නන්දා මාලිනිය ගැයූ, මහාචාර්‍ය සුනිල් ආරියරත්න ලියූ ගීත වලට නීතිමය පියවර ගනී.

0
22

 

ආචාර්‍ය නන්දා මාලිනී ගැයූ ගීත පුනර්ගායනය, ප්‍රතිනිර්මාණය ,ප්‍රතිනිෂ්පාදනය වළක්වාලීම

සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසින් රචනා කරන ලද ආචාර්ය නන්දා මාලිනිය විසින් ගායනා කරනලද කිසිඳු ගීතයක් වාණිජමය පරමාර්ථයකින් යුතුව කවර් වර්ෂන් ලෙස ,නැවත ගායනා කොට පටිගත කිරීම, උපහාර ප්‍රසංග, අනුස්මරණ ප්‍රසංග නාමයෙන් ගෘහස්ථ හෝ එළිමහන් ප්‍රසංග වල ගායනා කිරීම මහජනයා වෙත වාණිජ්‍යමය අරමුණකින් විකාශණය කිරීම හෝ අන් කවර ආකාරයකින් ඔහුගේ සදාචාරාත්මක අයිතීන් උල්ලංඝනය වන ලෙස ප්‍රතිනිර්මාණය කිරීම 2023 අංක 36 දරණ බුද්ධිමය දේපල පනතේ 9 සහ 10 යන වගන්ති ප්‍රකාරව සහ සුනිල් ආරියරත්න සාමාජිකත්වය දරණ Cey Music,ACPOSLආයතනයේ රෙගුලාසි අනුවත් SC Appeal අංක 155/2014 නඩුවෙන් සනාථ වුණු මාළිගා කන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු අංක 2070/05 නඩුවේ පිළිගත් එකී ගීත සම්බන්ධ වාණිජ අයිතීන් දරන ඒ මහතාගේ අයිතීන් උල්ලංඝනය වන ඉහත දක්වා ඇති කුමන හෝ අයුරක ක්‍රියාවක් යමකු විසින් කිරීම නීති විරෝධි වන අතර ,එකී පනතේ 22 වෙනි වගන්තිය ප්‍රකාරව එවැනි නීති විරෝධී කටයුතු වලට එරෙහිව සිවිල් සහ / හෝ අපරාධ ප්‍රතිකර්ම ලබා ගැනීමට නෛතික හැකියාවක් ඇත.

මෙම වළක්වාලීම අදාළ නොවන්නේ වාණිජ්‍ය අරමුණකින් තොර පාසල් , විශ්වවිද්‍යාල , උසස් අධයාපන ආයතන,ගුවන් විදුලි හෝ රූපවාහිනී නාලිකා ඔස්සේ විකාශය වන ආධුනික ගායනා තරග සහ අනෙකුත් එවැනි ගායනා කිරීම් සම්බන්ධයෙන් පමණි.

ශ්‍රී ලංකාව තුළ දී හෝ ඉන් පිටත දී ඉහත කරුණු වලට පටහැනිව යම් ආයතනයක් හෝ කණ්ඩායමක් පුද්ගලයෙකු විසින් නීත උල්ලංඝනය කළ හොත් නීතිමය පියවර ගැනීමට සිදුවන බව සම්මානිත මහාචාර්ය වරයා වෙනුවෙන් කැපිටල් සිටි ලෝ නාමය සහ අභිධානය යටතේ ඉහත සඳහන් කරුණු ඇතුලත් කොට දැන්වීමක් පළ කර තිබේ.

එම දැන්වීම පහතින් දක්වා ඇත.

(මනෝහාරී හේවාවසම්ගේ ෆේස්බුක් පිටුවෙනි)

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here