ප්‍රකට නීතිඥයන් පිරිවරාගෙන පැමිණි හයේෂිකලාට ඇප !.නඩුව සැප් 17.

0
184

 

ක්ව්න්ස් නම් අධ්‍යාපන ආයතනයක සේවය කළ 21 හැවිරිදි තරුණ⁣යෙකුට හයේෂිකා සහ කලමණාකාර වරයා පහර දි තිබුණ බවට අදාල තරුණයා විසින් කරුණු සහිතව පැහැදිලි කර තිබුන හඬ පටවලද සඳහන්ය.

සිය අධ්‍යාපන ආයතනයේ කාර්යමණ්ඩලයේ සේවය නියුතු 21 හැවිරිදි තරුණයෙකුට   පහරදීමේ සිදුවීම  සම්බන්ධව නඩුව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණ ශාලා අංක 02 හිදී ඊයේ   (14/05/2025) පෙරවරුවේදී විභාගයට ගැනිනි.

මෙම තරුණයාගේ මව මිගමුව රෝහල ඉදිරිපිටදි මෙන්ම පසුව ඇගේ නිවසේදි මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ ම්ලේච්ඡ පහරදිම ගැන කරුණු හෙළිකර තිබුනි.

IMG 20250509 WA0131

අතින් පයින් පමණක් නොව මුහුණට කෙල ගසා තිබුන බවද ඒ හඬපටවල සඳහන්ය.

මේ පහරදිම ඒ තරම් ම්ලේච්ඡ යැයි කියන්නට තවත් කරුණු අවැසිද.

කෙසේ වෙතත් පොලිසියෙන් වසන් වි සිටි හයේෂිකා ඊයේ අධිකරණයට පැමිණ සිටියේ රටේ නමගිය ජනාධිපති නිතිඥයන්ද සහිත නිතිඥ මඬුල්ලක් සමගය.

හයේෂිකාගේ සැමියා වෙනුවෙන් පෙනි සිටි ජනාධිපති නිතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස

කියා තිබුනේ මේ සිදුවිම උසාවි යා යුතු එකක් නොව සමථ මණ්ඩලයක් වෙත යා යුතුව තිබුණ එකක් බවය.Screenshot 20250510 105235Screenshot 20250509 171321

මේ අතර පහර කෑමට ලක්වු තරුණයා අවස්තා දෙකකදි මිගමුව රෝහලෙන් නේවාසිකව ප්‍රතිකාර ලබාගෙන තිබුණි.ඒ හයේෂිකා සහ කළමනාකාර වරයා විසින් එල්ල කරන ලද ආමානුෂික පහර දිම් වලට ප්‍රතිකාර ගැනිම සඳහාය.

ඊයේ දිනයේ උසාවිය ගිගුම් දෙන  ලෙසින් හඬ නගමින් විටෙක විනිසුරු හඬද යටපත් වන ලෙසින් නීති තර්ක ගෙන හැර දැක්වු ජනාධිපති නිතිවෙිදින් බරපතල ලෙසින් පොලිසියද සමච්චලයට ලක්කරමින් අවධාරණය කර තිබුනේ හයේෂිකාට එරෙහිව පොලිසිය නිසි පරිදි නඩුවක් ගොනු කර නොතිබුන බවය.

මේ සියලු කරුණු දැක්විම් සමච්චලයන්, අවසන හයේෂිකා ටිචර් විසින් කර තිබුන වරද නිති තර්ක හමුවේ තනුක කර තිබුන පසුබිමක .හයේෂිකා මෙන්ම ඇයගේ ස්වාමිපුරුෂයාද, කළමනාකාර වරයාද මේ පහරදිම් විඩියෝ ගත කලේ යැයි කියන තවත් තරුණ සේවකයන් දෙදෙනෙකුද ඊයේ දිනයේ උසාවිය හමුවේ පෙනි සිට තිබුන අතර මේ සියලු දෙනා හට ඇප ලැබි තිබුණි.

ඒ අනුව පැය  දෙකකට පමණ ආසන්න කාලයක් විභාග වු මෙම නඩු වාරය අවසානයේදී අතිරේක මහේස්ත්‍රාත්වරිය විසින් එම අධ්‍යාපන ආයතනය භාරකරුවන් වෙත ප්‍රකාශ කලේ මේ සිදුවීම් සම්බන්ධව CCTV දර්ශන පොලිසිය වෙත ලබා ගැනීම සඳහා සහාය වන ලෙසයි. ඒ අනුව මෙම පහරදීමේ සිදුවීමට අනුබලදීම සම්බන්ධයෙන් අද දින අධිකරණයට ඉදිරිපත් කළ ඩිලාන් සහ මලීෂ යන එම අධ්‍යාපන ආයතනයේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් දෙදෙනාටත්  හයේෂිකා ප්‍රනාන්දු නැමැත්තියටත් එලෙසම  ඇගේ සැමියා වන ප්‍රවීන් සුරේන්ද්‍ර නැමැත්තාට සහ ඇයගේ අධ්‍යාපන ආයතනයේ කළමනාකරු වන චානක විශ්වජිත් නමැත්තාටද මෙහිදී ශරීර ඇප නියම කලහ.

ඒ අනුව එක් අයෙකුට  රුපියල් මිලියනය බැගින් වන ශරීර ඇප දෙකක් යටතේ මෙම සැකකරුවන් පස්දෙනාටම වෙන් වෙන්ව ඇප නියම කරන ලදී.

මෙහිදී  හයේශිකා ප්‍රනාන්දු නැමැත්තිය වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා පෙනී සිටි අතර ඇගේ සැමියා සහ අධ්‍යාපන ආයතන කළමනාකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස  මහතා පෙනී සිටියේය. එමෙන්ම එම පාර්ශවය වෙනුවෙන්   තවත් නීතිඥ කණ්ඩායමක් පෙනී සිටියහ.

එමෙන්ම මෙහිදී පැමිණිල්ල වෙනුවෙන් එනම් මෙම පහර කෑමට ලක් වූ රිතික් ක්‍රිෂාල්  නමැති තරුණයා වෙනුවෙන් නීතිඥ නෙල්සන් කුමාරනායක ඇතුළු නීතිඥයන් පිරිසක් පෙනී සිටි අතර මෙහි ඊළඟ නඩු වාරය එළඹෙන සැප්තැම්බර් 17 වැනි (17/09/2025) දින  පැවැත්වීමට නියමිතය

මිගමුව සහ පොදුවේ ර⁣ට තුලද මහත් ආන්දෝලනයකට තුඩු දුන් සිදුවිමක් මේ පැය දෙකකට අධික කාලයක් තුල ඇදි ගිය ආකාරය ගැන උසාවියේ සිටි බොහෝ දෙනෙකු විමතියකින් යුතුව බලා සිටිනු මාධ්‍යවේදීන් විසින් ද නිරික්ෂණය කර ඇත.

ජනාධිපති නිතිඥයන්ගේ දෝංකාර නංවන නිති තර්ක විතරක හමුවේ උසාවිය බලා සිටියේ මේ සිදුවන්නේ කුමක්දැයි කියාය.

ලංකාව වැනි රටවල් වල නිතිය යුක්තිය සාධාරණත්වය යනු ඇති හැකි අයගේ බලයට බොහෝ විට යටවුවක් ⁣ලෙසින් පවති.

තුනෙන් දෙකේ බලයක් සහිත ජනබලවේගය වැනි රජයකට වුවද මේ යථාර්ථය තියා අඩුම තරමින් උසාවියක් තුලදි එදිනෙදා ජනජිවිතයට පවා එල්ල වන විවිධාකාර තාඩන පිඩන වෙනසකට ගෙන ඒමට තවමත් නොහැකිව තිබිම සැබැවින්ම කණගාටු දායක තත්වයකි.

උසාවිය තුල සිටින තෝල්කයා මෙන්ම සෙනඟ හසුරුවන පොලිසියේ අයද තවත් බොහෝ දෙනෙකු⁣ගේ හැසිරිම්ද ඊට අයත්ය.

පසුගිය දිනක උසාවියක් තුලදි ජංගම දුරකථනයක් නාදවිම පිලිබදව සිදුවිම පාදක කරගෙනද මෙවන් සංවාදයක් ගොඩ නැගුන ආකාරය අපට මතකය.

හයේෂිකා බලාපොරොත්තු වු ආකරයෙන්ම මුල්‍ය හැකියාව විසින් තත්වය ජයගෙන තිබුනෙ හඬගා කිය යුතු ,තර්ක කළ යුතුව බොහෝ දේ උසාවි ශාලාවක බිත්ති අතරේ ගොළු වෙන්නට සලස්වමිනි.

මේ පසුබිම තුල ඊයේ දිනයේ උසාවිය තුල සිදුවු මේ නඩු කටයුත්තට අදාලව උසාවිය තුලදි මෙන්ම ඉන් පිටතදිද බොහෝ දෙනෙකු තුල පැවැතියේ එතරම් ප්‍රසාද ජනක හැඟිම් නොවන බව නම් ඉතා පැහැදිලි විය.

මේ අතර ඊයේ දිනයේ මිගමු උසාවි සංකීර්ණය ඉදිරිපිටදි නිහඬ විරෝධතායක නිරතව සිටි අයගේ අත්වල තිබුන පුවරු වල මතුකර ඇති සියළු කරුණු වලට ප්‍රතිචාර දැක්විම ශිෂ්ට සම්පන්න පුරුවැසි සැමගේ යුතුකමකි. පිඩාවට පත්වු තරුණයාගේ අයිතියකි.IMG 20250514 WA0044IMG 20250514 WA0047IMG 20250514 WA0042IMG 20250514 WA0036

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here