spot_img
spot_img
Saturday, April 27, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

නිදහස් වෙළද කලාප යුවතියක් සමුහ දූෂණයට ලක්වේ.

Must read

Negombo-News කිඹුලාපිටිය ප්‍රදේශයේ නේවාසිකව සිටින නිදහස් වෙළද කළාප යුවතියකගේ පෙම්වතා බව කියනන්නේ ගුවන් හමුදා භටයෙකි.ඔහු විවාහකයෙකු බවද පැවසේ.සංගිත සංදර්ශනයක් බලන්නට යෑමට මේ යුවතියට ඇරයුම් ලැබෙන්නේ ඔහුගෙනි.ඒ පසුගිය දිනක රාත්‍රියේය. පසුව සිය පෙම්වතා ගේ පෙරැත්තය පිට අදුරැ තැනකදි ඔවුන් හමුවෙති.

ඉන්පසුව සිදුවුයේ 4 දෙනෙකු අතින් ඇය ලිංගික අපහරණයට ලක්විමයි. මේ එක් අයෙක් ඇගේම පෙම්වතා බව කියන ගුවන් හමුදා සෙබළාය. අනෙක් අය ඔහුගේ මිතුරන්ය. තවත් ගුවන් හමුදා සෙබළලෙක්ද  මේ අතර වෙයි.

මේ යුවතියගේ පැමිණිල්ලකට  අනුව මේ අය අත්අඩංගුවට ගැනේ . මේ යුවතිය මීගමුව රෝහලේ දැනට ප්‍රතිකාර ලබයි.

පසුගිය දිනක මුළු ඉන්දියාවම කැළඹුනේ 6 දෙනෙකුෙග් සමුහ දූෂණයට ලක්වු වෛද්‍ය ශිෂ්‍යාවගේ මරණය පිළිබදවය. එයට විරෝධය පළ කරමින් ලංකාවේද උදඝෝෂණ සංවිධානය කර තිබුණි.

- Advertisement -spot_img

More articles

1 COMMENT

Comments are closed.

- Advertisement -spot_img

Latest article