Saturday, May 25, 2013
Breaking News
You are here: Home » News » කලපුව හැරූ ගුරුගේ ගේ ආධාරකරුවෝ 30 දක්වා බන්ධනාගාරයට

කලපුව හැරූ ගුරුගේ ගේ ආධාරකරුවෝ 30 දක්වා බන්ධනාගාරයට

බැකෝ යන්ත්‍රයක් යොදා ගනිමින් මීගමුව කලපුවේ දුපතක ඇල මාර්ගයක් කපමින් සිටි ගුරුගේ   ගේ සේවකයින් දෙදෙනෙකු අද උසාවියට ඉදිරිපත් කළ අවස්ථාවේ ඔවුන් පවසා තිබුනේ තමන් වරදි කරුවන් බවය.කෙසේ වෙතත් මේ දෙදෙනා ඔක්තෝබර් 30 වනදා දක්වා රක්ෂිතබන්ධනාගාර ගත කිරිමට විනිසුරුවරිය නියෝග කළාය.

ඇල හැරිමට යොදා ගත් බැකෝ යන්ත්‍රයද අත්අඩංගුවට ගෙන ඇතත් එය කලපුව හරහා ප්‍රවාහනය කිරිම දුෂ්කර ව තිබුන හෙයින් එය රැගෙන විත් තිබුනේ නැත.

කුට්ටිකාඩුව සහ නයිනතුරේ ලෙසින් ධීවරයින් විසින් හදුන්වනු මේ දුපත ගුරුගේ විසින් නම් කර ඇත්තේ කිංග්ස් අයිලන්ඩ් නමිනි.