spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

අතක කළු තිතක් ඇති අයෙක් දුටුවොත් වහාම පොලීසියට කතාකරන්න.

Must read

අල්ල මත කළු තිතක් ඇති අයෙක් දුටුවොත්, වහාම පොලීසිය වෙත දුරකථන ඇමතුමක් ලබාදීමට කටයුතු කරන්න. මොකද , කළු තිතෙන් අදහස් කරන්නේ එම පුද්ගලයා කරදරයට පත්වී සිටින බවයි.

මෙම කළු තිත් ව්‍යයාපරය ෆෙස්බුක් සමාජ ජාල වෙබ් අඩවිය තුලින් ආරම්භ උනේ ගෘහස්ත හිංසනයේ ගොදුරු බවට පත්වී සිටින අයව පහසුවෙන් හඳුනාගැනීමටයි. යමෙකුගේ අල්ල මත එවැනි කළු තිතක් දක්නට තිඛෙනවානම්, ඔහුට හෝ ඇයට ඔබේ උදව් උපකාර අවැසි බව හොඳින් මතක තබාගන්න.

නිවස තුලදී ඔබ කායිකව හෝ මානසික වශයෙන් හිංසනයට ලක්වෙනවානම්, කරුණාකර ඔබේ අල්ල මත කළු තිතක් සලකුණු කරගන්න අමතක කරන්න එපා. ඔබ අනතුරට පත්ව සිටින බව සහ ඔබට උපකාර අවැසි බව ප්‍රදර්ශනය කිරීම සඳහා භාවිතා කළහැකි ඉතාමාත්ම ප්‍රායෝගික ක්‍රමවේදයක් ලෙස එය හඳුන්වන්නට පුළුවන්.ල අදපැබ ේියසදබල ජය්එල පැ්ක චක්බල නසඑජයැබ ල දෙදාි
වද හිංසාවන් පමුණුවන පුද්ගලයාගේ ආරක්ෂාව යටතේ, පැය 24ම සිටින්නට සිදුවෙන නිසා, ගෘහස්ත හිංසනයට ලක්ව සිටින බොහෝ දෙනෙක්ට තමන් විඳින වද වේදනාවන් පිළිබඳව වෙනත් කෙනෙක්ට පවසන්නට අවස්තාවක් ලැඛෙන්නේ නැහැ. නොදුටු ලෝකයට වාර්තා වෙන පරිදි , මෙම කළු තිත් ව්‍යාපාරය ආරම්භවී පැය 24ක් ගතව යන්නටත් මත්තෙන් විශාල ප්‍රසිද්ධියක් සහ ප්‍රතිචාරයක් ඒ සඳහා ලැබී තිඛෙනවා. අප නොදැන සිටියාට ගෘහස්ත හිංසනයට ලක්ව අනේක වද වේදනාවන් විඳින පුද්ගලයින්ට (විශේෂයෙන්ම කාන්තාවන්ට) මෙමගින් ලැඛෙන්නේ වචනයෙන් විස්තර කිරීමට පවා ආපසු උපකාරයකි.

ගෘහස්ත හිංසනයෙන් දිවිගලවාගත් කාන්තාවකගේ ජීවන කතාව.

මම දරුවෙක් ලැඛෙන්නට ඉන්න අම්මා කෙනෙක් , එහෙත් මගේ සැමියා කායික සහ මානසික වශයෙන් මට නොයෙකුත් වද වේදනාවන් පමුණුවනවා. වෛද්‍ය පරීක්ෂණයක් සිදුකරගැනීම සඳහා ඊයේ දිනයේදී වෛද්‍යවරයා වෙත ගියත් ඔහු මගේ ලගින් හෙල්ලුනේවත් නැහැ. නමුත් මට ඇඳ මත දිගාවෙන ලෙස පවසා තිරරෙදි වැසීමට වෛද්‍යවරයා කටයුතු කල නිසා, මම වහාම ක්‍රියාත්මක වී වෛද්‍යවරයාගේ අත ගෙන (මට උදව් කරන්න) යනුවෙන් වචන කිහිපයක් ලිව්වා. මෙම ව්‍යාපාරයෙන් මට ලැබුණු සහනය කෙතරම්ද යත් උදව් ඉල්ලීම සඳහා එක් වචනයක්වත් ප්‍රකාශ කිරීමට අවැසි වුනේ නැහැ. උදව් ඉල්ලීමට අවැසි කරන මානසික ශක්තිය මට මෙම ව්‍යාපාරය මගින් ලැබුනා. එම වෛද්‍යවරයාට සහ කළු තිත් ව්‍යාපාරයට ස්තුති වන්ත වෙන්න මම දැන් ආරක්‍ෂිත ස්ථානයක දිවි ගෙවනවා.

මෙම ව්‍යාපාරය අප රට පුරාද ප්‍රචලිත කිරීමට හැකි වුනොත් ගෘහස්ත හින්සයට ලක්ව සිටින අම්මා වරුන්ගේ, සහෝදරියන්ගේ සහ කුඩා දරුවන්ගේ ජීවිත රැසක් බේරාගන්නට හැකිවෙනාවට කිසිඳු සැකයක් නැහැ. මෙම ව්‍යාපාරය පිළිබඳව ඔබ දරන මතය පහතින් සඳහන් කරන්න.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article