වෙරළ වැනසු සරුංගල් සැණකෙළිය සහ නව පුරපති…

0
28

පසුගියදා  (08/08/2026) මීගමුව වෙරළ උද්‍යානය කේන්ද්‍ර කරගනිමින් පැවති සරුංගල් සැණකෙළියක් හා සංගීත ප්‍රසංගයක් අවසන් වීමෙන් පසු  (09/08?2026) උදෑසන මීගමුව මුහුදු වෙරළ ප්‍රදේශය පුරා පැතිරුණු බරපතල පරිසර විනාශයක් දැකගත හැකි විය.

මෙරට ප්‍රකට රූපවාහිනී නාලිකාවක අනුග්‍රහයෙන් සහ මාධ්‍ය දායකත්වයෙන් පැවති මෙම සරුංගල් සැණකෙළිය සහ ඊට සමගාමීව සවස සිට රාත්‍රිය දක්වා පැවති ජනප්‍රිය ගායක ගායිකාවන්ගේ සංගීත ප්‍රසංගය නැරඹීමට පැමිණි විශාල ජනතාවක් විසින් මීගමුවේ මනරම් වෙරළ තීරයට දැවැන්ත හානියක් සහ විනාශයක් සිදුකර තිබේ.

ඉරිදා දිනයක් බැවින් විදේශීය සංචාරකයින් මෙන්ම මීගමුව ඇතුළු අවට අවට ප්‍රදේශ වලින් කුඩා දරුවන් ඇතුළු පවුල් රැසක් ද වෙරළ තීරයට පැමිණ සිටි අතර, ඔවුන් මෙම තත්ත්වය දැක දැඩි කම්පාවට පත්ව ඇත. හිස් වූ මත්පැන් බෝතල්, බියර් ටින්, බයිට් පැකට්, ලන්ච් ෂීට්, ෂොපින් බෑග් සහ පොලිතීන් වැනි පරිසරයට අහිතකර දිරා නොයන අපද්‍රව්‍ය වෙරළ තීරයේ මෙන්ම ධීවර බෝට්ටු තුල ද ගොඩගැසී තිබූ අයුරු දක්නට ලැබිණි.

විදෙස් සංචාරකයින් බහුලව ගැවසෙන මීගමුව වෙරළ උද්‍යානය සහ ඒ ආශ්‍රිත මුහුදු වෙරළ කලාපය මෙවන් අභාග්‍ය සම්පන්න ඉරණමකට ලක්වීම, මීගමුව සංචාරක කර්මාන්තයට අහිතකර ලෙස බලපානු ඇතැයි බොහෝ දෙනා පෙන්වා දෙති. “මෙවැනි තත්ත්වයක් දකින විදෙස් සංචාරකයන් මීගමුව සංචාරක කලාපයේ තත්ත්වය කෙසේ නම් වටහා ගනීවිදැයි ප්‍රදේශවාසීහු ප්‍රශ්න කරති.

වාර්තා වන ආකාරයට මෙම සරුංගල් සැණකෙළිය හා සංගීත ප්‍රසංගය අදාළ මාධ්‍ය නාලිකාවේ අනුග්‍රහයෙන් වසරක් පාසා පවත්වනු ලබන අතර, මෙවර සිදුවී ඇති විනාශය පිළිබඳව වගකිවයුතු බලධාරීන් නිහඬව සිටීම සම්බන්ධයෙන් ජනතාව දැඩි ලෙස අප්‍රසාදය පළ කරති. මීගමුව මහා නගර සභාව, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ මීගමුව වෙරළ උද්‍යානය (මීගමුව බීච් පාර්ක්) මේ වන විට පාලනය කරන සහ නඩත්තු කරන නාගරික සංවර්ධන අධිකාරිය යන වගකිව යුතු රජයේ ආයතන මේ සම්බන්ධයෙන් වහාම පියවර ගත යුතු බවට මහජනතාව ඉල්ලා සිටිති. මේ ආකාරයෙන් මීගමුව මුහුදු වෙරළ තීරය ආශ්‍රිත ව සිදු ව ඇති පරිසර විනාශය, බලධාරීන්ගේ නෙත ගැටේවා යනු සැමගේම ප්‍රාර්ථනාවයි.

මේ අතර නව පුරපතිගේ නායකත්වය යටතේ මිගමුව මහනගර සභාවේ සෞඛ්‍ය කම්කරුවන් කැපවිමෙන සරුංගල් සැණකෙළියෙන් වනසා දැමු මිගමුව වෙරළ පවිත්‍රකිරිමට පියවරගෙන තිබිම වි⁣⁣ශේෂයෙන්ම හෝටල් හිමියන්ගේද පැසසුමට ලක්ව තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here