හිටපු නගරාධිපතිවරයාට, මීගමුව මහා නගර සභාව , අවසන් ගෞරවය පුද කරයි. .

0
352

පසුගියදා හෘදයාබාධ තත්වයක් හේතුවෙන් තම දිවිසැරියට සමුදුන් මීගමුව හිටපු නගරාධිපති හර්මන් බර්නාඩ් කුරේරා මහතාගේ දේහය අද දින (06/08/2026) සවස මීගමුව මහා නගර සභාවට රැගෙන එන ලදී . එහිදී මීගමුව මහා නගර සභාව වෙනුවෙන්, සම්ප්‍රදායානුකූලව එම දේහය භාරගත් මීගමුව නවක නගරාධිපති දුලිප් චාමර ප්‍රනාන්දු මහතා පසුව ඔහුගේ ප්‍රධානත්වයෙන් එම දේහය මහා නගර සහාවේ, සභා ගර්භයේ ( චේම්බරයේ ) තැන්පත් කළහ. ඉන්පසු මීගමුව නගරාධිපතිවරයා විසින් අභාවප්‍රාප්ත , හිටපු නගරාධිපති හර්මන් කුරේරා මහතාගේ හදිසි අභාවය නිමිත්තෙන් සමස්ථ මහා නගර සභාව වෙනුවෙන් සොව පල කරමින් සහ හර්මන් කුරේරා මහතාට අවසන් ගෞරවය පුද කරමින් ඔහු පිළිබඳව ඔහු කෙටි ගුණ කථනයක් ද සිදු කළේය . ඉන් පසුව නගරාධිපති චාමර ප්‍රනාන්දු මහතා , අභාවප්‍රාප්ත හිටපු නගරාධිපති හර්මන් කුරේරා මහතාගේ දේහයට අවසන් ගෞරවය දක්වමින් පුෂ්පෝපහාර පුද කළේය. මෙලෙස හිටපු නගරාධිපති හර්මන් කුරේරා මහතාගේ දේහයට අවසන් ගෞරව පුද කිරීමේ මෙම අවස්ථාවට නාගරික කොමසාරිස් නුවණී සුදුසිංහ මහත්මිය ඇතුළු ආණ්ඩු පක්ෂයේ සහ විපක්‍ෂයේ නාගරික මන්ත්‍රීවරුන් පිරිසක්ද, සහභාගි වූහ.
මෙම අවස්ථාවට මීගමුවේ හිටපු නගරාධිපතිවරයෙකු වූ ඇන්ටනී ජයවීර මහතාද සහභාගි විය.

එලෙසම මීගමුව මහා නගර සභාවේ විවිධ අංශයන් නියෝජනය කරමින් එම අංශ වල ප්‍රධාන නිලධාරී මහත්ම මහත්මාවීන් මෙන්ම මීගමුව මහා නගර සභාවේ විවිධ අංශ නියෝජනය කළ සේවක සේවිකාවන් පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ. එලෙසම හිටපු නගරාධිපතිවරයාගේ දේහයට අවසන් ගෞරව පුද කිරීමේ අවස්ථාවට මහා නගර සභාවට අනුයුක්ත ගිණි නිවන ඒකකයේ නිලධාරීහු පිරිසක් ද සහභාගි වූහ.

එමෙන්ම අභාවප්‍රාප්ත හිටපු නගරාධිපති හර්මන් කුරිරා මහතාගේ දේහය සමඟින් , ඒ මහතාගේ පවුලේ ඥාතීන් පිරිසක්ද මීගමුව මහා නගර සභාවේ, සභා ගර්භය වෙත පැමිණ සිටිනු දැකගත හැකි විය. ඒ අතර හර්මන් කුරේරා මහතාගේ බිරිඳ ෂර්ලි කුරේරා මහත්මිය, වැඩිමහල් පුතු රුචිත කුරේරා මහතා සහ බාල පුතු ෂෙහාන් කුරේරා මහතාද තවද හර්මන් කුරේරා මහතාගේ සොයුරු නිමල් කුරේරා මහතා, ද මීගමුව මහා නගර සභාවේ ,සභා ගර්භය වෙත පැමිණ සිටියහ.
තවද මීගමුව නගරවාසීන් පිරිසක් ද එම අවස්ථාවට සහභාගී වූහ.

මෙලෙස මීගමුව
මහා නගර සභාවේ , සභා ගර්භය තුළ තැන්පත් කර තිබූ දේහය ඉන් හෝරාවකට පමණ පසු , අභාවප්‍රාප්ත හිටපු නගරාධිපති හර්මන් කුරේරා මහතා විසු මීගමුව කඩොල්කැලේ ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවස වෙත රැගෙන යන ලදී .

ඒ අනුව අභාවප්‍රාප්ත මීගමුව හිටපු නගරාධිපති , හර්මන් කුරේරා මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු එළඹෙන 08 වැනි (08/08/2026) සෙනසුරාදා දින සවස 4.30 ට මීගමුව කඩොල් කැලේ ප්‍රදේශයේ පිහිටි කඩොල් උයන , රොමානු කතෝලික සුසාන භූමියේදී සිදු කෙරේ.

සටහන .-.
තුෂාර රොහාන් ප්‍රනාන්දු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here