කටුනායක, ලියනගේමුල්ලේ ඉදි වන සිමෙන්ති කර්මාන්ත ශාලාව ගැන එම පරිපාලන නිලධාරින් කරුණු පහදයි..

0
246

 

කටුනායක, ලියනගේමුල්ල ප්‍රදේශයේ ඉදිවෙන සිමෙන්ති කර්මාන්ත ශාලාවකට පසුගිය දිනවල යම් මහජන විරෝධතාවයක් දක්වා තිබිණි. ඒ අනුව අවස්ථා දෙකකදී පමණ ඒ සඳහා විරෝධතා වැඩසටහන් පවා සංවිධානය කර තිබිණි. විරෝධතාකරුවන් එම විරෝධතා වලදී එම සිමෙන්ති කර්මාන්ත ශාලාවේ පරිපාලනයට නඟන ලද චෝදනා සම්බන්ධයෙන් එම කර්මාන්ත ශාලාවේ පරිපාලනය විසින් පසුගියදා ජා-ඇල ,ඒකල ප්‍රදේශයේදී මාධ්‍ය හමුවක් කැඳවා ,ප්‍රාදේශීය මාධ්‍යවේදීන් හට එම සිමෙන්ති කර්මාන්ත ශාලාව පිළිබඳවත්, විරෝධතාකරුවන් එම සිමෙන්ති කර්මාන්ත ශාලාවට නඟන ලද චෝදනාවන්ට ද පිලිතුරු ලබා දෙන ලදී.
එහිදී අනාවරණය වූයේ මෙම සිමෙන්ති කර්මාන්ත ශාලාව ,ශ්‍රී ලාංකික ව්‍යාපාරික ආයතනයකට අයත් එනම්, එය මෙල්වා නැමැති සමූහ ව්‍යාපාරයේ, තවත් එක් ව්‍යාපාරයක් බවයි. එය මෙල්වා සිමෙන්ති පුද්ගලික සමාගම ලෙසින් හඳුන්වා දෙනු ලැබීය.

මෙම මාධ්‍ය හමුව පැවැත්වුනේ මෙල්වා සමූහ ව්‍යාපාරයේ අලෙවි සහ සන්නාම ප්‍රධානී, මලත් කන්නන්ගර මහතාගේ සහ මෙල්වා සිමෙන්ති පෞද්ගලික සමාගමේ සමාගමේ ප්‍රධාන පරිපාලන නිලධාරි චින්තක තුඩුවේවත්ත මහතාගේ ප්‍රධානත්වයෙනි.
එහිදී මාධ්‍යවේදීන් අමතමින් මෙම මාධ්‍ය හමුව පැවැත්වීමේ අරමුණ ඔවුන් මෙලෙස පැහැදිලි කළහ.

” අද මෙම හමුව පැවැත්විමේ ප්‍රධාන අරමුණ බවට පත් වුයේ වෙන කිසිවක් නොව මෙල්වා කියන සමුහ ව්‍යාපාරයක් ලෙස අපේ නව ව්‍යාපාරයන් සහ අපේ නව නිෂ්පාදනයන් පිලිබඳව ප්‍රදේශයේ , ප්‍රාදේශීය මාධ්‍යවේදීන් දැනුවත්කිරීම සදහා තමයි මෙම මාධ්‍ය හමුව පවත්වන්නේ..

අපගේ සමූහ ව්‍යාපාරය තුළින් නව ව්‍යාපාරිකයක් ලෙස ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙන සිමෙන්ති කර්මාන්ත ශාලාව ගැන කෙටියෙන් හැදින්වීමක් කලහොත් ….

සිමෙන්ති කර්මාන්තශාලාව ගැන කෙට් හැදින්වීමක් කලහොත් , මෙහිදී බලාපොරොත්තු වෙන්නේ ලංකාවට මෙල්වා නමින් තවත් සිමෙන්ති සන්නාමයක් වීමටයි.මෙහිදී වැදගත්ම දේ වන්නේ, මේ ප්ලාන්ට් එකෙන් සිදු වන්නේ ඇඹරීම,මිශ්‍ර කිරීම සහ පැකින් කිරීම විතරයි..එතකොට මෙහිදී වෙන්නේ අමුද්‍රව්‍ය වශයෙන් අපි මීලි මීටර් 25 හේ අමුද්‍රව්‍ය ගොඩක් ගේන්නේ , ගෙනැල්ලා අඔරලා ,මිශ්‍ර කරලා පස්සේ පැක් කරන එක තමයි කරන්නේ. සමාන්‍යයෙන් ටොන් වශයෙන් ගත්තොත් එහෙම පැයකට 80 ත් 100 ත් අතර . එලෙසම දවසකට ටොන් 2000 ත් 1800 ත් අතර තමයි, දෙන්න බලාපොරොත්තු වෙන්නේ මාර්කට් එකට. එතකොට මේ ක්‍රියාවලියේදී සිදු වෙන්නේ “බෝන් මිල් ” කියන තාක්ෂණය තමයි භාවිතා කරන්නේ.. ඊට අමතරව තියෙන්නේ “රොටරා පැකින් ” කියන පැකින් එක. ඊට අමතරව බලාපොරොත්තු වෙනවා බල්ෆ් ෆෝම් එකෙන් සහ බෑක් ෆෝමි එකෙන් මාකට් එකට සිමෙන්ති දෙන්න.

අවශ්‍ය සහතික සහ අනුමත කිරීම්.

මෙහිදී වැදගත්ම දේ අධි තාක්ෂණය සහ ලෙටස්ට් ටෙක්නොලේජි එක පාවිච්චි කරලා තමයි මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ සංවෘත පද්ධතියක් තුල.ඒවගේම තමයි අපි ලෝකල් ස්යෑන්ඩර්ඩ් වගේම යුරෝපියන් ස්ටෑන්ඩර්ඩ් ෆලෝ කරනවා. ඊට අමතරව ප්‍රඩක්ට්ස් ගත්තොත් එහෙම ප්‍රඩක්ට්ස් වර්ග 03 කින් මාර්කට් එකට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා . ලංකාවේ පාරිභෝගික ජනතාවට සාමාන්‍ය ජනතාවට වගෙම සාමාන්‍ය ප්‍රොජෙකට් මාර්කට් එකට, ඕක තමයි කෙටියෙන් ක්‍රියාවලිය. මේකෙදි තව දෙයක් පැහැදිලිව කියන්න ඕනේ දැන් මේ සිමෙන්ති කර්මාන්ත ශාලාව පෝටර් ප්‍රොසෙස් එකක් නොවෙන හන්දා මෙහි සිදු වෙන්නේ ඇඹරීම , මිශ්‍ර කිරීම සහ පැකින් විතරනේ . එතකොට මේකට අදාල සියලුම දේවල් පැහැදිලි සහ අනුමත ඇප්රූවල් අපි අරන් තියනවා.

කර්මාන්ත ශාලාවට ආසන්නයේ ඇති කලපුවට, ජලය බැහැර කිරීම.

මෙතැනදී ජලය පාවිච්චි වෙන්නේ එදිනෙදා කාර්යයන් වලදී පමණයි. සිමෙන්ති ප්‍රොසෙස් එකේදී ජලය පාවිච්චි වෙන්නේම නෑහැ. මොකද ජලය හමුවේ සිමෙන්ති ගල් ගැහෙනවා. සාමාන්‍යයෙන් සිමෙන්ති ප්‍රොසෙස් එකේදී ජලය පාවිච්චි වෙන්නේ නැහැ.ජලය පාවිච්චි වෙන්නේ කැන්ටින් වල වගේ සාමාන්‍ය අපගේ දෛනික වැඩ කටයුතු වලට පමණයි. එහෙම පාවිච්චි කරන ජලයත් අපි වෙනම ට්‍රීට් කරලා අපි කල්ටිවේෂන් වලට ගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.. ඒත් ලොකු ජල ප්‍රමාණයක් පාවිච්චි වෙන්න නැහැ. මොකද මම කලින් කිව්ව වගේ ජලය හමුවේ සිමෙන්ති ගල් ගැහෙනවා…

පරිසර දූෂණය

මම ඉස්සරලා පැහැදිලි කරලා දුන්නා වගේ අපි අද තාක්ෂණයත් එක්ක අපිට පරිසරයත් එක්ක තියෙන බලපෑම ඇත්තෙන්ම ශුන්‍යයයි කියලා කියන්න පුළුවන්. හේතුව අර මම ඉස්සෙල්ලම කිව්වා වගේ යුරෝපියන් බෙස්ට් එවේලබල් ස්ටෑන්ඩර්ඩ් ඒ කියන්නේ දැනට තියෙන අධි තාක්ෂණය තමයි අපි භාවිතා කරන්නේ. ඒක නිසා පරිසරයට වෙන ඉම්පැක්ට් එක ශුන්‍යයි කියලා තමයි මට කියන්න තියෙන්නේ.මොකද අපි දැනට තියෙන ලේටස්ට් ටෙක්නොලොජි එක පාවිච්චි කරනකොට පරිසරයට බලපෑමක් වෙන්නේම නැහැ.

සිමෙන්ති නිෂ්පාදනයට අවශ්‍ය සිමෙන්ති කැට නිෂ්පාදනය වෙන්නේ කොහෙද ?

සිමෙන්ති කුඩු නෙමෙයි අපි ගේන්නේ ආටිකල්ස් තමයි අපි ගේන්නේ මේ පැක්ට්‍රියට. ඒ කියන්නේ මිලිමීටර් 25 හේ කැට තමයි අපි ගෙනල්ලා කුඩු කරලා මිශ්‍ර කරන්නේ. එතකොට ඩස්ට් එකක් පරිසරයට මුදා හැරෙන්නේ නැහැ. අනිත් එක ඒක තමයි අපි බෑග් ෆිල්ටර්ස් පාවිච්චි කරන්නේ. අපි මේ සිමෙන්ති කැට කොළඹ වරායෙන් කන්ටේනර්ස් වලින් තමයි මේ පැක්ට්‍රියට ගේන්නේ. අපි කොළඹ වරාය සිට හයි-වේ එක හරහා තමයි මේක ගේන්නේ මේක ගේන්නෙත් කැට ෆෝර්ම් එකේ, ගෙනල්ලා තමයි අර ඔයාලා දැක්ක මැෂින් එක. කිසිම වෙලාවක අපි මෙම කැට පැක්ට්‍රියට අරන් එද්දි කිසිම ප්‍රධාන පාරක ගේන්නේ නැහැ. හයි-වේ එකෙන් පමණයි ගේන්නේ. සාමාන්‍යයෙන් හයි-වේ එකේන් ශිප්මන්ට් එකක් ආපුවහම මාසෙකට දවස් 07 ක් පමනයි වරායේ ඉඳලා එන්නේ. අනික අපි ඒවා රෑ කාලේ පමණයි ගේන්නේ දවල් කාලේ කොහොමත් ගේන්නේ නෑහැ. ඒ ගේන්නෙත් හයි-වේ එකේ පමණයි.

හෝටලයක් හදන මුවාවෙන් සිමෙන්ති කර්මාන්ත ශාලාවක් ඉදිකෙරුවාද ?

අපි 2016 වර්ෂයේ , දැන් මෙතන ඉන්නවා සිවිල් ඉංජිනේරු මහත්තයා අපිත් එක්ක ඉන්නවා. අපි ඉස්සෙල්ලා මේ පැහැදිලි කිරීම කරන්න කලින් මම තේරුම් කරලා දුන්නා ඔබ සැමට , අපි ඉඩම් කිහිපයක් ගත්තා සංචාරක කර්මාන්තයටත් , සිමෙන්ති කර්මාන්ත ශාලාවටත් එතකොට අපි කල්පනා කරපු පළවෙනි දේ තමයි, සංචාරක කර්මාන්තයට මීගමුව තරම් මෙතන හොඳ වෙන්නේ නැහැ කියන එක.එතැන සිට තමයි අපි පටන් ගත්තේ .ඔය කතාව ප්‍රායෝගික කතාවක් නෙවෙයි.අපිට කිසිම එහෙකට හෝටලයක් කියලා , මේ පරිසර ඇගයීම් වාර්තා අපිට හම්බ වෙන්නේ නැහැ . අපි ගිහිල්ලා තියෙන්නෙම සිමෙන්ති කර්මාන්ත ශාලාවක් කියලම තමයි අපි මේ ඔක්කොම ඇගයීම් වාර්තා , ඒ කියන්නේ පරිසරය වර්තා ඉඳලා ඉඳලා යූ-ඩි එකේ ඉඳලා ,හැම ආයතනයකින්ම අරන් තියෙන්නේ සිමෙන්ති කර්මාන්ත ශාලාවක් කියලා. ඒ ප්‍රොසෙස් එකේ අපි ගිහින් තියෙන්නේ 2020 වසරේ ඉඳලා..නැතුව මේක අද ඊයේ පටන් ගත්තු එකක් නෙවෙයි.එදා ඉඳලා අපි අරගෙන තියෙන්නේ අවසරය මෙයට සම්බන්ධ සියලුම රජයේ ආයතන වලින් අපි අවසරය අරගෙන තියෙනනේ , සිමෙන්ති කර්මාන්ත ශාලාවකට මිසක් හෝටලයකට කියලා නෙවෙයි. එතකොට අර තියෙන මතය සම්පූර්ණ අසත්‍යයක්. මොකද හැමෝම දන්නවා අපි විවිධ ක්ෂේත්‍රවල අපි ඉන්නවා. හෝටල් ෂේත්‍රයෙත් අපි ඉන්නවා. ඔය කතාව ආවෙත් අර හිල්ටන් හෝටලය සම්බන්ධවයි. හිල්ටන් හෝටලය මේ වෙද්දි මීගමුව ඉදි වෙනවා. අපේ සමුහ ව්‍යාපාරය ඇතුළේ හන්දා තමයි ඔය කතාව ඇවිල්ලා තියෙන්නේ ..ගොඩක් අයගෙේ නොදැනුවත්වීම තමයි මේකට හේතුව. මොකද අපි හිතුවේ නැහැ මෙහෙම තත්ත්වයක් උදාවෙයි කියලා මොකද අපි සිමෙන්ති කර්මාන්තශාලාව විතරක් නෙවෙයි තවත් කර්මාන්තශාලා 05 ක 06 ක ඔපරේෂන්ස් සිදුවෙනවා. මේ අවශ්‍ය හැම දේකටම අපි ඒ රජයේ ආයතනවලින් ගත යුතු ඒ රජයේ ආයතනවල සියලුම අනුමැතියන් අරගෙන තමයි අපි ඒවා කරගෙන යන්නේ. ඒ නිසා අපි කියන්න ඕන මේවා අපි පුරුදු වෙන්න කරන දේවල් නෙවෙයි. අපි මේ කර්මාන්ත ශාලාවේ විතරක් නෙවෙයි මීට අවුරුදු 20 කට වගේ ඉඳලා මේ දේවල් කරන්නේ. උදාහරණයක් හැටියට ගත්තොත් පරිසර ඇගයීම් වාර්තා එයාලට ඕන වෙලාවක අපේ ආයතනයට ඇවිල්ලා,බලන්නත් පුළුවන් අවශ්‍ය වුණොත් එයාලට ඕන වෙලාවක අපේ ආයතනය නවත්වන්නත් පුළුවන්.එහෙම බලයක් එයාලට තියෙනවා. ඉතින් එහෙම බලයක් එයාලට තියෙද්දි තමයි, අපිට මේ හැමදේම කියන්නේ. ගොඩක් වෙලාවට මේක නොදැනුවත්ම මත සිදුවෙන දෙයක්.
අනික පුත්තලම සිමෙන්ති කර්මාන්ත ශාලාව ගැන මේ එක මහත්තයෙක් කතා කෙරුවා. ඒ ප්‍රශ්නය ඒක බොහොම හොඳයි. අපි කැමති නැහැ, නමක් කියලා ආයතනයක් ගැන කියන්න.ඒක හරි නැහැ.මම මුලින්ම ඉදිරිපත් කරපු ඒ ප්‍රසන්ටේෂන් එකේදිත් කිව්වා, මේ අසල තියෙන ආයතන ගැන. අපි ඒකට කැමති නැහැ. මොකද අපි කාටවත් ආයතනයක් ගැන නම් කියන්නම කැමති නැහැ. නමුත් පුත්තලමේ ප්‍රොසෙස් එක , පුත්තලමට ගිය කවුරුත් ඉන්නවද මෙතන.එතන අක්කර 600ක් .එයාලගේ බර්නස් එකයි දහන අංශය විතරක් , අපිට වඩා 03 ගුණයක් විතර ලොකුයි .අපට හිතන්නවත් බෑ අපේ ඉඩම වගේ 03 ගුණයක් විතර ලොකුයි. මේ චින්තක තුඩුවේ වත්ත මහත්තයා එතන අවුරුදු 16 යක් විතර එතැන මැනේජ් කරපු කෙනෙක්. අපිට එතන හිතන්නවත් බැහැ. අපිට ඒ ප්‍රොසෙස් එක ගැන ඇත්තෙන්ම හිතන්නවත් බැහැ මොකද අපි ඉන්නේ ඒකේ සීයට හැත්ත පහක් (75%) ඉවර වෙලා අන්තිම හරිය තමයි අපි ඉන්නේ.අපි කරන්නේ පැකින් සීයට විස්සක් (20%)විතර..බොහොම පොඩි ප්‍රමාණයක්.මොකද එහෙ කරන ඒවා මෙහේ කරන්නත් කොහොමටවත් ඉඩක්වත් නැහැ. අපි මේ කතාවෙදි කිව්ව වගේ මේ කර්මාන්තශාලාවෙන් බැහැර කිරීම් අවමයි..දහනයක් ඇත්තෙන්ම නැහැ.

දුහුවිලි පරිසරයට මුදා හැරීමක් වෙනවාද ?

දැන් මේ සිමෙන්ති කර්මාන්ත ශාලාව තියෙන්නේ මධ්‍යම ඝනත්ව කර්මාන්ත ප්‍රදේශයක. මේ සිමෙන්ති කර්මාන්ත ශාලාවට ආසන්නවම නිවැසියන් සිටින්නේ මීටර 150 ක 200 කටත් එහායින් . අපේ ප්ලාන්ට් එක තියෙන්නේ හරි මැද්දෙ එතන ඉඳලත් මං හිතන විදිහට මීටර 150 කට විතර වගේ තියෙනවා.

අවශ්‍ය ඇගයීම් අනුමැතීන්, ලබාගෙන තිබෙනවා නම් , ඒ පිළිබඳව පරිසර සංවිධාන, ජනතා සංවිධාන සහ ජනතා නායකයන් ප්‍රදේශවාසී සමස්ත ජනතාව දැනුවත් නොකළේ මන්ද ?

ඇත්තෙන්ම කියනවා නම් එතනදි තමයි අපි ටිකක් පරක්කු වුනේ. මොකද අපි හිතපු දෙයක් තමයි ගොඩක්ම මම කැමති නෑ නම කියන්නේ යූ- ටියුබ් වගේ දේවල් , පාවිච්චි කරනවා බොහොම වැරදි විදිහට. අපි කවුද කියන්න දන්නේ නැහැ, කට්ටියක් ඉන්නවා පිටුපසින් , ඒ අය ව්‍යාපාරිකයෝ වෙන්න පුළුවන්,වෙනත් පිරිසක් වෙන්නත් පුළුවන් ඇත්තෙන්ම කියනවා නම්,ඇත්තෙන්ම මේක ප්‍රදේශයේ ජනතාවට වැඩිය වෙන පිරිසක් වෙන අරමුණක් ඇතිව මේක පිටුපසින් ඉන්නවා කියලා අපිට කියන්න පුළුවන් . මොකද අපි ආයතනයක් විදිහට අපිට මධ්‍යම පරිසර අධිකාරියෙන් තමයි මේකට අනුමැතිය දීලා තියෙන්නේ. එනිසා අපට කිසිම බලපෑමක් කිරීමට කාටවත් හැකියාවක් නැහැ.මොකද නිලධාරීන් මාරු වෙනවා එයාලට හිතෙන හිතෙන විදිහට වාර්තා නිකුත් කරන පිරිසක් නෙවෙයි..ඒ හන්දා අපි ඒ වාර්තා එක්ක තමයි අපි මේ ගමන පටන් අරන් තියෙන්නේ.මේ අපේ ෆැක්ට්‍රිය තියෙන කලාපය මෙතන අපි ප්‍රැක්ට්‍රියේ ඉඳලා මීටර් 100ක් අපි අයින් කරලා තියෙන්නේ. ඒක අපිට මධ්‍යම පරිසර අධිකාරියෙන් ලැබුණු නිර්දේශයක් එතනින් එහාට අපිට ගස් වවන්න කියලා තියෙනවා අපිට එයාලා නිර්දේශයක් දීලා තියෙනවා., අපි ඒක කරන්න බැඳිලා ඉන්නවා..එම නිලධාරීන් සති දෙකකට සැරයක් ඇවිල්ලා බලනවා. සිවිල් ඇවිවේෂන් ඇවිල්ලා බලනවා, එයාලා මොනිටර් කරනවා ,අපි මොනවාද කරන්නේ, මොකද වෙන්නේ කියලා. මොකද එයාලගේ නිර්දේශ මාලාවක් තියෙනවා, ඒකට අනුකූලව අපි වැඩ කරන්න ඕනේ.

ගුවන් ආරක්ෂණ පද්ධතියට බලපෑමක් වෙනමද ?

එහෙම කිසිම බලපෑමක් හෝ ගැටලුවක් ප්‍රශ්නයක් මතු වෙන්නේ නැහැ ගුවන් ආරක්‍ෂණ පද්ධතියට. කෙසේ වුවත් සිවිල් ඇවිවේෂන් ( සිවිල් ගුවන් සේවා අධිකාරිය) සති දෙකෙන් දෙකට ඇවිදින් මෙතන මොනිටර් කරනවා. ඒ අය ඇවිත් බලනවා අපි මොනවාද කරන්නේ. ඒ වගකිවයුතු ආයතන ලබාදුන් නිර්දේශ වලට අනුකූලව තමයි අපි කටයුතු කරන්නේ.

කිසිදු වගකීව යුතු ආයතනයකින් චෝදනා නැත, කටකතා පමණයි.

මෙතෙක් මෙම කර්මාන්ත ශාලාවට කිසිදු රජයේ වගකිවයුතු ආයතනයක් විසින් කිසිදු චෝදනාවක් නගලා නැහැ. මේ වන විට කටකතා පමණයි පැතිරෙන්නේ. මොකද අපි සෑම වගකිවයුතු ආයතනයකින්ම අවසරය අරගෙන තමයි මේ ගමන ඇවිල්ලා තියෙන්නේ. අපි ළඟ සියලුම වාර්තා තියෙනවා අවශ්‍ය වෙන ඕනෑම වෙලාවක අපිට ඒවා පෙන්වන්න පුළුවන් කාට හරි ඒවා බලන්න අවශ්‍ය නම්. අපිට ඒව පෙන්නන්න පුළුවන්. මේ සඳහා විරුද්ධත්වය දක්වන මේකෙ පිටිපස්සෙන් ඉන්න පිරිස ළඟත් මේ වාර්තා තියෙනවා නමුත් නොදන්නා සේ ඉන්නවා.. ඒ අය මේ සම්බන්ධ හොඳට කරුණු කාරණා දන්නවා.

දීර්ඝකාලීනව සිමෙන්ති නිෂ්පාදන කර්මාන්තශාලාවකින් මිනිස් සෞඛ්‍යයට තර්ජනයක් හානියක් නැද්ද ?.

දීර්ඝ කාලීනව සෞඛ්‍යයට කිසිදු හානියක් තර්ජනයක් නැහැ .මොකද මමත් (චින්තක තුඩුවේවත්ත) අවුරුදු 30 කට වැඩි කාලයක් වෙනවා මේ සිමෙන්ති නිෂ්පාදන ක්ෂේත්‍රයට ඇවිත්. මොකද මේ කර්මාන්ත ශාලාවේ පහෙන් එකයි (1/5) ප්‍රොසෙස් එක. මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේකෙදි ඩස්ට් එක යන්නේ නෑහැ. ජලය පාවිච්චි කරන්නේ නැහැ. ඒ වගේම ශබ්දය අඩු කරලා තියෙන්නේ ටෙක්නොලොජි එක පාවිච්චි කරලා. සම්පූර්ණයෙන්ම මේ ක්‍රියාවලියේදී හානිය ශූන්‍යයි කියල තමයි කියන්න පුළුවන් වෙන්නේ . දීර්ඝ කාලීනව එහෙම එක්ස්පෝස් වීමක් ,බලපෑමක් නෑහැ. මොකද දැන් පරණ ටෙක්නොලොජිවලට කරලා හරියන්නෑ අලුත් ටෙක්නොදි අලුත් ස්ටයින් වලට අපට යන්න සිද්ධ වෙනවා මොකද අපිට ISO වගේ ජාත්‍යන්තර මට්ටමේ තත්ත්ව වලට සහ මෙරට කොලිටි ස්ටෑන්ඩර්ඩ් වලට යන්නම අවශ්‍ය වෙනවා. එහෙම නොවුනොත් මධ්‍යම පරිසර අධිකාරියට ඕන වෙලාවක මේක නවත්වන්න පුළුවන්. ඒ වගේම මේකේ රෝ මැටීරියල්ස් අපි ආනයනය කරන්නේ පිට රටවල් වලින් . ඒකෙදි විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්නේ කොලිටිය සහ මිලයි. ඒ අනුව තමයි අපි ඒ සිමෙන්ති කැට වෙනත් විදේශ රටවල් වලින් ආනයනය කරන්නේ.

ප්‍රදේශයේ ශ්‍රමිකයන් හට සෘජු රැකියා 250ක් සහ වක්‍ර රැකියා සහ ව්‍යාපාර තවත් දහස් ගණනක් …

මෙම කර්මාන්ත ශාලාවේ ඉදිකිරීම මේ වන විට සියයට 80 ක් (80%) පමණ නිමාවට නිමාවට පත්වෙලා තියෙන්නේ. මෙහි කටයුතු ආරම්භ වුනහම සෘජු රැකියා 250ක් පමණ හැදෙනවා. එම සෘජු රැකියා වලට අපි මුලින්ම මේ ප්‍රදේශයේ වෙසෙන අයට තමයි මූලිකත්වය දෙන්නේ. මේ ප්‍රදේශයේ අය නොමැති වුවොත් පමණයි අපි පිට ප්‍රදේශ වලින් බඳවා ගැනීම් කරන්නේ. ඒ මම කිව්වේ සෘජු රැකියා ප්‍රමාණය පමණයි. එතකොට මේ කර්මාන්තශාලාවේ කටයුතු ආරම්භ වුණහම ඒ ආශ්‍රිතව තවත් දහස් ගණනකට වක්‍ර රැකියා සහ ව්‍යාපාර බිහි වෙනවා. ඒනිසා එය මේරටේ ආර්ථිකයටත් යම් ආකාරයක සහනයක් වෙනවා.

ඒ වගේම මේ හරහා ලංකාවේ සිමෙන්ති ඉල්ලුමට යම්තාක් ප්‍රමාණයකින් සැපයීමක් කරන්න අපට හැකියාව ලැබෙනවා. පිටරටින් ගෙනත් විකුණන සිමෙන්ති වලට බොහෝ වෙලාවට මුදල් අපට මෙරටම ඉතිරි කරගන්න පුළුවන් අවස්ථාවක් වෙනවා එය ලංකාවේ ආර්ථිකයටත් යම් ආකාරයක සවියක් වෙනවා.

තවත් දෙයක් කියන්න ඕන මේක සම්පූර්ණයෙන්ම ලංකාවේ මෙරට ව්‍යාපාරයක්. මෙහි කිසිම විදේශ සම්බන්ධතා නෑහැ. මේ කෙලින්ම ලංකාවේ මෙරට ආයෝජනයක්. මෙය මෙල්වා සමුහ ව්‍යාපාරයේ තවත් එක් ව්‍යාපාරයක් පමණයි.

නිරීක්ෂණ චාරිකා

මේ කර්මාන්ත ශාලාව පිළිබඳ දුර්මත වැරදි මත සහ කටකතා පතුරුවන අයටත්, එලෙසම මේ සඳහා විරෝධතා දක්වන අයටත්, විශේෂයෙන්ම ප්‍රදේශයේ ආගමික නායකයන්ටත් මහජන නියෝජිතයින්වත් අවශ්‍ය වුවහොත් මේ කර්මාන්තශාලාව නිරීක්ෂණය කරලා ඒ පිළිබඳව සොයා බලන්නට නුදුරේදීම නිරීක්ෂණ චාරිකාවක් වුවත් වුවත් අපි සූදානම් කරන්න කැමැත්තක් තියෙනවා කියන එකත් මෙතනදී කියන්න ඕනේ.. “””

මෙම මාධ්‍ය හමුව සඳහා මෙල්වා සමූහ ව්‍යාපාරයේ නිලධාරීන් මෙන්ම මෙල්වා සිමෙන්ති පුද්ගලික සමාගමේ නිලධාරීන් කිහිප දෙනෙකුද සහභාගී වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here