ඇමති සුගත් පොරොන්දුව ඉටු කරයි ! කරවල නිෂ්පාදකයන්ට ලුණු බෙදයි.

0
56

මීගමුවේ කරවල නිෂ්පාදන කටයුතු මේ වන විට විශාල ලෙස පසුබෑමකට ලක්ව තිබුුුනේ කරවල නිෂ්පාදනයට අදාලව ලුණු නොමැතිවිම හේතුවෙනි .FB IMG 1747021424308

මේ ලුණු අවශ්‍යතාවය පිළිබදව පසුගිය මාර්තු 26 වෙනිදා මිගමුවේ කරවල නිෂ්පාදකයන් හා නියෝජ්‍ය ඇමති සුගත් තිලකරත්න විශේෂ සාකච්ජාවක් පවත්වා තිබුණ අතර දින 10 ක් ඇතුලත ලුණු සැපයිමට පියවර ගන්නා බව එහිදි ප්‍රකාශ කර  තිබුණි.‌ෙකෙසේ වෙතත් ඇමති සුගත්ටත් ඒ පොරොන්දුව ඉටු කිරිම සදහා දින 40 කටත් වඩා වැඩි කාලයක් ගතවිමෙන් පෙනි යන්නේ ලුණු ප්‍රශ්ණය කොයිතරම් බරපතලද යන කරුණයි.FB IMG 1747021439823

මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදි කරවල නිෂ්පාදකයන්ගේ සංගමයක නියෝජිතයෙකු  කියා සිටියේ සිය සංගමයේ සමාජිකයන් සදහා ලුණු මිටි 20 බැගින් බෙදා දිමට පියවර ගත් බවය. කරවල බැරල් 10  ක් පමණ  කරවල නිෂ්පාදනය කරන අයෙකුට මේ ලුණු ප්‍රමාණය දින 2 කට පමණ සැහෙන බව කියා සිටියේය.
කෙසේ වෙතත් ලබන සිකුරාදාටද තවත් ලුණු තොගයක් ලැබෙන බවද ඔහු කියා සිටියේය.

මිට පෙර ඇණුවුුු කර තිබුන  මෙම ලුණු තොගයේ ආසනික් නැමති විෂ රසායනය ඇති බවට සැකයක් ඇතිවී ඇති බවත්, ඒ පිළිබඳව පරීක්ෂණයක් කර නිගමනයකට එළඹෙන තුරු මෙම ලුණු තොගය කරවල ව්‍යාපාරිකයන් හ⁣ට ලබා නොදුන් අතර යළිත් වරක් ඇණුවුම් කර ගෙන ආ ලුණු තොග අද මෙසේ බෙදා දි තිබුණි.

මැතිවරණයෙන් පසු ලුණු ප්‍රශ්ණය නොවිසුනහොත් උද්ඝෝෂණයකට යෑමට කරවල නිෂ්පාදකයක් සුදානමින් සිටියහ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here