මීගමුවේ අතහැර දමා තිබූ ට්‍රැක්ටරයක් අලුත්වැඩියා කර යළි භාවිතයට

0
32

 

 

මීගමුව මහ නගර සභා ක්ෂේත්‍රයේ භාවිතයට නොගෙන අතහැර දමා තිබූ ට්‍රැක්ටර් යන්ත්‍රයක් අලුත්වැඩියා කර සංවර්ධන කටයුතු සඳහා ලබා දී තිබේ.

මීගමුව මහ නගර සභාවේ දයාන් ලංසා පාලන කාලයේදී භාවිතයට නොගෙන අතහැර දමා තිබූ ට්‍රැක්ටර් යන්ත්‍රයක් සම්පූර්ණයෙන්ම අලුත්වැඩියා කර මේ වන විට භාවිත කළ හැකි අලුත් තත්ත්වයට ගෙනැවිත් ඇත.

පසුගිය කාලයේ මෙය අපහරණය සඳහා දමා තිබූ ට්‍රැක්ටරයකි. එය අපහරණය කළේ නම් වෙන්දේසියකදී රුපියල් ලක්ෂ 3කට, 4කට හෝ 5කට පමණ අලෙවි වනු ඇත. එහෙත්, එම ට්‍රැක්ටරය වෙන්දේසි කිරීමෙන් තොරව, එය අලුත්වැඩියා කර ගැනීමට රුපියල් ලක්ෂ 4ක පමණ මුදලක් වැය කර ඇත.

සපරමාදු නම් මෝටර් රථ අළුත් වැඩියා කිරිමේ ආයතනය විසින්  මෙම ට්‍රැක්ටරය අලුත්ම තත්වයේ එකක් ලෙසට පර්වතනය කර තිබේ.

වත්මන් තත්ත්වය සහ ප්‍රයෝජනය:

මේ වන විට සම්පූර්ණයෙන්ම අලුත් කරන ලද මෙම ට්‍රැක්ටරය, ක්ලින් ශ්‍රී ලංකා ව්‍යාපෘතියට දායකත්වයක් ලෙස සහ නගරයේ කසළ ප්‍රශ්නයට විසඳුමක් ලෙස ලබා දීමට කටයුතු කර ඇත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here