spot_img
spot_img
Thursday, May 9, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

අඩු මුදලකට   බ්‍රෑන්ඩඩ් ඇඳුම් පැළඳුම් මිලදීගන්න , මීගමුව -දළුපතට එන්න

Must read

.

අඩු මුදලකට අපනයන තත්ත්වයේ බ්‍රෑන්ඩඩ් ඇඳුම් පැළඳුම් හොයන අයට හොඳ ආරංචියක් කියන්නයි මේ යන්නේ. සාමාන්‍යයෙන් ඇමෙරිකාව , ප්‍රංශය, එංගලන්තය වැනි යුරෝපීය රටවලට අපනයනය කෙරෙන, තත්ත්වයෙන් ඉතාම උසස් , ඇන්දම ගතට පහසුව සලසන බ්‍රෑන්ඩඩ් ඇඳුම් පැලඳුම් මිලදී ගැනීමට සාමාන්‍ය මාසික ආදායමක් ලබන අපිට ඇත්තටම හැකියාවක් නැහැ. මොකද එවැනි තත්ත්වයේ ඇඳුම් පැළඳුම් මෙරට නිදහස් වෙළඳ කලාප ඇතුළු ඒ ආශ්‍රිතව ඇති ගාමන්ට් ෆැක්ටරි වල නිෂ්පාදනය වුවත් ඒවා මෙරට වෙළඳපලට පැමිණෙන්නේ ම නැති තරම් .ඉතින් ඒ ඇඳුම් පැළඳුම් මිලදීගන්න අපිට ඇත්තටම අවස්ථාවකුත් නැති තරම්.අන්න එවැනි ඇඳුම් පැළඳුම් මිලදී ගන්න තමයි දැන් අපිට කදිම අවස්ථාවක් උදා වෙලා තියෙනවා. මේ ෂොප් එක තියෙන්නේ දළුපත, ඩිපෝ හන්දියේ. ඩිපෝ හන්දියේ සන් ෆුඩ්ස් රෙස්ටුරන්ට් එක අසල තමයි මේ ෂොප් එක තියෙන්නේ. මේ ෂොප් එක කරන්නේ ප්‍රදීප් ප්‍රසන්න. ඔහු දක්ෂ තරුණ ව්‍යාපාරිකයෙක්. මේ ෂොප් එකට නමක් නම් නැහැ. දළුපත ප්‍රදීප්ගේ ෆැක්ට්‍රි අවුට්ලට් ෂොප් එක කිව්වාහම ඒ ගැන කවුරුත් දන්නව. ප්‍රදීප්ගේ ෂොප් එකේ පිරිමින්ටත්, කාන්තාවන්ටත් ජාත්‍යන්තර විලාසිතාවන්ට අනුව මසන ලද ඇඳුම් පැළඳුම් රාශියක්ම තියෙනවා. ඒ වගේම කුඩා ළමුන්ට පවා උසස් තත්වයෙන් යුත් ඇඳුම් පැළඳුම් මේ ෂොප් එකේ තියෙනවා. ඩෙනිම් , කොඩ්ඩ්‍රොයිල්, කොට්න් ඇතුළු ලෝ සුපතල රෙදි වලින් මසන ලද දිග කලිසම් කොට කලිසම් , ත්‍රී-කුවාටර් ස්, ෆෝ-ක්වාටර්ස් ඒවාගේම ටී-ෂර්ට් , කොට්න් සහ ලිනන් වැනි රෙදි වලින් මසන ලද අත්දිග සහ අත් කොට ෂර්ට්ස්, එවගේම කාන්තාවන් සඳහා ජාත්‍යන්තර විලාසිතාවන්ගෙන් යුත් ස්කර්ට්ස්, බ්ලවුස්, ඇතුළු තවත් සිය ගණනක් ඇඳුම් පැළඳුම් ද විශේෂයෙන් විවිධ උත්සව සඳහා උචිත ගවුම් (පාර්ටි ප්‍රොක්ස්) විලාසිතා ගණනාවක් ද මේ ෂොප් එකේ විකුණන්න තියෙනවා. ඒ වගේමයි කාන්තා පිරිමි බ්‍රෑන්ඩඩ් අන්ඩර් වෙයාර්ස් (යට ඇඳුම්) ඒවගේම වැසි කාලයට සහ ශීත දේශගුණික කාලයට ඔබින ජාත්‍යන්තර තත්ත්වයෙන් යුත් ගතට සුවපහසු ජැකට් වර්ගද එලෙසම තවත් ජාත්‍යන්තරව පිළිගත් නව විලාසිතාවන්ගෙන් යුත් කාන්තා , පිරිමි සහ ළමා ඇඳුම් පැළඳුම් රාශියක්ම මේ ෂොප් එකෙන් ඔබට මිලදී ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් නගරයේ ප්‍රදර්ශනාගාර තත්ත්වයේ තියෙන සුවිසල් සුප්‍රසිද්ධ රෙදි පිළි අලවිසැල් වලින් ඇඳුම් පැළඳුම් මිලදී ගැනීමේදී විශේෂයෙන්ම බ්‍රෑන්ඩඩ් ඇඳුම් පැළඳුම් මිලදී ගැනීමේදී අපි වැය කරන විශාල මුදලෙන් තුනෙන් එකක වගේ අඩු මුදලක් තමයි , මේ ප්‍රදීප්ගේ ෂොප් එකෙන් ඇඳුම් මිලදී ගද්දි අපට වියදම් වෙන්නේ. අපේ රටේ මේ කාලේ පවතින ආර්ථික තත්ත්වයත් එක්ක අපි හැමෝම බලන්නේ අඩු මුදලකින් හොඳ තත්ත්වයේ දේවල් මිලදී ගන්නනේ. අන්න ඒ වාගේ සිතන පතන අයට අවශ්‍ය වෙන ඇඳුම් පැළඳුම් ගන්න තමයි ප්‍රදීප්ගේ මේ ෆැක්ටරී අවුට් ලට් ෂොප් එක තියෙන්නේ.
අපි ප්‍රදීප්ගෙන් අහල බැලුවා, මෙහෙම අඩු මුදලකට මේ විදිහට බ්‍රෑන්ඩඩ් ඇඳුම් පැළඳුම් කොහොමද දෙන්නේ කියලා. ඔහු කියන්නේ ලංකාවේ විවිධ ප්‍රදේශවල ගාමන්ට් ෆැක්ට්‍රි වලින් යුරෝපා රටවල් ඇතුළු විදේශ වලට අපනයනය කරන්න විවිධ විලාසිතාවන්ගෙන් යුත් බ්‍රෑන්ඩඩ් ඇදුම් පැළඳුම් නිෂ්පාදනය කරනවාලු. එහෙම අපනයනය කරන්න නිෂ්පාදනය කරන ඇඳුම් පැළඳුම් වල සමහර වෙලාවට යම් යම් සුළු සුළු අත්වැරදීම් වෙනවාලු , ඒවා අපි වගේ අයට හොයන්න බැරි වුණාට, ගාමන්ට් වල ඉන්න තත්ව පරීක්ෂකලා අතින් ඒ ඇඳුම් පැළඳුම් තොග පිටින්ම ඉවත් කරනවලු, අපනයනයට නුසුදුසුයි කියලා. ආන්න එහෙම බ්‍රෑන්ඩඩ් ඇඳුම් පැළඳුම් තමයි ප්‍රදීප්ලා තොග පිටින් ගෙනල්ලා මේ විදිහට අඩු මුදලකට මේ ෆැක්ටරි අවුට් ලට් ෂොප් එකේ මෙච්චර ලාභෙට විකුණන්නේ. සුළුවට රෙදි ව්‍යාපාර කරන කුඩා වෙළෙඳ ව්‍යාපාරිකයෝ පවා ප්‍රදීප් ගෙන් මේ ෂොප් එකට ඇවිල්ලා එහෙම ඇඳුම් පැළඳුම් තොග පිටින් අරං ගිහිල්ලා විකුණගන්න, ප්‍රදීප් අවස්ථාවකුත් හදලා දීලා තියෙනවා.
ඉතින් අපි අර මුලින් කිව්වා වාගේ අඩු මුදලකින් බ්‍රෑන්ඩඩ් ඇඳුමි පැළඳුම් අවශ්‍ය නම් ඔබ වරක් දළුපත ඩිපෝ හන්දියේ තියෙන මේ ප්‍රදීප්ගේ ෂොප් එකට ගිහිල්ලා බලන්න. මේ දවස්වල එතන ලොකු සේල්ස් ප්‍රමෝෂන් (අලෙවි ප්‍රවර්ධනයක්) එකකුත් තියෙනවා. ඒ තමයි
කාන්තාවන් සඳහා විකිණීමට තියෙන විවිධ විලාසිතාවන්ගෙන් යුත් ගවුමක් මිලදී ගත් විට තවත් ගවුමක් නොමිලේ ලැබෙනවා. මේ වාසියත් තියෙන නිසාම නිකමට වාගේ වරක් හෝ ප්‍රදීප්ගේ දළුපත, ඩිපෝ හන්දියේ තියෙන, පැක්ටරී අවුට් ලට් ෂොප් එකට ගොඩ වෙලා යන්න, අමතක කරන්න එපා.
වැඩි විස්තර සඳහා කතා කරන්න :
ප්‍රදීප්-. 077 562 56 16

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article