spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
Saturday, November 21, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
spot_img
Home News මීගමුවේ කරවල කර්මාන්තයට නිසි ප්‍රමිතියක් හැදෙන්නේ කවදාද?

මීගමුවේ කරවල කර්මාන්තයට නිසි ප්‍රමිතියක් හැදෙන්නේ කවදාද?

0
97
Mass Image Compressor Compressed this image. https://sourceforge.net/projects/icompress/ with Quality:80

​මීගමුවේ ප්‍රධාන කලාප 05ක් (දූව-පිටිපන, කුට්ටිදූව, පළඟතුරේ, කාමච්චෝඩේ සහ මංකුලිය) කේන්ද්‍ර කරගනිමින් සිදු කෙරෙන කරවල නිෂ්පාදනයේ ගුණාත්මකභාවය, සෞඛ්‍යාරක්ෂිත බව සහ පාරිසරික බලපෑම් පිළිබඳව පසුගිය වසරේ (2025)සැප්තැම්බර් මාසයේ පැවැති මීගමුව සංවර්ධන කමිටු රැස්වීමේදී දැඩි අවධානයක් යොමු විය.

​  එහිදි මතුවු ප්‍රධාන කරුණු:

✅ කරවල නිෂ්පාදනය සඳහා මෙතෙක් කිසිදු රාජ්‍ය ප්‍රතිපත්තියක් නොමැති බව සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙයි.

✅ අමුද්‍රව්‍ය ප්‍රමිතිය, පිරිසිදු නිෂ්පාදන ක්‍රමවේද සහ විධිමත් අපද්‍රව්‍ය කළමනාකරණයක දැඩි අවශ්‍යතාවක් පවතී.

✅ සියලුම රාජ්‍ය ආයතන සහ ධීවර සමිති එක්ව පොදු ප්‍රතිපත්තියක් සැකසිය යුතු බවට යෝජනා විය.

​මේ සඳහා විශේෂ කමිටුවක් පත් කර ඉදිරි පියවර ගන්නා බව නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා ප්‍රකාශ කළද, එම ප්‍රතිපත්තිය සැකසීමේ කටයුතු මේ වන විට ප්‍රායෝගිකව ආරම්භ වී තිබේද යන්න පිළිබඳව ප්‍රදේශවාසීන් විමසිල්ලෙන් පසුවෙයි.

මේ අතර මීගමුව කලපුව සුරැකීමට ඒකාබද්ධ යාන්ත්‍රණයක් සහ කුට්ටිදූව කරවල නිෂ්පාදන ගම්මානයක් ලෙස සංවර්ධනය කිරීමට පියවර ගන්නා බවඑ නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා පසුගිය දා මිගමුවේදි ප්‍රකාශ කර තිබුණි.

ගම්පහ දිස්ත්‍රික්කයේ ධීවර ප්‍රජාව මුහුණ දෙන ගැටලු හඳුනාගෙන ඒවාට කඩිනම් විසඳුම් ලබාදීම අරමුණු කරගත් “දෙවන දිස්ත්‍රික් ධීවර සම්බන්ධීකරණ කමිටු රැස්වීම” ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන්  පසුගියදා පැවති අවස්තාවේදි මේ බව ප්‍රකාශ කරන්න යෙදුණි.

වසරකටත් වඩා පමා වි ඇති මේ කරවල නිෂ්පාදනය සඳහා වන විධිමත් වැඩපිළිවෙළක අවශ්‍යතාවය  තවදුරටත් පමා නොකිරිම සඳහා මාලිමා පාලනය කඩිනම් පියවර ගතයුතුව තිබේ.​

​

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here