දකුන සිය ගමනක අවසානයට පැමින තිබේද?

0
68

 

නිර්මාල් සිය පොඩ්කාස්ටය තුලින් කියන්නෙ දකුනු ඉවුර ගමනක අවසානයකට ලගාවී ඇති බවය.

නිර්මාල් කියන්නේ දකුනු ඉවුරේ සැරිසරන එජාපය හා සජබය පමනක් නොව දකුන පිලිබද මතවාදයද බල දේශපාලනය තුල තාර්කික අවසානයකකට පැමින තිබෙන බවය.

එසේ කියමින් නිර්මාල් කියන්නේ දකුනේ මතවාදයක් වෙනුවෙන් පෙනී සිටින අප වැනි අයටත් අහිකුන්ටකයා මැරුන කල නයින්ට අත්වන ඉරනමට සමාන තත්වයක් අනාගතය තුලදී අත්වන බවය.

අප පෙනී සිටින්නේ එජාපය හෝ සජබය වෙනුවෙන් නොව ධනය උපයන දකුනේ ආර්ථික වැඩපිලිවලක්, ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් සහ නිතියේ බලය සහිත පාලනයක් අවැසි බවට සමාජයට හඩනගන්නටය. අප ලෙල දෙවන කොඩිය එයයි. අප බලකරන්නේ එජාපයට හා සජබයට එක්ව එම කොඩිය අතට ගන්නා ලෙසටය.

නිර්මාල් දේශපාලන දවටනයන් තුල අංජනම් එලි දකින්නට රුසියෙකි.

කලකට පෙර කීවේ ශ්‍රීලනිප-පොහොට්ටු ග්‍රාමිය දේශපාලනික ජනපදනම මාලිමාව විසින් විස්තාපනය කරනු ඇති බවටය.

තවත් කලෙක කීවේ මෙරට නිර්ප්‍රභු විප්ලවය මාලිමාව හරහා සිදුවන බවය.

දැන් නිර්මාල් ඉගි කරන්නේ එජාප-සජබ ගමනක අවසානයකට පැමින රටේ බලය පිලිබද අක්ෂගත වීම අනුර ප්‍රමුඛ මාලිමාව සහ නාමල් ප්‍රමුඛ පොහොට්ටුව අතර සිදුවනු ඇති බවය.

ඒ අනුව නිර්මාල් යෝජනා කරන්නෙ අපගේ දේශපාලන අනාගතය මාලිමාව හා පොහොට්ටුව අභිමුඛ වන ශ්‍රී ලාංකික දේශපාලන අඅක්ෂගත වීමක් තුල තට්ටු මාරු ක්‍රමයට නිර්නය කරනු ඇති බවටය.

ඒ අනුව මේරටේ දේශපාලන ආර්ථිකය වාම ජාතිකවාදී දේශපාලන අක්ෂයක ගමන් කිරීමක් සහතික කරනු ඇති බවයි.

නමුත් නිර්මාල්ගේ යටි පෙල වන්නේ නාමල් පෙන්වා සමාජය බිය වද්දා තවදුරටත් මාලිමාව ඛාදනය වීම වලක්වාලීමට බව අපගේ ගනන් බැලීමය.

නමුත් නිර්මාල් බිය වද්ද්න කතාව ඇත්තක් වන්නේ නම් ලාංකික ජනයාගේ කැමැත්තද එය වන්නේ නම් රටේ අනාගතය පිලිබදව අපට කිව හැක්කේ රටට දෙයියන්ගේම පිහිට බවය

ලංකාව පසුගිය දශක 7 කට ආසන්න රාජ්‍ය පාලනය විසින් රට ගෙනයනු ලැබ ඇත්තේ අගාධයකටය.

එම දශක 7 ක කාලය තුල රට පාලනය කරනු ලැබුයේ එජාපය හා ශ්‍රිලනිප/පොහොට්ටු පක්ෂ ආන්ඩු විසිනි.

මාලිමාව බලයට ඒම සදහා සමාජය මත ගොඩනැංවු ආඛ්‍යානය වුයේ දශක 07 ක් තුල මෙරට පාලනය කල දේශපාලන පංතියේ හොරකම රට අගාධයට ගෙන යාමට හේතුවු බවය.

එම කතාව තුල පවතින්නේ පරම සත්‍යකට වඩා අර්ධ සත්‍යයකි.

ඇත්ත කතාව වන්නේ අප රටේ අගාධයට හේතුවුයේ මෙරට තුල දශක ගනනාවක් තිස්සේ ක්‍රියාත්මක වෙමින් පවතින වාම ජාතිකවාදී දේශපාල ආර්ථික චින්තනයයි.

අප සමාජය ඇල්මක් දක්වන වාම වාදය මාක්ස්වාදී හෝ සමාජවාදී සංකල්පයක් නොවන්නා සේම සමාජය තුල දැනට බලපවත්වන ජාතිකවාදය දේශප්‍රේමයද නොවේ. සැබවින්ම එය දේශපාලන විකෟතියකි.

නමුත් රටේ කේන්දීය බුද්ධිමය සම්ප්‍රදාය වන්නේද ජනකාන්ත වාදී සාමුහික ජන විඤ්ඤානය වන්නේද එයයි.

එජාපය හා සජබය ප්‍රමුඛ දකුන ගමන අවසානයට පැමින් ඇත්තේ යයි නිර්මාල් තර්ක කරන කල අප තර්ක කරන්නේ මෙරටේ බලපවත්වන වාම-ජාතිකවාදයද එහි තාර්කික අවසානයකට ගෙන ආයුතු බවටය.

එසේ නොකොට ලංකාවට නම් අනාගතයක් ඇත්තේම නැත්තේය.

නමුත් නිර්මාල් හදන්නේ මෙරට ජනකාන්ත දේශපාලනය තවත් වටයකින් උඩට ගෙන බඩ පිනුම් ගස්සවන්නටය.

අනාගතවාදීව සිතන කල අද රටට අවශ්‍යව තිබෙන්නේ නව ආඛ්‍යානයකි.

එම දේශපාලන ආඛ්‍යානය ගොඩනැගිය යුත්තේ දකුනෙනි.

අපි රටක් ලෙස ප්‍රායෝගික ලිබරල් ප්‍රජාතන්ත්‍රික රාජ්‍යයක්ද, ඒ මත ක්‍රියාත්මක වන ලිබරල් සදාචාරවාදී පාලන ක්‍රමයක්ද සැබෑ ලෙසට ක්‍රියාත්මක වන ලිබරල් වෙලදපල ආර්ථික ක්‍රමයක්ද රට තුල පිහිටුවාලන්නට තවමත් සමත්වී නැත.

ඒ බව තහවුරු කරන්නේ මෙරට පිලිකාවක් ලෙස තහවුරුවී ඇති සහචර රාජ්‍යයි.

සැබෑ ලෙසම මෙරට මත බලපැවැත්වු සහචර රාජ්‍ය ක්‍රමය රටේ අගාධයට හේතු පාදක වුවාට වාදයක් ඇත්තේම නැත්තේය. හොරකම එහි ප්‍රතිපලය වුයේය.

එජාපය/ශ්‍රිලනිපය/පොහාට්ටුව එකී සහචර රාජ්‍ය පවත්වාගෙන ගිය බවට තහවුරු කරන්නට ඔනෑ පදම් කරුනු කාරනා තිබෙන්නේය.

නමුත් සහචර රාජ්‍ය බිද දැමීමෙන් පමනක් රටේ අනාගතය සුභවාදී වන්නේ නැත.

එවැන්නක ප්‍රතිලාභ පැවතියද දියුනු ජාතික රාජ්‍යයක් බවට පත්වීම කලහැක්කේ සහචර රාජයෙන් එපිටට යන ධනය උපයන මුලෝපායක් රාජ්‍ය විසින් ස්ථාපිත කරන්නේ නම් පමනක් වන්නේය.

ලාංකික ආර්ථිකය යටපත් කොටගෙන සිටින අවිධිමත් ආර්ථිකයත් කළු ආර්ථිකයත් මෙරට බහුතර වෙසෙන ජනතාවක් වෙළදපල ක්‍රමයෙන් පිටමං කොට තිබේ.

එම පිටමං කරනු ලැබු ජනතාව නැවත වෙළදපලට ඇතුලත් කිරීමෙන් තොරව ලංකාව තුල සැලකිය යුතු වෟද්ධි වේගයක් ඇති කරගන්නට හැකි වන්නේ නැත.

එවැනි වෟද්ධි වේගයක් වාම ජාතිකවාදී දේශපාලන ආර්ථික මුලෝපායන් තුලින් කිසි ලෙසකවත් ඇති කරගන්නට හැකි වන්නේ නැත.

එසේ සැලකිය යුතු වෟද්ධි වේගයක් ඇති කරගැනීමෙන් තොරව මැත අනාගතය තුල රටට දියුනුවක් ඇති නොවන්නේය.

එම නිසා දකුන වෙනුවෙන් අප පෙනී සිටියද නොසිටියද ලාංකික අනාගතය රැදී පවත්නේ දකුනේ දේශපාලන ආර්ථිකයක් මත බව කිව යුතුව තිබේ.

මේ බව ශ්‍රී ලාංකික සමාජය තේරුම් ගන්නා දිනය රටේ සුබ මොහොත වනු ඇත.

(ශිරාල් ලක්තිලකගේ ⁣ෆේස් බුක් පිටුවෙනි)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here