මාධ්‍යවේදින්ගේ අයිතිය ගැන නොදන්නා මිගමු පොලිස් ලොක්කන්ට එරෙහිව මිගමුවේ විරෝධතා

0
123

111IMG 20220304 WA0097IMG 20220304 WA007312275127123 3039367326378690 934738566202833692 n275292162 3039366816378741 9002515549285790967 n275112262 3039367356378687 8666700717991015804 nසිරස මාධ්‍යවේදි සහජාන් මහතා පසුගිය මාර්තු 01 වෙනිදා මිගමුව දළුපත සිපෙට්කෝ ඉන්ධන පිරවුම් හලේ අයිතිකරු ඇතුළු මැර පිරිසක් විසින් පහරදි තිබුණි.

ම්ලේච්ජ ලෙස පහරදිමෙන් නොනැනතුවන් මේ මැරයන් සිරස මාධ්‍යවේදියාගේ හැදුනුම්පතද උදුරගෙන තිබුන අතර ඉන් නොනැවති ඔහුගේ කැමරා ආම්පන්න පවා බලහත්කාර ලෙසින් රැගෙන ඇත.
මෙයට විරෝධය පළකරමින් දළුපත ඉන්ධන පිරවුම් හල ඉදිරිපිටදි මාධ්‍යවේදින් මාධ්‍ය සංවිධාන සිවිල් සංවිධාන සහ දේශපාලන ක්‍රියාධරයන් එක්ව උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුනි.

මාධ්‍යවේදියෙකු ගේ අයිතිවාසිකම් ගැන කිසිදු හැගිමක් නිති විරෝධි ලෙසින් ඇලක් ,කානුවක් ගොඩකර  හැදු ෂෙඩ් කාරයෙක්ට තිබිය නොහැකි බව අප දනිමු.
එහෙත් මේ රටේ නිතිය හා සාමය හා පුරවැසි අයිතිවාසිකම් සුරැකිමට බැදි සිටින පොලිස් නිලධාරින් පවා මාධ්‍යවේදින්ගේ අයිතිවාසිකම් නොදැන කටයුතු කර තිබුනේ කාව සනසන්නද යන ප්‍රශ්ණය අපට මතුව තිබේ.

මේ බරපතල සිදුවිම සුළු පැමිණිල්ලක් සේ දකින මිගමුව පොලිස් ලොක්කන් සැබැවින්ම මාධ්‍ය අයිතිය ගැන පාඩමක් ඉගෙන්විය යුතු බව අද පැවැති අද පැවැති විරෝධතාවයේදි අවධාරණය වු ප්‍රධාන කරුණක්ව තිබුණි.

මිගමුව පොලිසියේ ප්‍රධානිය විසින් මාධ්‍යවේදින්ගේ අයිතිවාසිකම් හෑල්ලුවට ලක්කිරිම ගැන දැනටමත් ඇමතිවරයා මෙන්ම ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනාරල් වරයාවද දැනුවත් කිරිමට මිගමුව මාධ්‍ය සමාජයේ ක්‍රියාකාරින් විසින් පියවර ගෙන ඇතැයි වාර්තා විය.
වගකිම් විරහිත පොලිස් නිලධාරින්ට එරෙහිව ගතහැකි සියලු ක්‍රියාමාර්ග ගැනිමට කිසිවිටකත් පසුබට නොවන බවද අවධාරණය කෙරිණි .12

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here