Thursday, June 20, 2013
Breaking News
You are here: Home » News » ඔබට මතක නැති …….. අපේ අයියා…..

ඔබට මතක නැති …….. අපේ අයියා…..

නිදහස් වෙළද කලාපයේ කම්කරුවන්ගේ EPF එක රැකගන්ඩ කම්කරුවෝ  දියත් කරපු අති දැවැන්ත අරගලය හමාර  වුනේ රටට ආශ්වාදයක් ලබා දුන් ජයග්‍රහණයකින්. කම්කරුවන්ගේ සල්ලි මංකොල්ල කන්ඩ හදපු සැලැස්ම පැරදුනා.නමුත් ඒ වෙනුවෙන් ගෙවන්න වෙච්ච වන්දිය විශාලයි

ලස්සන තරුණයෙක්ගේ ජිවිතේ අහිමිවුනා. මිය ගිය රොෂෙන්ව සමරල මාසේ හැම පළවෙනිදාම ඇවරිවත්තේ පොලිසිය ඉස්සරහ ඔරලෝසු කණුව වටේට සිහිකිරිමක් තියෙනවා.

පහුගිය ඔක්තෝබර් පළවෙනිදා මේ සමරුවට රොෂෙන්ගේ බාල මල්ලිත් ඇවිල්ල උන්න.එදා උන්නෙත් වෙනදා වගේම 30 කටත් අඩු පිරිසක්.ජයග්‍රහණය ලබාගත්තු කම්කරුවෝ දහස් ගාණක් මේ ඔරලොසු කණුව අසලින් යන හැටි අර බාල මල්ලි බලන් උන්න.කොළුවට තාම රස්සාවක් නෑ. ලොකු අයියාගේ මගපෙන්විම යටතේ හෝටල් පාඨමාලාවක් කරන්නලු හිතන් ඉන්නේ.එතකන් තාත්ත එයාල හැමෝවම ලොකු මහත් කරන්න කරපු ලිංගුස් මැසින් හදන වැඩේට උදව් වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>