Wednesday, June 19, 2013
Breaking News
You are here: Home » News » දංකොටුව , තඹරවිල උළුමෝලක වහලයක් කඩා වැටී, කම්කරු කතුන් තිදෙනෙකුට තුවාල …

දංකොටුව , තඹරවිල උළුමෝලක වහලයක් කඩා වැටී, කම්කරු කතුන් තිදෙනෙකුට තුවාල …

 

දංකොටුව,  කුලියාපිටිය පාරේ තඹරවිල ප්‍රදේශයේ පිහිටි මෙම උළු කම්හලේ වහලය කඩා වැටී ඇත්තේ පසුගිය ඔක්තෝබර් 12 වන සිකුරාදා සවස 2.40 ට පමනය. වාර්තා වන පරිදි දඹුල්ල බලා ප්‍රවානය කිරීමට මුදුන් උළු තොගයක් පැටවීම සඳහා පැමිණි ලොරී රථයක් පිටුපසට ගැනීමේදී එම ලොරියේ වහලය සහ එම උළු කම්හලේ වහලය ගැටී තිබේ. ඒ අවස්ථාවේ එම ලොරියට උළු පැටවීම සඳහා එම ස්ථානයේ සිටි කමිකරු කාන්තාවන් තිදෙනා මතට එම වහලය කඩා වැටී තිබේ. එම අනතුරින් තුවාල ලත් එම කම්කරු කාන්තාවන් තිදෙනාව වහාම දංකොටුව රෝහලට යොමු කර ඇති අතර දංකොටුව රෝහලින් එක් කම්කරු කාන්තාවක මීගමුව රෝහල වෙත වහාම යවා තිබේ.

මීගමුව රෝහලේ 05 වන වාට්ටුවේදී ඇයව පරීක්ෂාකර බැලු වෛද්‍යවරු ඇගේ හිසේ පිටුපස ප්‍රදේශයට මැහුම් 05 ක් සහ හිසේ ඉදිරිපස (නලල) ප්‍රදේශයට මැහුම් 03 ක් දමා තිබේ. එලෙසම ඇගේ අත් පා ඇතුළු ශරීරයේ සෑම ස්ථානයකම පාහේ තැලීම් වලට ලක්ව ඇතැයි වෛද්‍යවරු ප්‍රකාශ කර තිබිනි. තවද මෙම අනතුරින් මීගමුව රෝහලට ඇතුලත් කර ඇති මේ කම්කරු කාන්තාව මෙම උළු කම්හලට ඇගේ සැමියාද සමඟින් සේවයට පැමිණ ඇත්තේ මීට මාසයකට පමන උඩදී බවත්  එම අනතුර සිදු වන අවස්ථාවේදීත් ඔහු ඒ ආසන්නයේම සිටි බවත් වාර්තා වේ. එලෙසම මෙම උළු කම්හල් අයිතිකරු , මෙම කාන්තාවට මෙලෙස අනතුරට ලක් වී රෝහල් ගත කර සිටියදී හෝ  ඇය රෝහලින් නික්ම එම උළු කම්හලට පැමිණි පසු හෝ වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර වෙනුවෙන් සහ ඇයට මෙම කාලය තුල ජීවත්වීමටවත් කිසිදු මුදලක් මෙතෙක් ලබා දී නොමැති බවද වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>