පුනරුදය රටේ පාලනය බාර අරන් දැන් අවුරුදු දෙකකුත් පිරුනා.
මිගමුවේ මාලිමා පාලනයටත් දැන් මාස 15 ටකත් වැඩියි.
හැබැයි මිගමුවේ බිච් පාක් එක නම් තාමත් අයිති පවුලකට.
පහුගිය මැතිවරණ තුනේදිම මිගමුවේ හැම අස්සක් මුල්ලක් නෑරම තිබුන පුනරුද රැස්විම් කන් පැලෙන්නම කතා කරපු මාතෘකාවක් තමයි බිච් පාක් එක.
මිගමුවේ මිනිස්සු හිතුවේ ආණ්ඩුව ගත්ත ගමන් බිච් පාක් පාලනය ආයෙමත් මිගමුව මහනගර සභාවට යටත් අරන් ඒකෙන් හොයන්න පුලුවන් රු කෝටිගානක ආදායම ජනතාවාගේ සුබ සාධනයට යොදවයි කියල. 
අපිට මතකයි වත්මන් නියෝජ්‍ය නගරාධිපති ඒ කාලේ එයාල් බුකි පිටුවෙත් දාල තිබුනේ දැන් ඒක අපේ වගේ කියල.
හැබැයි කියන්න ලැජ්ජයි කණගාටුයි තාමත් බිච් පාක් එකේ ආදායම යන්නේ ලංසලගේ තාත්තාගේ සතුට වෙනුවෙන්.
මාලිමා පාලනයට තාම බැරිවුනා ඒ අදායම මිගමුවේ බදුගෙවන ජනයාගේ ප්‍රයෝජනය වෙනුවෙන් යොදවන්න.
මේ ගැන කතා කරන්න බැරිලු නඩුවක් තියෙන නිසා.
හැබැයි අපට මතකයි මිගමුවට ආපු ගම්පහ මාලිමා ප්‍රධානියෙක් නම් ඒ කාලේ කිව්වේ නාගරික සංවර්ධන අධිකාරියත් අපේනේ ඒ හින්ද අපට ගේමක් නැ අපි බිච් පාක් එක ගමු කියල
හැබැයි දැන් ලොක්කොයි සොක්කොයි ඔක්කොම නිහඬයි.
ලංසල ස්මාට්වෙලා මේ ගේම ගහද්ද් මහින්දල සුගත්ලට ඇයි ස්මාර්ට් රිටර්න් එකක් දෙන්න.
සල්ලි යන්නෙ පවුලකට උනාට ඒක සුද්ද කරන්න සල්ලි වියදම් කරන්නෙ මිගමුවේ බදු ගෙවන සල්ලි නේදැයි ප්‍රශ්ණ කරන්නටවත් දැන් කව්රුත් නැ වගේ.
වත්මන් චාමර පාලනය වත් මේ ගැන තදින් ක්‍රියාත්මක වෙයිද?




















