(4.30 pm ) ජාත්‍යන්තර රොටරි සමාජයේ ( Rotary Club ) මීගමුව ශාකාවේ 90 වැනි නව සභාපතිවරයා බවට පත් වූ නිශාන් සිල්වා මහතාට, සභාපති ධූරය නිල වශයෙන් ප්‍රදානය කිරීමේ එම ඓතිහාසික, විශේෂිත අවස්ථාව අති උත්කර්ෂවත්ව ඊයේ දින (10/10/2026) සවස, වෙන්නප්පුව ” ග්‍රෑන්ඩ් හොලිඩේ රිසෝර්ට් ” හෝටලයේ , ප්‍රධාන උත්සව ශාලාවේදී පැවැත්විණි.






මෙම අති උත්කර්ෂවත් අවස්ථාවට ජාත්‍යන්තර රොටරි සමාජයේ, ශ්‍රී ලංකාව සහ මාලදිවයින යන දෙරටේ ( District 3220) ආණ්ඩුකාරවරයා වන කුමාර් සුන්දරරාජ් මහතා සහභාගි විය. එලෙසම ජාත්‍යන්තර රොටරි සමාජයේ දිස්ත්‍රික් නියෝජ්‍ය ආණ්ඩුකාරවරයා වන නිමේෂ් සචින්ත, දිස්ත්‍රික් මහා ලේකම්වරයා වන ඉයන් ඉද්දමල්ගොඩ , එමෙන්ම හිටපු ආණ්ඩුකාරවරයෙකු වන අජිත් වීරසිංහ, හිටපු මහලේකම්වරියක වන නිරෝෂා මාරපන ,හිටපු භාණ්ඩාගාරික ජොවාන් ප්‍රනාන්දු සහ පසුගිය වසරේ එනමි 2025-2026 මීගමුව රොටරි සමාජයේ සභාපතිවරයා වූ අයේෂාන් ගුරුගේ යන මහත්ම මහත්මාවීන් ඇතුළු තවත් ආරාධිතයන් රැසක් මෙම සුවිශේෂී උත්සව අවස්ථාවට සහභාගී වූහ. එලෙසම රොටරි සමාජයේ මීගමුව ශාඛාවේ සහ තවත් රොටරි සමාජ සමාජ නියෝජනය කරමින් අති විශාල පිරිසක් මෙම උත්සවයට උත්සවයට සහභාගී වූහ.
ජාත්‍යන්තර රොටරි සමාජයේ මීගමුව ශාඛාව මෙරට පිහිටවනු ලැබූ 02 වැනි පැරණිතම රොටරි සමාජ ශාඛාවයි. එය නිල චශයෙන් 1938 වසරේ මාර්තු මස 28 වැනි දින සාමාජිකයන් 20 දෙනෙකුගෙන් පිහිටවනු පිහිටවනු ලැබූ අතර මෙහි, ආරම්භක සභාපතිවරයා බවට පත්ව ඇත්තේ එවකට සිටි දක්ෂ ව්‍යාපාරිගයකු ටී. ඩබ්ලි්‍යු. හොක්ලි මහතා යි. විවිධ වෘත්තිකයන්, දානපතීන් සහ සමාජ සත්කාරක පුද්ගලයන්ගෙන් සැදුම්ලත් මීගමුව රොටරි සමාජය මීගමුව සහ අවට ප්‍රදේශවල වෙසෙන ජනතාවට විවිධ වූ මානුෂීය සහ සමාජ සත්කාරක සේවාවන්වල නිරත වෙමින් සිටි .
දැක්මෙන් සහ කැපවීමෙන් සන්නද්ධ මීගමුව රොටරි සමාජයේ නව නායකත්වය …
මීගමුව රොටරි සමාජයේ 90 වන සභාපතිවරයා ලෙස පත්වීමත් සමඟින් ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන නිශාන් සිල්වා මහතා සිය සාර්ථක ව්‍යාපාරික ගමනට තවත් කිරුළක් එක් කර තිබේ. ඔහුගේ මෙම පත්වීම, වසර ගණනාවක් පුරා නොසැලෙන කැපවීමෙන් සහ ගුණාත්මකභාවය පිළිබඳ දැඩි විශ්වාසයකින් ගොඩනැඟූ සාර්ථකත්වයේ ප්‍රතිඵලයක් ලෙසද හැඳින්විය හැකිය.
ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ප්‍රකට දැවැන්තයෙක් ….
නිශාන් සිල්වා මහතාගේ ආගන්තුක සත්කාරක හෝටල් සහ ආපනශාලා (Hospitality Hotel and Restaurant Industry ) ක්ෂේත්‍රයේ ගමන් මග 1987 වසරේදී මීගමුව ගෝල්ඩි සෑන්ඩ්ස් හෝටලයෙන් ආරම්භ විය. කීල්ස් සහ ජෙට්වින් හෝටල් වැනි ප්‍රමුඛ පෙළේ ආයතන සමඟ කටයුතු කිරීමෙන් ලද අත්දැකීම් සහ පන්නරය, ඔහුට අගනා දැනුමක් ලබා දුන්නේය. 1996 වසරේදී , කටුනේරිය ප්‍රදේශයේ සිය පළමු අවන්හල ( pastry shop ) විවෘත කිරීමත් සමඟින් ඔහු ව්‍යවසායකයෙකු ලෙස නිර්භීත පියවරක් තැබීය. ඉන් නොනැවතී, වෙන්නප්පුව නගරයේද තවත් ශාඛාවක් හෙවත් නව අවන්හලක් විවෘත කළ ඔහු, 2003 වසරේදී ග්‍රෑන්ඩ් වෙන්නප්පුව සුදුවැල්ල ප්‍රදේශයේ ” ග්‍රෑන්ඩ් හොලිඩේ රිසෝට් (Grand Holiday Resort) ආරම්භ කරමින් සිය දැක්ම තවදුරටත් පුළුල් කළේය.
2011 වසරේ දී මීගමුවේ , ග්‍රෑන්ඩ් එස්ප්‍රෙසෝ (Grand Espresso) අවන්හල හඳුන්වා දෙමින් කෝපි ෂොප් (coffee shop ) යන වෙනස් මාදිලියක අවන්හල් ක්ෂේත්‍රයට ඔහු පිවිසියේය. ඉන් අනතුරුව එම කොපි ෂොප් අවන්හල් පසුව ” ප්‍රිමියම් කෝපි බාර්” premium coffee Bar ) යන තවත් නව සංකල්පයක් දක්වා වර්ධනය කළේය. ඒ අනුව 2020 වසරේදී ග්‍රෑන්ඩ් ගැස්ටෝබාර් (Grand Gastobar) සමඟින් ඔහුගේ ව්‍යාපාරයට තවත් මානයක් එක් කළ නිෂාන් සිල්වා මහතා, 2026 ඔක්තෝබර් මාසයේදී සිය ව්‍යාපාරික දිවියට වසර 30ක් සපිරෙන අවස්ථාවේදී, මීගමුවේ ග්‍රෑන්ඩ් වෙරිඩියන් (Grand Veridian) සමඟින් තවත් ප්‍රධාන ඉදිරි පියවරක් තැබීමට සූදානම් වෙමින් සිටී. ව්‍යාපාරිකයකු ලෙස නිශාන් සිල්වා මහතා පැමිණි මෙම ගමන, ඔහුගේ නොසැලෙන කැපවීමට හා දුරදක්නා නුවණට කදිම නිදසුනක් සපයයි.
ගුණාත්මකභාවය සහ සබඳතා
නිශාන් සිල්වා මහතා විශේෂ පුද්ගලයෙකු වන්නේ ඔහු ගොඩනඟා ඇති ව්‍යාපාරික ක්ෂෙත්‍රය නිසා පමණක් නොව, එය ගොඩනඟා ඇති ආකාරය නිසාය. ඔහු ගුණාත්මකභාවය, යහපත් පාරිභෝගික සේවාව සහ ජනතාවට මතකයේ රැඳෙන අත්දැකීම් නිර්මාණය කිරීම කෙරෙහි දැඩි ලෙස කැපව කටයුතු කරන ව්‍යාපාරිකයෙකි.
මීගමුව රොටරි සමාජයේ අධ්‍යක්ෂක මණ්ඩලයේ සමාජිකයෙකු වන ඩිස්නි ප්‍රනාන්දු මහතා මෙම උත්සවයේදී කෙටි දෙසුමක් සිදු කරමින් පැවසුවේ, . ව්‍යාපාරික ක්ෂේත්‍රයෙන් ඔබ්බට විහිදෙන ඔහුගේ පෞරුෂයත්, ඔහු තුළ ඇති උසස් ගුණාංග තුල ආදරණීය ස්වාමිපුරුෂයෙක්, කැපවූ පියෙක් මෙන්ම ඔහු විශ්වාසවන්ත මිතුරෙකු ද වන බවයි. එලෙසම ඔහු කරන සෑම දෙයකටම උපරිම කැපවීමක් දක්වන පුද්ගලයෙකු වන බවත් තම වචනය රකින අයෙකු ලෙස ද ප්‍රසිද්ධ , ඔහු පොරොන්දුවක් දුන් විට, එය ඉටු කරන බව විශ්වාසය තැබිය හැකි බවද ඩිස්නි ප්‍රනාන්දු මහතා එහිදී වැඩි දුරටත් සඳහන් කලේය.
රොටරි සමාජයේ නව නායකත්වය
අද වන විට මීගමුව රොටරි සමාජයේ 90 වන සභාපතිවරයා ලෙස වගකීම භාර ගන්නා නිශාන් සිල්වා මහතා, මෙම ගුණාංග සමඟින් සමාජයට විශාල සේවාවක් කරනු ඇති බවට නොඅනුමානය.
නිශාන් සිල්වා මහතා, සාර්ථක ව්‍යවසායකයෙකු, සහ යහපත් මානුෂීය ගුණාංග වලින් පිරිපුන් පුද්ගලයෙකු ලෙස මීගමුව රොටරි සමාජයේ ඉදිරි වසර සඳහා වන 90 වැනි සභාපතිවරයා ලෙස මීගමුව සහ අවට ප්‍රදේශවල සියළු ජන ජ්‍රජවන්ට විවිධ වූ මානුශීය සහ සමාජ සත්කාර සේවාවන් තුලින් මුළු මහත් සමාජයටම ඉමහත් ආලෝකයක් ගෙන එනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ඔහුගේ නව ගමනට ” මීපුර ” ප්‍රවෘත්ති වෙබ් අඩවියේද උණුසුම් සුභ පැතුමන් මෙලෙස එක්කරමු.
සටහන .-.
තුෂාර රොහාන් ප්‍රනාන්දු.

































