හෙටත් මහවැසි !අද වැඩිම වර්ෂාපතනය කටුනායකට!

0
263

කටුනායක 2මහජනයා සඳහා කාලගුණ අනාවැකිය

2019 සැප්තැම්බර් මස 24 දින උදෑසන 05.30 ට නිකුත් කරන ලදි.

දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වය 25දා රාත්‍රී කාලය දක්වා තවදුරත් පවතිනු ඇතැයි බලාපොරොත්තුවේ.

දිවයිනේ බොහෝ පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

බස්නාහිර, දකුණු,සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී. 200 වැඩි ඉතා තද වර්ෂාපතනයන් ඇති විය හැක. වයඹ,උතුර, ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී. 100 ට වැඩි තද වර්ෂාපතනයන්ද ඇති විය හැක.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය දක්වා ඇති පරිදි වැඩිම වර්ෂාපතනය වාර්තා වන්නේ කටුනායකිනි.එය 250.9 mm කි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here