සීදුව විජය කුමාරතුංග රෝහලේ වංචා ,දූෂණ රැසක් හෙළිවේ – කාන්තා රෝගීන් ලිංගික අතවරවලට ලක්වෙන බවටත් චෝදනා

0
47

 

 

( 10.30 am ) සීදුව විජය කුමාරතුංග රෝහලේ මේ වන විට විශාල වංචා දූෂණ රැසක් පවතින බවත්, රෝගීන් ප්‍රතිකාර ලබා ගැනීමට යාමේදී විශාල මුදල් ප්‍රමාණයක් අනවශ්‍ය පරිදි අයකර ගන්නා බවත්, කාන්තා රෝගීන් එහි සේවකයන්ගෙන් ලිංගික අතවරවලට ලක්වී දැඩි පීඩාවට පත්වන බවත් සීදුව විජය කුමාරතුංග රෝහල සුරැකීමේ ගම්වාසීන්ගේ එකමුතුව විසින් පැවති මාධ්‍ය සාකච්ඡාවකදී හෙළිදරව් කර තිබේ.

එහිදී ලිංගික අතවරයට ලක්වූ බව කියන කාන්තාවන් අතරින් එක් කාන්තාවක් සහ ප්‍රදේශවාසීන් කිහිප දෙනෙකු මාධ්‍යයට අදහස් දැක්වූහ.

මෙම රෝහල සඳහා රජයෙන් මුදල් වැය කළද ඒ සඳහා කිසිදු සාධාරණයක් ඉටු නොවන බැවින් මෙම රෝහල සම්පූර්ණයෙන් රජයට පවරාගෙන ක්‍රමවත්ව පවත්වාගෙන යන ලෙස ඔවුන් ඉල්ලා සිටිති.

ගම්පහ – පියපේම මානික්කරත්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here