Thursday, June 20, 2013
Breaking News
You are here: Home » News » මීගමුව YMCA ගිනස් වාර්තාවකට දායකවෙයි

මීගමුව YMCA ගිනස් වාර්තාවකට දායකවෙයි

එක දිනයකදී රටවල් 120 ක් පුරා වෙසෙන මිලියන 05 ක පමන පිරිසක් බාස්කට් බෝල ඉලක්කයට පැස තුළට විසි කිරිමෙන් ගිනස් වාර්තාවක් පිහිටුවීමට කටයුතු කර තිබිණි. පසුගිය ඔක්තෝබර් 13 වැනි ශනිදා දිනයේ පෙරවරු 7.00 සිට පස්වරු 7.00 දක්වා කාලය තුළ මෙම වැඩසටහන පැවැත්වුණු අතර මීගමුව ඇතුඵ ලංකාවේ පිහ්ිටුවා ඇති ශගඵගක්‍ග්ග ශාඛා 38 කදී මෙම වැඩසටහන පවත්වා එම ගිනස් වාර්තාවට දායක වීමට අවශ්‍ය කටයුතු ඒ අනුව සංවිධානය කර තිබිනි ළමා අපයෝජන , ගෝලීය උණුසුම ඉහලයාම සහ එච්.අයි.වී. ඒඞ්ස් රෝගය වැලැක්වීම වැනි කාරණාවන් සදහා සමස්ථ ජනතා ප‍්‍රාර්ථනාවන් පෙරදැරි කර ගෙන මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි. එලෙසම YMCA හෙවත් තරුණ කි‍්‍රස්තියානී සංගමයේ තරුණයන් සවිබල ගැන්වීමෙන් සමාජය නව ස්වරූපයකට යොමු කර ගැනීමේ කාර්්‍යය සාක්ෂාත් කර ගැනීම ද මෙම වැඩසටහන පැවැත්විමේ තවත් එක් මුලික අරමුණක් වී තිබිණි.
කැනේඩියානු YMCA හී නියෝජිත රොන් කොලොම්බේ මහතා සහ මීගමුව YMCA ශාඛාවේ සභාපති නිහාල් ප‍්‍රනාන්දු මහතා ඇතුඵ එම ශාඛාවේ සමාජිකයන් ද එලෙසම තරුණ තරුණියන් පිරිසක්ද මීගමුව කඩොල් කැලේ පිහිටි ශගඵගක්‍ග්ග ශාඛා පරිශ‍්‍රයේදී මෙම වැඩසටහන සදහා දායක වුහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>