spot_img
spot_img
Wednesday, May 8, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුව දුම්රිය ස්ථානයේ පිටත රැඳී සිටින මගීන්ට වැසිකිලි ප්‍රශ්නයක්

Must read


මීගමුව දුම්රිය ස්ථනයේ සිට දුම්රියක් පැමිණෙන තුරු බලා සිටින මගීන් හට නිසි වැසිකිලි පහසුකම් නොතිබීම මේ වන විට බරපතල ප්‍රශ්නයක් වී තිබේ.මීගමුව දුම්රිය ස්ථානය යනු උදෑසන සිට රාත්‍රි දහය පමණ වන තෙක් මගින් දහසකට අධික පිරිසක් කොළඹ දෙසට සහ පුත්තලම දෙසට දුම්රිය මගීන් තම ප්‍රවාහන සේවා සපුරා ගැනීමට පැමිණෙන ලංකාවේ ප්‍රධානතම දුම්රිය ස්ථානයකි. එලෙසම මීගමුව යනු සංචාරක ආකර්ෂණය දිනු පුරවරයක් වන නිසාම විදේශ සංචාරකයන් ද බහුලව පැමිණෙන දුම්රිය ස්ථානයක් ලෙසද මීගමුව දුම්රිය ස්ථානය නම් කළ හැකිය.මීගමු දුම්රිය ස්ථානයේ නිලධාරීන් බොහෝ විට අදාළ දුම්රිය සඳහා ප්‍රවේශපත් නිකුත් කරන්නේ දුම්රිය පැමිණීමට සුලු වෙලාවකට පෙරාතුවය. එලෙසම දුම්රිය ස්ථානයේ ඇති දැන්වීම් පුවරුවක සඳහන් වන්නේ ප්‍රවේශ පත්‍රයක් නොමැතිව දුම්රිය වේදිකාවට (දුම්රියට නගින බසින) ඇතුල්වීම තහනම් බවයි. එලෙස ප්‍රවේශ පත්‍රයක් නොමැතිව දුම්රිය වේදිකාවට ඇතුළුවහොත් දඩය වශයෙන් රු.3000/= ක් ගෙවිය යුතු බවද එම පුවරුවේ සඳහන්ය
එමෙන්ම දුම්රිය ස්ථානයේ ඇති වැසිකිලි ස්ථාපිත කර ඇත්තේ දුම්රිය වේදිකාවෙන් ඇතුළු වන කොටසකය. බොහෝ විට ඒවා ඇත්තේ දොර ගුළු දමා වසා දමාය . දුම්රිය ස්ථානයේ නිලධාරින් පවසන්නේ එලෙස එම වැසිකිළිවල දොරවල් වලට අගුළු දමා වසා දමා ඇත්තේ දුම්රිය මගින් නොවන වෙනත් පිටස්තර පුද්ගලයින් පැමිණ එම වැසිකිලි අපවිත්‍ර කරන නිසා බවයි . එමෙන්ම දුම්රිය ස්ථානයේ නිලධාරින් පවසන්නේ දුම්රිය මගියෙකුට එවැනි හදිසි අවශ්‍යතාවයක් ඇති වුවහොත් ඒ පිළිබඳව දුම්රිය ස්ථානයේ රාජකාරී කරන සේවකයෙකුට කතා කර දුම්රිය ස්ථානයේ වැසිකිලියක දොර විවෘත කර ගැනීමට අදාළ වන යතුර ලබා ගත යුතු බවද ඔවුන් පවසයි. මේ සඳහා බොහෝ වේලාවක් ගතවනු ඇත. එලෙසම සමහර මඟීන් පවසන්නේ මෙලෙස අගුළු දමා වසා දමා ඇති වැසිකිලි බොහෝ විට ඇත්තේ ඉතා අපිරිසිදු මට්ටමක හා අපවිත්‍ර තත්ත්වයක බවයි.බොහෝ විට වැසිකිලි භාවිතා කළ පසු ජලය නොගැසීමෙන් මෙම වැසිකිළිවලින් සමහර අවස්ථාවලදී නික්මෙන දුර්ගන්ධය ඉවසාගත ගත නොහැකි මට්ටමක පවතී. එමනිසා ප්‍රවේශපත්‍රයක් නිකුත් කර නොමැති අවස්ථාවක දුම්රියක් පැමිණීමේ බලාපොරොත්තුවෙන් සිටින වේදිකාවෙන් පිට එනම් දුම්රිය ස්ථානයේ පිටත පරිශ්‍රයේ සිටින මගීන්ට හදිසියේ හෝ මුත්‍රා කිරීමට සිදුවුවහොත් ඔවුන් ඒ අසල අතහැර දමා තිබෙන කුඩා කඩ කාමරයක් වැනි ගොඩනැඟිල්ලක් සහිත වල් බිහි වී ඇති ප්‍රදේශය තෝරා ගන්නා අවස්ථා ඕනෑ තරම් දැක ගත හැකිය.
මෙම තත්ත්වය මත දුම්රිය ස්ථානයේ සේවකයන්ට මේ වන විට සිදු වී ඇත්තේ එම අතහැර දමා තිබෙන කඩ කාමරය සහිත වල් බිහි වී ඇති ප්‍රදේශයේ ” මෙම ස්ථානයේ මුත්‍රා කිරීම සපුරා තහනම් ” යැයි සඳහන් දැන්වීම් ප්‍රදර්ශනය කිරීමටය


නමුත් මීගමුව දුම්රිය ස්ථානයට පැමිණෙන බොහෝ දෙනෙකුගේ අදහස වන්නේ එක්කෝ දුම්රිය දෙපාර්තමේන්තුව මගින් හෝ නැත්නම් මීගමුව මහා නගර සභාව මගින් හෝ මීගමුව දුම්රිය ස්ථානයේ එළිමහනේ හෝ දුම්රිය ස්ථානයෙන් වෙනමම කොටසක දුම්රිය ස්ථානයේ පිටත සිටින පිරිස් සඳහා පොදු වැසිකිලියක් හෝ දෙකක් ඉදිකළ යුතු බවයි. එමෙන්ම ඒවා නිසියාකාරයෙන් පිරිසිඳුව හා සෞඛ්‍යාරක්ෂිතව පවත්වාගෙන යෑම සඳහා දුම්රිය ස්ථානයේ සේවකයන් නොවන වෙනත් සනීපාරක්ෂක සේවකයින් කීහිප දෙනෙකු යොදවා එම කාර්යයන් සිදු කළ යුතුව ඇත. එහිදී එම වැසිකිළි භාවිතා කරන අයගෙන් යම් සාධාරණ මුදලක් අය කර ගැනීමද අනිවාර්යෙන්ම කළ යුතු කාර්යයක් බව ද දුම්රිය ස්ථානයට පැමිණ සිටි මගීන් බොහෝ දෙනෙකුගේ අදහසයි. එසේ නොවන්නට මුත්‍රාකිරීම සපුරා තහනම් යැයි දැන්වීම් පුවරු කෙතරම් ගණනක් ප්‍රදර්ශනය කළත් ඉන් පලක් නොවනු ඇත.ඒ සඳහා ස්ථිර විසඳුමක් ලෙස මගීන් බොහෝ දෙනෙක් යෝජනා කරන පරිදි දුම්රිය ස්ථානයේ පිටත රැඳී සිටින පිරිස වෙනුවෙන් වැසිකිලි කිහිපයක් අනිවාර්යෙන්ම ඉදි කළ යුතුව ඇත.

W.P.රොහාන්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article