ධිය වූ ස්ථානයට ගොස් විමර්ශන ආරම්භ කර තිබේ
පොලිසිය වර්තා කරන ආකාරයට, මියගිය චන්දන ප්‍රසන්න පෙරේරා නැමැත්තා අලුයම 1.30ට පමණ වෑබඩ පාරේ කටුවපිටිය දෙසට යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී, පිටුපසින් පැමිණි කාර් රථයකින් ආ.. පුද්ගලයන් කිහිප දෙනෙකු විසින් කඩු වලින් පහර දීමට උත්සාහ කර තිබේ. පහරදීමට සූදානම් වනවාත් සමඟම, ඔහු යතුරුපැදියෙන් බැස වෑබඩ පාරේ ඩී.එස්. ද සිල්වා පෙදෙසේ මේරිස් පෙර පාසල අසල මාර්ගයේදී කපා කොටා ඝාතනය කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.
ඝාතනයට ලක්වූ පුද්ගලයා වැටී සිටි ස්ථානයට මීටර් 20 ක් පමණ දුරින් ඔහු පැමිණි යතුරුපැදිය සහ එඒ ආසන්නයේම එහි යතුර ද සොයාගෙන ඇති අතර පොලිසිය විසින් නඩු භාණ්ඩ වශයෙන් ද නම් කර තිබේ. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මඟින් යතුරුපැදියේ ලියාපදිංචිය විමසීමේදී, මියගිය පුද්ගලයා තම්මිටගේ චන්දන ප්‍රසන්න පෙරේරා බවට තහවුරු වී ඇත. “නිසංසලා අරුණි කුමාරි” නැමැති තැනැත්තිය එම ස්ථානයේ වැටී මියගොස් සිටින පුද්ගලයා තම ස්වාමිපුරුෂයා බවට පොලිසියට ප්‍රකාශ කර ඇත.
මෙම මරණය පිළිබඳව මහේස්ත්‍රාත් පරීක්ෂණයක් සිදුකර පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීම සඳහා මීගමුව රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිට නියෝගයක් ලබා දෙන ලෙස, අපරාධ විමර්ශන කාර්යාංශයේ නඩු කටයුතු මෙහෙයවන පොලිස් සැරයන් බණ්ඩාර මහතා විසින් අද දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබේ. මේ පිළිබඳව තවදුරටත් පොලිස් විමර්ශන අඛණ්ඩවම ක්‍රියාත්මක වන බවද වාර්තා වුණි.



















