කෑම වලට පණුවන් දැම්මේ පොලීසිය ද ?0 comments

By admin
Posted on 29 සැප් 2011 at 5:02ප.ව.

පසුගිය 27 වනදා පෙරියමුල්ලේ අල් අම්රා හෝටලයේ පාරිභෝජනයට නුසුදුසු ආහාර තිබීම නිසා සීල් තැබිණි. එනමුත් එම හෝටලය එදිනම රාත්‍රිෙය් නැවතත් විවෘතව පසුවදා පෙරවරැවේත් විවෘතව තිබූ බව ප්‍රදේවාසීන් පවසති.  සීල් තැබූ පසු හෝටලයක් එලෙස විවෘත කරන්නේ කුමන  නීතියක් යටතේ ද යන්න  පිලිබදව මීගමුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගෙන් විමසූ විට ඔහු කියා සිටියේ  එම හෝටල් හිමිකරැවන් මෙම සිදුවීම මීගමුව පොලීසිය විසින් කළ කුමන්ත්‍රණයක් යැයි පවසමින් ඔවුන්ගේ පැත්තෙන් හේතු දක්වන බවයි.  පොලීසියේ පිරිසක්  ඔවුන් සමග ඇති අමනාපයක් නිසා කෑම වලට ඔවුන් පණුවන් දමා ඇති බව හෝටල් හිමියන් පවසන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ප්‍රකාශ කළ අතර ඔහු පවසන්නේ සතියකට වරක් සිය නිලධාරීන් මෙම හෝටල් පරීක්ෂා කරන බවයි. කේසේ වතුදු 28 වනදා අල් අම්රා හෝටලය වෙනුවෙන් උසාවි ඉදිරියේ පෙනී සිටි පුද්ගලයා වරද පිළිගෙන ඇත.

Read also
Advertisement